IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 20,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවු කහවත්ත ඇන්දාන පොලිස් මුරපොලේ හිටපු උප පොලිස් පරීක්‍ෂවරයකුට වසර 8ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට රුපියල් 10,000/- ක දඩයක් ද අද (12) නියම කළේය.

විත්තිකාර හිටපු උප පොලිස් පරීක්‍ෂවරයාට නියම කළ වසර 8ක සිරදඬුවම වසර 4ක කාලයකින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට ද විනිසුරුවරයා නියම කළේය


සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ රංජනී සෙනෙවිරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කෙරිණි.

විත්තිකරුට එරෙහි චෝදනා අල්ලස් කොමිසම විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කහවත්ත ඇන්දාන පොලිස් මුරපොලේ උප පොලිස් පරීක්‍ෂවරයකු ලෙස කටයුතු කළ ටී. පුන්‍යවර්ධන නමැත්තාටය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ ද ඬුවම් නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ රංජනී සෙනෙවිරත්න මහත්මිය පෙනී සිටියාය.
 
 



අදහස් (4)

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

Raveendra Tuesday, 12 March 2019 12:12 PM

මෙවන් නිල ඇදුමට මුවාවී සමාජයක් විනාශ කිරීමට උදව් දෙන අයට නිසි දඩුවම් දීම පිලිබදව ගරු අධිකරණයටත් ගරු විනිසුරුතුමාටත් අප හිස නමා ආචාර්ය කරන්නෙමු.

:       0       21

Kumar Wednesday, 13 March 2019 02:13 AM

අන්තිමට සිදුවී ඇත්තේ පොලිස් හොරා රු 10,000 ලාභයක් ලැබීමයි...... ඇමෙරිකාවේ නම් මේකාගේ දෙපොලත් රාජ සන්තක වෙනව. ලංකාවේ කුඩු මුදලලිලව නලවනලව ඉන්නවානෙ.

:       0       0

sarath Wednesday, 13 March 2019 02:38 AM

අල්ලස් අරගෙන බේරගන්න හදල තියෙන්නේ සමාජෙට විසක් වුනු කුඩු වෙළෙන්දෙක් ..අල්ලස් අරගෙන මිනිස්සු කොහොම කාල ඇඳලා ඉන්නවද මන්දා.

:       0       0

wedage Wednesday, 13 March 2019 05:33 AM

කොහොමත් කහවත්ත පොලිසිය ඉතාම නරක එකක්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site