(තිළිණි ද සිල්වා )
ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සටන්කාමී සංවිධාන අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හා දැනට ඊශ්‍රායලය තුළ පවතින කලබලකාරි තත්ත්වය විශේෂ අවධනයෙන් සිටින්නැයි ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත.
විශේෂයෙන්ම පවතින වාතාවරණය තුළ පිරිස වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථානවල ගැවසීමෙන් හා අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැළකී සිටින්නැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒරට රැදී සිටින ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටී.
යම හෙයකින් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් සිය ගමන් බලපත්‍ර තමා සන්තකයේම තබා ගැනීමට කටයුතු කරන ලෙසද තානාපති කාර්යාලය ඒරට රැදි සිටින ලාංකිකයින්ට දැනුම් දී ඇත.
කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපත් වන බව සදහන් වේ.
මේ වන විට ශ්‍රි ලාංකිකයින් 5000 කට ආසන්න පිරිසක් ඊශ්‍රාලයේ සේවය කළ බවද ශ්‍රී ලංකා කානාපති කාර්යාලය කියා සිටී.
2025 නොවැම්බර් මස 04
417
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2188
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවධානයෙන් සිටින්නැයි ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට උපදෙස්
මුණසිංහ Sunday, 16 May 2021 02:51 AM
මාර උපදෙස් ටිකක් දීලා තියෙන්නේ. ඒ ටික කියනකම් ඒ ඉන්න අයට එහෙම හිතිලා නැතුව ඇති.... මෙහෙමත් නිලධාරින්... ඔය වගේ වෙලාවට එයාලගේ ආරක්ෂාවට යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ. අවධානයෙන් ඉන්න එයාලා කියන්න ඕනෑ නැහැ.
Bamunuarachchi Sunday, 16 May 2021 02:57 AM
හැකි සෑම අවස්ථාවකම ඊශ්‍රායල් හමුදාවට උදව් කරන්න මුස්ලිම් ත්‍රස්තයින් ලෝකෙන් ඉවත් කරන්න...
විජිත් Sunday, 16 May 2021 10:52 AM
"..යම් හෙයකින් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් සිය ගමන් බලපත්‍ර තමා සන්තකයේම තබා ගැනීමට කටයුතු කරන ලෙසද තානාපති කාර්යාලය ඒරට රැදි සිටින ලාංකිකයින්ට දැනුම් දී ඇත...." මේගොල්ලෝ කතාකරන්නේ " මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් " ටක් ගාලා " ලංකාවට ගෙන්නගන්නවා " කියනවා වගේ. අර මැද පෙරදිග අවුරුද්දක් විතරම ලංකාවේ මිනිස්සු දුක් විඳිනවා ලංකාවට ඒමට බැරුව.. එහෙම තියෙද්දී මේ ගොල්ලන්ගේ කතාව කොහොමද..? ඔය බොරුවලට නම් රැවටෙන්න එපා. ලොකු ප්‍රශ්නයක් වුනොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුද මුක්ත ප්‍රදේශයකට යන්න.