
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි)
කරුවලගස්වැව එරඹුදුගස්වැව ගල් වලකට වැටි දින තුනක් අසරණව සිටි මාස තුනක අලි පැටවකු 22 දින උදෑසන බේරා ගත් බව කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලය කියයි.
තබ්බෝව අභය භුමියට අයත් එරඹුදුගස්වැව ප්‍රදේශයේ පිහිටි අලියා වැටුනවල නැමති ස්භාවික ගල් වලකට මෙම අලියා වැටි දින තුනක් තිස්සේ නිරාහාරව සිටින බවට ගවයින්ට තණ කැවිමට ගිය පුද්ගලයකු වනජීවි නිලධාරින්ට දැනුම් දී ඇත.
මෙම අලි පැටවා ගල් වලට වැටිමේන් පසුව වල් අලි රංචුවක් අලි පැටවා ගොඩ ගැනිමට දැවැන්ත උත්සහයක් ගෙන තිබුනද ගල්වලේ ගැඹුරත් සමග එය අසාර්ථක විමේන් පසු අලි පැටවා දමා රංචුව ගොස් තිබු බව කියයි.
කෙසේ වෙතත් වනජීවි නිළධාරින් දැවැන්ත උත්සහයක් ගෙන ගල්වලේ සිටි මාස තුනක අලි පැටවා ගොඩ ගෙන කරුවලගස්වැව වනජීවි කාර්යාලයට රැගෙන විත් ප්‍රතිකාර සදහා අනුරාධපුර පණ්ඩුලගම වනජීවි කාර්යාලයට රැගෙන යාමට කටයුතු කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අහිංසක සතා... ඒ අලි අම්මා කොතරම් අමාරුවෙන් තම පැටවා අත්හැර යන්නට ඇද්ද.... මෙම සත්ක්‍රියාවට සහබාගිවු සැමට යහපත්ම වේවා .... හොදක්ම වේවා........