IMG-LOGO

අල්ලස් ගත් නිකවැරටිය ප්‍රා. සබේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පස් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 425,000 ක් ලබා ගනිද්දී නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද (2) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 
 
සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ නිකවරටිය පුත්තලම පාර හෝටල් පරිශ්‍රයකදී බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරිය සඳහන් කළාය.
 
පස් ව්‍යාපාරය කිසිදු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දීමට හා එක් ගමන් වාරයකට රුපියල් 1000 බැගින් ලබාදෙන ලෙස ඉල්ලා මෙම මුදල ලබා ගනිද්දී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වැඩිදුරටත් කීවාය. 



අදහස් (3)

අල්ලස් ගත් නිකවැරටිය ප්‍රා. සබේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Raveendra Tuesday, 02 March 2021 03:45 PM

මේ ගොල්ලෑ හොර තක්කඩියාට නමක් නොමැතිද? නම මොකක්ද? ඇයි මෙතරම් බය නම කියන්න...?

:       0       6

Horeshas Dambulla Tuesday, 02 March 2021 04:18 PM

පළාත් පාලන ඇමතිතුමාගේ නම දැවෙයි කියලා බයයිද?

:       0       5

jagath Tuesday, 02 March 2021 09:51 PM

නීතියක් නැති රටක් වෙලා.. සමහරවිට මොහුට කොමිෂන් එක යවන්න බැරි වෙන්න ඇති... නැතිනම් විරුද්ධ පක්ෂයේ වෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site