(නිමන්ති රණසිංහ)
අලි ඇතුන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනයේ දී වංචනිකව හෝ හිතා මතා හෝ බලපෑමක් මත තමන්ට පැවරී තිබූ බලතල නිසි ලෙස ක්‍රියාත්මක නොකළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන කිහිපයක් අද (21) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇත.
මෙලෙස බලතල නිසි ලෙස ක්‍රියාත්මක නොකළ රාජ්‍ය නිලධාරීන් අතර නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවලට සහ අදාල අමාත්‍යාංශ මේ සඳහා වගකිව යුතුව ඇතැයිද එම පැමිණිල්ලෙන් පරිසර සංවිධාන පෙන්වා දී තිබේ.
ඒ අනුව, මෙම විමර්ශනයේදී සිදුවී තිබෙන අයථා ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කර අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 112, 188, 189, 190 සහ 289 යන වගන්ති ප්‍රකාරව සහ පොදු දේපල පනත මෙන්ම වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ එම නිලධාරීන් සම්බන්ධයෙන් අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද එම පැමිණිල්ලෙන් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත .
COMMENTS