IMG-LOGO

2025 මාර්තු මස 27 වන බ්‍රහස්පතින්දා


‘අලියා හෝ හංසයා නොදුන්නොත් වෙනත් තීරණයක් ගන්නවා’

(ඩයනා උදයංගනී) 

සමගි ජනබලවේගයට අලියා හෝ හංසයා ලකුණ නීත්‍යානුකූලව ලබා නොදෙන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේ දී වෙනත් තීරණයක් ගැනීමට සිදුවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (2) පැවසීය.

එම ලකුණ කුමක්ද යන්න ඉදිරියේ දී රටට හෙළි කරන බව විපක්ෂනායකවරයා  සදහන් කළේය.

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (1) රැස්වී ලකුණ සම්බන්ධයෙන් හෝ එක්සත් ජාතික පක්ෂය ලෙස තරග කිරීමට අවසන් තීරණයක් නොගත් බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් ඡන්ද විමසීමක් නොවූ බවත් විපක්ෂනායකවරයා කීවේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (18)

‘අලියා හෝ හංසයා නොදුන්නොත් වෙනත් තීරණයක් ගන්නවා’

kamal Monday, 02 March 2020 11:12 AM

කපුටා, නරියා ඔය තව තියෙන්නේ...

:       391       381

ගිහාන් Monday, 02 March 2020 11:44 AM

ආඳා හොඳයි. ලිස්සලා යන්න. නැත්නම් බත්කන ගවයෙක් ගනිමු. ලකුණ අනුවනේ දිනුම පැරදුම තීරණය වන්නේ...!

:       124       116

ravi Monday, 02 March 2020 12:04 PM

ඔය, ලාංචන වාදය පැත්තකට දාලා.. මනුස්සයෙක් වගේ ඉදිරියට එන්න..! රටවල් හදන්නේ මිනිස්සු, ලාංඡන නොවෙයි...

:       2       255

liyanage Monday, 02 March 2020 02:51 PM

25 වසරක දේශපාලනයෙන් මොනවා ඉගෙන ගත්තද කියා හිතන්නවත් බැහැ. මේ කරන වැඩ දිහා බලනකොට පොඩිළමයෙක් වගේ හැසිරෙන්නේ මෝඩයෙක් නොවී අලිත් සමග ඉදිරියට යන්න. අරමුණක් සැලසුමක් නැතිව වැඩ කරන්න හැකිද?

:       32       261

raviMonday, 02 March 2020 04:24 PM

ඉස්සර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අද පොහොට්ටුවකින් පාර්ලිමෙන්තුගතවෙලා ඉන්නවා පෙන්නේ නැද්ද .. ? ඇයි අනිත් අයට එවැනි දේවල් කරන්න බැරි. ඔබතුමා ඉගෙනගන්න වෙනස්වෙන ලෝකයත් එක්ක වෙනස්වෙන්න .. !

:       1       0

මුණසිංහTuesday, 03 March 2020 06:38 AM

රවි- පක්ෂ හදන්න කලින් රටේ දේශපාලන වටපිටාව අධ්‍යයනය කළ යුතු වෙනවා. එදා පොහොට්ටුව හැදුවේ මහින්ද වටා. එයා එදා පැරදුනේ උතුරේ ඡන්ද වලින් - දකුණින් විශාල ඡන්ද පුමාණයක් මහින්ද ට තිබුණා. නමුත් සජිත්ගේ තත්ත්වය ඊට හාත්පස වෙනස්. සජිත් හිතනවනම් මහින්ද වගේ මමත් කරනවා කියල වැරදුන තැන එතනයි. ඒකයි කියන්නේ සජිත් දේශපාලනය ගැන දන්නේ නැහැ කියලා.

:       12       2

Rohan Monday, 02 March 2020 12:11 PM

මෙයාලට හැමදාම පක්ෂයේ ප්‍රශ්න එහෙම නැත්නම් ලකුණේ ප්‍රශ්න රටේ ජනතාවගේ ප්‍රශ්න මේ අයට අදාලම නැහැ.. බලයට අාවත් ප්‍රශ්න විසඳන්නේ නැහැ. මේ සැරේවත් රටේ ජනතාව මොලේ ඇතුව වැඩ කරාවිද මන්දා... එහෙම නැත්නම් වසර 72ක් එයාලා මෙයාලා කෙරුව විනාශය නැවත කරන්න 2/3 බලය පොහොට්ටුව්ට දීලා ඉල්ලගෙන කනවද? විසඳුම ඔබගේ ළඟයි.

