(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ මූලිකත්වයෙන් සකස් කරමින් තිබෙන නව සංචාරක පනතට ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ සියලුම ප්‍රධානම සංගම් විරුද්ධ බව සංචාරක උපදේශක සභාවේ සභාපති හිරාන් කුරේ මහතා අද (10) පැවසීය.
ශ්‍රී ලංකාව විදේශ විනියම හිඟයකින් දැඩි පීඩාවට පත්ව සිටින මේ මොහොතේ කළ යුත්තේ නව පනත් ගෙන ඒම නොවන බව කී හිරාන් කුරේ මහතා බලධාරීන්ගේ අවධානය මේ අවස්ථාවේදී වැඩි වැඩියෙන් සංචාරයන් රටට ගෙන ඒමට යෙවිය යුතු බව ද සඳහන් කළේය.
සංචාරක මණ්ඩලයේ සභාපතිනිය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පිරිස මඟ හරිමින් අත්තෝනෝමතිකව කටයුතු කමින් සිටින බවත් මෙම තත්වයට සංචාරක අමාත්‍යවරයා මැදිහත්විය යුතු බවත් කුරේ මහතා කීය.
රට ඩොලර් ප්‍රශ්නයෙන් මුදාගැනීමට ශ්‍රී ලංකාවට වැඩිම ඩොලර් ප්‍රමාණයක් උපයන ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීම මිස කර්මාන්තයේ රැදී සිටින කර්මාන්තකරුවන් අපහසුතාවට පත් නොකළ යුතු බව කී හිරාන් කුරේ මහතා පැවසුවේ සංචාරක කර්මාන්තකරුවන්ට ව්‍යාපාරයට අවධානය සහ කැපවීමට ඇති කාලය නව පනත් වැනි දේවලින් විනාශ කිරීම නොකළ යුතු බවත්ය.
සංචාරක අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි නව පනතක් සකස් කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ සිටින කර්මාන්තකරුන් ලෙස යෝජනා ලිඛිතව ලබාදුන්න ද එම යෝජනා විසිකර දමා සංචාරක මණ්ඩලයේ සභාපතිනිය ඇතුළු පිරිසක් නව පනතක් සකස් කරමින් සිටින බවත් එම පනතට සංචාරක සේවා සපයන ප්‍රධානතම සංගම් විරුද්ධ බවත් එම විරෝධතාව සංචාරක අමාත්‍යවරයාට සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බවත් සංචාරක උපදේශක සභාවේ සභාපති හිරාන් කුරේ මහතා කීය.
සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන සකස් කරන නව සංචාරක පනතකට සහයෝගය දක්වන බවත් ‘කොවිඩ්’ වසංගය ඇතිවීමට පෙර කිසිඳු බාධාවක් නොතිබුණු හොඳ වසරකදී සංචාරක කර්මාන්තයෙන් රටට ඩොලර් බිලියන 5 ත් 6 ත් අතර අති විශාල ආදායමක් ලැබුණු බවත් හිරාන් කුරේ මහතා වැඩි දුරටත් ස`ඳහන් කළේය.
නව සංචාරක පනත පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ රමාඩා හෝටලදී අද (10) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී හිරාන් කුරේ මහතා එසේ පැවසීය.
මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසුවේ රට තුළ වර්තමානයේ පවතින ඉන්ධන, ගෑස් ආදි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් කර ඇති බවත් රජය සංචාරක කර්මාන්තයෙන් ඩොලර් ඉපයීමට බලාපොරොත්තු වන්නේ නම් එම බාධා හැකි ඉක්මණින් ඉවත්කිරීමට කටයුතු කළ යුතු බවත්ය.
බලධාරීන් මේ අවස්ථාවේදී කළ යුත්තේ කර්මාන්තයේ සිටින පෞද්ගලික අංශය වෙනත් අංශයකට යොමු කිරීම නෙවන බවත් සංචාරක කර්මාන්තය තුළ බේදයන් නිර්මාණය නොකර සංචාරක මණ්ඩලය තුළ ඇති දේශීය සංචංරක අංශය මගින් කර්මාන්තය තව දුරටත් දියුණු කිරීමට කටයුතු කළ යුතු බවත් තිලක් වීරසිංහ මහතා සඳහන් කළේය.
සංචාරක කර්මාන්තයේ ධාරිතාවයෙන් සියයට 99 ක්ම පෞද්ගලික අංශය ආයෝජනයන් බවත් සංචාරක මණ්ඩලයේ ක්‍රියාත්මක වන කමිටු හතරේම වර්තමානයේ සභාපතිවරයා ලෙස එක පුද්ගලයෙක් කටයුතු කිරීම නිසා කර්මාන්ත දියුණු කිරීම වඩාත් පහසු යැයි තමන් සිතන බවත් සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අනුර ලොකුහෙට්ටි මහතා එහිදී පැවසීය.
සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති ශාන්ති කුමාර් මහතා ඇතුළු සංචාරක කර්මාන්තයට සම්බන්ධ ප්‍රධාන සංගම් හත නියෝජනය කරමින් නියෝජිතයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූප: හිමත් මතීෂ)
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
අලුත් සංචාරක පනතට ප්‍රධාන සංගම් සියල්ල විරුද්ධයි
Bunny Preena Friday, 11 March 2022 09:02 AM
හිතවත්කම සහ වෙනත් අරමුණු ඉටුකර ගැනීමට හිතාගෙන පත්කර ගන්න ගැහැණු/ පිරිමි වැඩකරන්නේ ඔහොම තමයි. දන්නේ නැතිනම් අදාළ අංශවල පරිණත පුද්ගලයින්ගේ අදහස් විමසා බලා කටයුතු කළොත් තමයි කාටත් හොඳ... මුකුත් දන්නේ නැති පිරිසක් එක්ක එකතු වෙලා සංචාරක කර්මාන්තය විනාශ වෙන්න වැඩ කරන්නේ නැතිව...
Chandana munasinfhe Friday, 11 March 2022 11:00 AM
කිසිම කෙනෙකුට සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කිසිම වුවමනාවක් නැහැ. ඔය ලොකු ලොකු පුටුවල වැජඹෙන අයගෙන් බොහොමයක් කරන්නේ තම තමන්ට ඕන විදිහේ සංචාරක ව්‍යාපාරයක්... අගේට තිබිච්ච සංචාරක මණ්ඩලය කොටස් හතරට කඩලා විනාශ කරපු ඔවුන් බලාපොරොත්තු වුණෙත් ඕකමයි. තමන්ට අවාසියක් වෙනවා නම් පනත හොඳ නැති වෙන්නයි, තමන්ට වාසියක් වෙනවා නම් පනතට පක්ෂ වෙන්නයි තමයි මේ සෙට් එක දන්නේ... අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය නම් නැවත ආයතන හතරම එක්කොට සංචාරක මණ්ඩලය බිහි කිරීමයි. තුනක් එකතු කරලා එකක් හළ ක්‍රමයට අපි එකඟ නැහැ. ගරු ජනාධිපතිතුමනි, සංචාරක මණ්ඩලයේ කපුටන්ගෙන් බේරාදෙනු මැනවි...!