(සුජිත් හේවාජුලිගේ, ආරියරත්න රණබාහු සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ විවාහවීමේ අවම වයස 18 ක් බවට පත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් කෑගලු දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රීනී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පාර්ලිමේන්තුවට අද (08) ඉදිරිපත් කළාය.
පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වෙයි.
‘‘මෙරට ළමයින් අඩු වයසින් විවහ වීම වළක්වාලීමේ අරමුණින් සියලු ජනකොටස් සඳහා විවහ වීමේ කෙටුම්පතක් අවුරුදු 18 ක් බවට පත් කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ පනත් කෙටුම්පතක් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.එම පනතට අනුව විවහ වීමේ අවම වයස පහත ලෙස සඳහන් වන අතර එය ගැසට් නිවේදනයේ පළ කර තිබේ.
මෙම පනත බලාත්මක වීමෙන් අනතුරුව සිදුකරනු ලබන කිසිඳු විවාහයක් එකී විවාහයකට වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලැබ නොමැති නම් වලංගු නොවිය යුතුය.
එමෙන්ම වයස , ජාතිය , ආගම , භාෂාව , කුලය , ස්ත්‍රී පුරුෂභාවය , දේශපාලන මතය , උපන් ස්ථානය වෙනත් ඕනෑම කරුණක් නොතකා සියළු දෙනාම සඳහා සමාන ආරක්ෂාව ශ්‍රී ලංකාව තහවුරු වී ඇති බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
අඩු වයසින් සිදු කරන විවාහය හේතු කොටගෙන ළමයින් ලිංගික අපයෝජනය ඇතුළුව ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම දැක්වීම සඳහා මෙම පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා වැදගත් යෝජනාවක්... විවාහයකට ජාති, කුල, ආගම් අදාළ නොවිය යුතුයි. ඒ වගේම දෙමව්පියන්ගෙන් අවසර ඇතිව අඩු වයසින් කරන විවාහ තහනම් විය යුතුයි.
ඉතාම හොඳ යෝජනාවක්.., ප්‍රමාද වී හෝ නිවැරදි දෙය කිරීම ගැන සතුටුයි.
මොන කෙටුම්පතක් ගෙනාවත් වැඩක් නැහැ.
ඉතා හොඳයි
මෙම නීතිය රටේ සියලුම දෙනාට බලපාන අන්දමට ක්‍රියාත්මක වීමද වැදගත්. නැත්නම් වෙන්නේ අර " පුංචි පවුල රත්තරං " කියල පටන් ගත්ත වැඩ පිළිවෙලේ අනිත් එක. එක පළාතකට හෝ එක පිරිසකට හෝ වෙනම නීති ක්‍රියාත්මක වෙන එක එච්චර හොඳ දෙයක් නෙවේ.
මිනිසාව මවපු දෙවියෝ නැතිනම් ස්වභාව ධර්මය විසින් විවාහ විය යුතු වයස තීරණය කරලා ඉවරයි. ඒ තමයි ගැහැණු දරුවෙක් වැඩිවිය පත් වෙන වයස. ඒ අනුව අවුරුදු 15 නැතිනම් 16 පසුවෙද්දී විවාහ වුනොත් ඔවුනට ලැබෙන දරුවා දෙමව්පියන් දුබල වීමට කලින් තවත් පරම්පරාවක් බිහිකළ හැකි වැඩිවිය පත් දරුවන් ලොවට දායාද කර දෙනවා. එවිට දෙමව්පියනට ජිවිතයේ සැන්දා යාමය විවේකිව ගතකල හැකි වෙනවා සිය මුණුපුරන් සමග. සමහරවිට තම දරුවන්ට ඒ මුණුපුරන් ඇති දැඩි කිරීමටත් සහය වෙමින්. විවාහ වයස ඉහල දැමීමෙන් මේ සියල්ල කණපිට පෙරළෙනවා.
ඉතාම හොඳ යෝජනාවක් , පුරවැසියන් සියලු දෙනාටම අදාල නීතියක් රටක තිබිය යුතුය නැතිනම් රට අවුල් ,
මේ අදහස නීති ගත කිරීම ඉතාම වැදගත්ය. අනික් දෙය තමයි , උඩරට කසාද, පහත රට කසාද , මුස්ලිම් නීති කසාද, එකම නීතියක් යටතට ගෙන ආ යුතුය.
ඇත්තටම හරිනම් ඕක වයස 21 කරන්න ඕනේ. අවුරුදු 18 කියන්නේ ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ ඉන්න ළමයින්ගේ වයස. කායික සහ මානසික අතින් තවම වැඩෙන ළමයි. රටේ හැමෝටම එකම නීතිය බලපාන ලෙස වයස 21ත අඩු අයට විශේෂ හේතුවක් නැතිනම් විවාහ වීම වලකා මෙම නීතිය ගෙනෙනවා නම් යහපත්.
මම හිතනවා විවාහ වෙන වයස මොකද්ද කියල රජය කියල දෙන්න අවශ්‍ය නැහැ කියලා. අවශ්‍ය වන්නේ පවුල, විවාහය, ළමා ළපටි හදා ගැනීම වගේ දේවල් පිළිබඳව අවබෝධයක් සහ මේවා ගැන තිබෙන වගකීම ගැන තරුණ පරම්පරාවට තේරුම් කර දෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. බොහෝ දියුණු රටවල තිබෙන ප්‍රශ්නය තරුණ කාලයේදී විවාහ නොවීමයි.