IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු අස්විය යුතු බව ගම්මන්පිල කියයි

(මුදිතා දයානන්ද) 
 
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරියගේ කතාව අනුව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු වහාම ඉල්ලා අස්විය යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (23) පැවසීය.

ඔහු මේ බව පැවසුයේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.

"හිටපු අධ්‍යක්ෂක ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය පවසා තිබෙනවා ඇවන්ගාඞ් සමාගමටත්, ගෝඨාභය රාජපක්ෂ මහතාටත් එරෙහිව නඩු පැවරුවේ දේශපාලන බලපෑම් නිසා කියලා. ඇයට හිතුමතේට නඩු පවරන්න බැහැ.  ඕනම කෙනෙකුට එරෙහිව නඩු පැවරිය යුත්තේ කොමසාරිස්වරුන්ගේ උපදෙස් මතයි.

එසේ නම් දේශපාලන බලපෑම් සිදුවිය යුත්තේ කොමසාරිස්වරුන්ටයි. කොමසාරිස්වරුන්ට එවැනි බලපෑමක් ඇති වුවාද යන්න පළමුව රටට හෙළි කළ යුතු අතර එවැනි බලපෑම් මත නඩු පැවරුවේ නම් ඔවුන් වහාම කොමිසමේ ගෞරවය රකිමින් ඉල්ලා අස් විය යුතුයි.'' 



අදහස් (11)

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු අස්විය යුතු බව ගම්මන්පිල කියයි

Sumana Monday, 23 September 2019 09:54 AM

ඔබ කියනකම් අපි බලන් හිටියේ...

:       0       0

lion Monday, 23 September 2019 10:15 AM

මේ ඉන්නේ හැම එකටම කට දාන තක්කඩියෙක්.

:       0       0

Prabha Monday, 23 September 2019 10:19 AM

වංචාවකට අහුවෙලා නඩු වැටුණු කෙනෙක් නේ මේ කතා කරන්නේ...

:       0       0

ලුම්බිණි Monday, 23 September 2019 10:31 AM

අනුන්ට ඕවා දෙන්න ඉස්සරවෙලා තමන් සුද්ධ වෙලා හිටියොත් නේද හොඳ?

:       0       0

Rizwan Monday, 23 September 2019 11:01 AM

මෙයා ලොකුවට කයිවාරු ගැහුවට මෙයාටත් තියෙනවා මිලියන 65 ක් වංචා කරපු නඩුවක් ඕස්ටේ්‍රලියානු පව්ලකට.

:       207       702

MaheeMonday, 23 September 2019 02:33 PM

මොහුට පමණක් නොව කයිවාරු ගසන, ලංකා මාතාවගේ අතිජාත පුත්‍රයන් වගේ හැසිරෙන නායකයින් බොහෝ දෙනෙකුට වංචා, දූෂණ නඩු තියෙනවා. සමහර නඩු එළියට එන්නෙම නැහැ. නමුත් අපේ කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු කියන අන්ධයින් හිතන්නේ මේ සැබෑ දේශප්‍රේමීන් කියලයි.

:       0       0

සමන්ත Monday, 23 September 2019 02:10 PM

අස්වෙනවා නම් අස්වෙන්න ඕනේ මේ වගේ පට්ට හොරු කියන හින්දා නම් නෙමේ. ඒ වැඩේ වැරදි හින්දා. මේ වගේ දූෂිතයන් කතා කරන්නේ තමන්ගේ වාසියට පළිගන්න චේතනාවෙන්මයි.

:       0       0

Chanak los angeles Monday, 23 September 2019 04:26 PM

රාජපක‍්ෂලාටම ගැළපෙන සොරෙකු වන මොහුගේ පැටිකිරියෙන් බිඳක් මොහුගේ ගෞරවය පිණිසම සඳහන් කරමි. ඕස්‌‌‌ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් ගේ ලියාපදිංචි සමාගමක් වන ඩිජිටල් නොමිනීස් සමාගමට අයත් පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4 කට වැඩි ප්‍රමාණයක් හොර ඇටෝනි බලපත්‍රයකින් ධම්මික පෙරේරාට රහසින් විකුණා ඇත. මෙම ගණුදෙනුවට මොහුගේ බිරිඳ වන ඕස්‌‌‌‌ට්‍රේලියාවේ සැඟවී සිටින දිනේෂා ගම්මන්පිලද සම්බන්ධය. එමෙන්ම බ්‍රයන් ෂෙඩික් සම කොටස්කරුවකු වන සිලෝන් ටී ගාර්ඩන් සමාගමේ තේ ඇසුරුම් කිරීමේ ගොඩනැගිල්ල සහ ඉඩම ද හොර ලියකියවිලි මගින් විකුණා ඇත. එම නඩු පිළිබඳ වෙනත් පොහොට්ටුවෝ මෙන් මොහු ද තඹයකට බිය නැත. මන්ද මෙරට චෞරයන්ටම ගිය රාජ්‍යයක් නිසා ය. එකෙකුට එකෙක් නොපරදින දූෂණ වංචාකරුවන් අතර අගතැන්පත් මෙම ගම්මන්පිළ පළාත් සභාවේ ඇමතිවරයෙකුව සිටියදී බිරිඳ දිනේෂා එම අමාත්‍යාංශ වාහනයක් අනවසරයෙන් පදවා යතුරුපැදිකරුවකු යටකර ඇත. එම අනතුරෙන්ද නීතියට වැලි ගසමින් බේරී ඇත.

:       0       0

Rata Perata Monday, 23 September 2019 04:56 PM

ඔව් ඔව්, මේ වගේ අය කියන එකම තමයි කරන්න ඕන. එක පාරක් අගවිනිසුරුතුමිය එලෙව්වා අට පාස් අය දාලා. දැන් මෙයා වෙන්නැති එහෙනම් සුදුසුම මිනිහා.

:       0       0

snake Tuesday, 24 September 2019 04:31 AM

දැන් මෙයා කියන එක තමයි කරන්න ඕන...

:       0       0

pj Tuesday, 24 September 2019 07:57 AM

ඔබ වැනි අයෙකු හෙළ උරුමයේ පිවිතුරු බවට නිගාවකි . පැත්තකට වෙලා ඉස්සර වගේ බණක් භාවනාවක් කරගෙන සිටියානම් එය රටට කරන මහඟු සේවාවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site