(නිමන්ති රණසිංහ)
ඔප්පුවක් සකස් කිරීම සදහා අවශ්‍ය රාජකාරි කටයුතු සිදුකරදීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ලබගත් බව කියන එරාවුර්පත්තු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අද (22) මඩකලපුවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය.
අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවෙන් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මඩකලපුව ආරියම්පදි ප්‍රදේශයේ පදිංචි එරාවුර්පත්තු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ඉඩම් නිලධාරියෙක් බවද ඔහු සදහන් කළේය.
ව්‍යාපාරිකයකුගේ ඉඩමකට අදාළ ඔප්පුවක් සකස් කිරීම සදහා අවශ්‍ය රාජකාරි සිදුකිරීමට රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති මෙම සැකකරු එම මුදල ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අද (22) මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබූ බව ද හෙතෙම පැවසීය.
මෙම සැකකරු හෙට (23) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩම් සම්බන්දව කටයුතු කිරීමේදී ප්‍රාදේශීය සභාවෙන් පටන්ගෙන කීදෙනෙක් අල්ලස් ගන්නවාද? ඉඩමක් කට්ටිකර විකුනන්න ගියොත් ලක්ෂ ගණන්වලින් අල්ලස් ගන්නේ. කොටින්ම වරිපනම් අංකය මාරුකර ගන්න ගියාම ගේ බලන්නේ එන්න පගාවක් ගන්නවා. ත්‍රී වීලර් ගාස්තු අපි ගෙවන්න ඕනේ. එන ගොයියා එකමඒරියා ගෙවල් 10 බලන්න යනවානම් පළාත් සැබා කාර්යාලයේ සිට හැම ගෙදරකටම ත්‍රී වීලර් ගාස්තු ගෙවල් 10 ටම අපි ගෙවන්න ඕනේ. මගේ ගෙට එන්න ගාස්තු රු 450 නම් අල්ලපු ගේ බැලුවත් එයත් 450 ගෙවන්න ඕනේ.