(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් වැලි පැටවූ ටිපර් රථයක හිමිකරුව නීති මගින් කටයුතු නොකර මුදා හැරීම සඳහා රුපියල් විසි පන්දහසක අල්ලස් මුදලක් පොලිස් ස්ථානයේ නිල කාමරය තුළදී ලබා ගත් කොක්කඩිචොලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අද (30) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවැසීය.
රුපියල් තිස් දහසක මුදලක් පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇති බවත් එයින් විසි පන්දහසක මුදලක් ගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා පහු ගිය දවසක වීරෝධාර පොලිස් නිලධාරීන්ට සම්මාන පිදුවා. මේ උන්නැහේට ලැබුණේ නැතෙයි? මේ දුෂිත පොලිස් නිලධාරින් මුළු පොලිස් දෙපාර්තුමේන්තුවම ගද ගස්සලා අවංකව සේවය කරන පොලිස් නිලධාරීන්වත් අපහසුවට පත් කරනවා. නීතිය ක්‍රියාත්මක කරන මේ වගේ අය රජ කාලේ වගේ උල තියන්න ඕනේ. අනිත් පාගා මරුවන්ටත්පාඩමක් ඉගෙන ගන්න....