( කපිල කුමාර)

අයගම  දුම්බර දෙමළ විද්‍යලයේ පැවතෙන තාවකාලික අවතැන් කඳවුරේ සිටි පවුල් 27 ක සාමාජිකයින්  64 දෙනෙකුගේ කල පීසිආර් පරීක්ෂණ වලදී ඉන් 21 දෙනෙකු කොවිඩ් ආසාධිතයින්  ලෙස   හදුනා ගත් බව අයගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍යනිළධාරි කාර්යාලය පවසයි.

ඉකුත් 4 වෙනිදා මෙම ප්‍රදේශයේ  ඇටහැරියාගොඩ, දුම්බර රෝහල අසල ගල්වංගුව, නොම්බර හතර සහ නොම්බර පහ යන ප්‍රදේශ නාය යාමේ  අවදානමට ලක් වු නිසා එම ප්‍රදේශවල පදිංචි පවුල් 65ක සාමාජිකයින් 176 ක් දුම්බර මහ විද්‍යාලයේ තාවකාලිකව නැවැත්වීමට අයගම ප්‍රාදේශිය ලේකම් සුරංග ප්‍රදීප් කුමාර මහතා පියවර ගන්නා ලදි.

මෙහිදී නිරෝදායනයට ලක්ව සිටි පවුල් 27ක සාමාජිකයින් 64 දෙනෙකු  අයගම ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍යනිළධාරි කාර්යාලයේ උපදෙස් මත දුම්බර දෙමළ විද්‍යාලයේ නවත්වන ලදි.

පසුව දුම්බර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මූලිකත්වයෙන් කරණලද  පීසීආර් පරීක්ෂණවලදී මේ බව තහවුරුවී තිබේ.