:       525       637

kamal koyrala Monday, 02 March 2020 12:30 PM

සජිත් මහතාණෙනි, ඔබට යූ.එන්.පී පාක්ෂිකයන් කැමති නැහැ. කවුරු වුණත් නායකත්වක් තියෙන අයට කැමති ඔබගේ දේශපාලන දිවියතුල මහජනතාවට කරපු දෙයක් නැහැ. තමන්ගේ ඡන්ද ගොඩ ආරක්ෂා කරගන්න පියාණන්ගේ නම විකුණා කන නිසා, මෙතෙක් කී වතාවක් ඔබගේ ආසනය දිනාගෙන තියෙනවද? පුලුවන් නම් පියාණන්ගේ මැද කොළඹට ඇවිත් දිනන්න වැඩිම මනාපයෙන්..

:       661       611

සමන්ත Monday, 02 March 2020 12:39 PM

මෙයා දේශපාලනේ දන්නෙත් නෑ. නායකයෙක් කියන්නේ කවුද දන්නෙත් නෑ. රටක් පාලනය කරන්න තියා ගෙදරක තියාගන්න වටින්නෙත් නෑ. කිලිගේ උපදෙස් අනුව වැඩ කරලා තමනුත් පක්ෂයත් දෙකම නැති කළා. දින 52 කුමන්ත්‍රණය වෙලාවේ මෛත්‍රිගේ ළඟට වෙලාහිටියා ආණ්ඩුව වැටෙනකම් නායකයා වෙන්න. ඒත් බැරිවුණා. තාත්තා කරපු දේම පුතත් කළා. හම්බන්තොටින් නාමල් පරද්දගන්න බැරි මිනිහා, ඕනෙම නම් කකුල් මාට්ටු දාලා හරි රනිල් අයින් කරගන්න බැරි මිනිහා කොහොමද රටක් පාලනය කරන්නේ? මෙතන වෙලා තියෙන්නේ අනුන්ගේ පදේට නටන නායකයෙක් කියලා හිතාගෙන ඉන්න ප්‍රශ්නයක් තියෙන එක මිසක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නයක් නෙමේ. හා, අපි රනිල්ට යන්න කියමු. ඒත් රටක් පාලනය කරන්න පුළුවන්, ණය ගෙවන්න පුළුවන් නායකයෙක් ඉන්නවද වෙන? ඉන්නවා නම් දැනට ඒ කරු ජයසූරිය විතරයි. මෙයා නෙමේ...

:       319       325

sampath Monday, 02 March 2020 04:11 PM

"වෙනත් තීරණයක් ගන්නවා" කිව්වේ දේශපාලනෙන් අයින්වෙනවා වගේ ජනතාවාදී තීරණයක් වද්ද? සතුටේ බෑ...

:       2       92

wije Monday, 02 March 2020 04:27 PM

තමන්ගේ පක්ෂයේ ප්‍රශ්න විසදගන්න බැරි මෙයාලද මේ රටේ ප්‍රශ්න විසදන්නේ බල තණ්හාවට එකිනෙකා මරාගන්න හදනවා. ජනාධිපතිවරනයේදී මිනිස්සු මෙයාලට හොද පිළිතුරක් දුන්නා. හැබැයි ඊට වඩා හොද උත්තරයක් මේ පාර ලැබේවි.

:       0       1

මුණසිංහ Monday, 02 March 2020 04:54 PM

වයසට නොගිහින්ම දේශපාලනයට සමුදෙන්න සිදුවන පාටයි. ඉහළින් ඇති ප්‍රතිචාර ඇත්ත. මෙයා ඇත්තටම දේශපාලනයට ආධුනිකයෙක් බව දැන් පැහැදිලියි...

