ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
අල්ලස් කොමිසම අක්‍රීයවීම ගැන ජනාධිපතිවරයා වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (13) පැවසීය.
එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට හේතුව කුමක්ද යන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ යුතු බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
අල්ලස් කොමිසම දේශපාලකයන්ට එරෙහි පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීමෙන් එය දේශපාලන හස්තයකට හසුව ඇති බව පෙනෙන්නේ යැයිද අනුර දිසානායක මහතා කීවේය.
ජනාධිපතිවරයා කිහිප වරක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි කී මන්ත්‍රීවරයා එය ශ්‍රේෂ්ඨාධිකරණය ද තහවුරු කර ඇති බව පැවසීය.
2025 දෙසැම්බර් මස 04
59
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අල්ලස් කොමිසම අක්‍රීය වීම ගැන ජනපති වගකිව යුතුයි
ජයන්ත මිලානෝ Wednesday, 13 March 2019 07:36 AM
එහෙම සක්‍රිය කළොත් කොහොමද? එතකොට එතුමාගේ දේවලුත් එළියට එනවනේ...
WasudewaWednesday, 13 March 2019 11:38 AM
පරණ හොරුන්ගේ FCID නඩු ඔක්කොම මාසගනන් ඇදී ඇදී යනවා. හේතුව මෙයා තමයි. පහුගිය අවුරුදු හතරේම හොරුන්ව ආරක්ෂා කලා. මහජනතාවට දැන් නම් මල පැනලා ඉන්නේ.
shyam Wednesday, 13 March 2019 07:52 AM
ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතුයි...
VajiraWednesday, 13 March 2019 10:28 AM
ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කරපු වෙලාවේ ඉල්ලා අස් විය යුතුව තිබුණා. ලැජ්ජාවක් ගෑවිලාවත් තිබුණා නම්...
Nissanka Wednesday, 13 March 2019 07:55 AM
ලක්ෂ 62ක් ජනතාවගේ බලාපොරොත්තු විනාශ කළා. මේ වගේ කළගුණ නොදත් පුද්ගලයින් ජනාධිපති ධුරයට තියා ග්‍රාමසේවක කමකටවත් සුදුසු නෑ..
Vajira Wednesday, 13 March 2019 07:59 AM
මෙයාගෙන් වුණු එකම හොඳේ... තමයි විධායක ජනාධිපති ධුරයේ ඇති අගතිය ඔප්පු කර පෙන්වීම... අනුර සහෝදරයා කෙසේ හෝ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන 20වෙනි සංශෝධනය සම්මත කරගන්න...
Sanath Kandy Wednesday, 13 March 2019 08:08 AM
ජනාධිපති කෙනෙකුට තියා සාමාන්‍ය පුද්ගලයෙකුටවත් මේ වගේ ඊයේ පෙරේදා කියපු දේ අද අමතක කරන්න පුලුවන්ද? රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්න ආව කෙනා අන්තිමේදී අගමැති කමත් දුන්නා. අඩි 6ක් යට යවන්න හදපු කෙනා ආපහු ලං කර ගත්තා.
ජුතක බමුණුආරච්චි Wednesday, 13 March 2019 08:13 AM
අවුරුදු හතරක් තිස්සේ හොරු ආරක්ෂා කරලා දැන් ආපහු ජනාධිපතිවරණය ලං වෙනකොට බොරුවට විරයා වෙන්න හදනවා. පහුගිය අවුරුදු හතරේ කුඩු අල්ලන්න මතක් උනේ නෑ.
හිට්ලර් Wednesday, 13 March 2019 09:04 AM
ජනපති ඇයට බැනල, ඇයව නීතිපති දෙපාර්තමේන්තුවට යැව්වා. අනුර ජනපතිට බයද? ගරුත්වද? හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට හේතුව කුමක්ද නොඅසා, ඉහත හේතුව කියන්න අනුරට බැරි ඇයි ? ජනපති අවසානයේ හිට්ලර්ට පාර කපාවි. රටම ලේ විලක් වනුඇත. තව මාස 7 යි.
රවින් Wednesday, 13 March 2019 09:26 AM
අක්‍රීය කලේ නැතිනම් නෑ හිතවතුන් බේරා ගන්නේ කෙසේද? අනේද කියන්නේ?
smn Wednesday, 13 March 2019 11:35 AM
විශ්වාස කරගෙන දිවි පරදුවට තබා ඡන්ද පාවිච්චි කළ මීහරකුන්ට - ඒ කියන්නෙ අපිට - පරණ සෙරෙප්පුවෙන් නෙලීම හැර දැනට කරන්නට දෙයක් නැහැ
de silva Wednesday, 13 March 2019 11:41 AM
එහෙම නම් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන්නේ නැත්තේ මොකද?