(ඉන්දිකා රාමනායක)
අලුත් අවුරුදු සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 8000 ක් යොදවා දිවයින පුරා මෙහෙයුම් සිදුකරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මෙම මෙහෙයුම්වලදී බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ස්වසන වායු උපකරණ 25,000 ක් මෙරට ගෙන්වා ඇති බවත් හෙට (9) දිනයේ එම උපකරණ පොලිස් ස්ථාන වෙත බෙදා හරින බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
පසුගිය වසරේ අවුරුදු සමයේ 10 වැනි දින සිට 20 වැනි දින දක්වා දින දහයක කාලය තුළ සිදු වු රිය අනතුරු වලින් පුද්ගලයන් 135 දෙනෙක් මියගොස් තවත් 750 දෙනෙක් තුවාල ලබා සිටි බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මෙම සංඛ්‍යාලේඛන අනුව දින 10 ක කාලය තුළ දිනකට පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් 75 දෙනකු තුවාල ලබා සිටින බවද හෙතෙම කියා සිටියේය.
යම් කිසි පුද්ගලයකු අවුරුදු සමයේ සාදයකට ගොස් මත්පැන් පානය කරන්නේනම් ඔහු ගේ රථ ධාවනයෙන් වැළකි යුතු බවද පොලිසිය දන්වා සිටියි.
ඒ සඳහා රියදුරකු රැගනෙ යායුතු බවත්, වෙන් කිසියකු රැගෙන යාමට පුද්ගලයකු සිටීනම් බීමතින් රථ ධාවන නොකර පොදු ප‍්‍රවාහයක් හො කුලී රථයක් භාවිතා කරන ලෙසට පොලසිය ඉල්ලා සිටියි.
මෙමගින් බීමතින් රථ ධානයෙන් සිදුවන අනතුරු වළක්වා ගත හැකි බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩකොල අසූදහක් විතර ලියන්න පුළුවන් රුපියල් මිලියන එකසිය හැත්තෑ හයක් විතර ආදායමක් ලබන්න පුළුවන්
ලංකාවේ විනයක් නැති රියදුරන් නිසි මගට ගත හැකි එකම ක්‍රමය නම් ඇගට දැනෙන්නට දඩ ගැසීම පමණයි.