:       0       0

chandima Monday, 02 March 2020 04:56 PM

වෙනත් වැඩ පිළිවෙලක් කියන්නේ ඡන්දෙන් අනික් පැත්තට තුනෙන් දෙකක් නොලැබුණොත් කට්ටියක් අරගෙන ආණ්ඩුවට එකතුවෙලා, තුනෙන් දෙකේ අඩුව පුරවල දීලා, ඊළඟ ඡන්දේ කිට්ටුවෙලා අායෙත් ආපසු එන එකට නෙමේ නේද? අර කරු මහත්තයා, සිරිසේන මහත්තයා එහෙම කළා වගේ...

:       0       0

denin Tuesday, 03 March 2020 12:25 AM

ජනාධිපතිවරණයෙන් පසු ඔබේ ඡන්ද පදනම වැඩිකරගන්න ජනතා ආකර්ෂණය වැඩිකරගන්න කිසිම කටයුත්තක් ඔබ අතින් සිදුවුයේ නැහැ පක්ෂය ඇතුලේ ආරවුල් ,ප්‍රශ්න ඇතිකර ගන්නවා මිසක්. දැන් පාක්ෂිකයන් ඔබ ගැන කලකිරීමෙන් කතාකරන්නේ.

:       0       1

Bamunuarachchi Tuesday, 03 March 2020 01:53 AM

අලියා හෝ හංසයා නොදුන්නොත් වෙනත් තීරණයක් ගන්නවාලු! නැතුව වෙන මොකක් කරන්නද.?

:       0       3

lalithm Tuesday, 03 March 2020 03:57 AM

මොනවද මේ කරන්නේ ? කොන්ද පන තියෙනවනම් පොල් පිත්තක් හරි දමලා පක්ෂය ලියාපදිංචි කරලා ඡන්දෙ ඉල්ලන්න. මේ සැරේ කොහොම වෙතත් ලබන වතාවේ හරි ඉස්සරහට එන්න පුළුවන්. රනිල් මැරෙනතෙක් පක්ෂේ නායකයා වෙනස් වීමක් නැත. දිනන්නෙත් නැත. ඉන්න රාජකීය හොරු යන්නෙත් නැත.

:       0       1

jayath Tuesday, 03 March 2020 04:02 AM

" බලෙන් පුබුදන හංසයා ... බලන්න නිරුවත් දෑසින් - මොකාටද එන්නේ කියලා......

:       0       1

Bamunuarachchi Wednesday, 04 March 2020 01:37 PM

හොඳම තීරණය තමයි ඡන්දය නොඉල්ලා සිටීම. පරාජයෙන් ලබන පල්වීමෙනුත් බේරෙන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ඩෙංගු මඩින්න ඩ්‍රෝන මෙහෙයුමක්
2025 මාර්තු මස 27 35 0

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් හඳුනා ගැනීමේ මෙහෙයුමක් නුගේගොඩදී අද ආරම්භ විය.


දෙවුන්දර වෙඩි තැබීමට 4ක් අත්අඩංගුවට
2025 මාර්තු මස 27 252 0

දෙවුන්දර පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනකු වෙන්නප්පුව ප්‍රදේශයේ පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසි


ජීප් රියක් නානුඔයට පෙරැළෙයි
2025 මාර්තු මස 27 734 4

ගිනිගත්හේනේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නුවරඑළියේ සිට කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඔයට පෙරැළිමෙන් එහි සිටි දෙදෙනෙ


බවුසරය පෙරැළී රියදුරු-රිය සහායක මරුට
2025 මාර්තු මස 27 1096 1

කලවාන - මතුගම මාර්ගයේ අම්බලමහේන ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රී රබර් කිරි බවුසරයක් පෙරෙැළී අනතුරකට ලක්වීමෙන් එහි රියදුරු සහ රිය සහායක මිය ගොස් තවත් පුද්ගල


ප්‍රා.සභා තුනක නාමයෝජනා භාරගැනීම අදින් අවසන්
2025 මාර්තු මස 27 123 0

මන්නාරම, පුනාකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (27) දහවල් 12 ට අවසන් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභ


රිය අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15ක් රෝහලට
2025 මාර්තු මස 27 1040 2

හොරණ රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකු


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 424 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 655 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1333 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site