
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිගේ පෞද්ගලික නීතිඥ මහත්වරුන් රටට නව ව්‍යවස්ථාවක් හදන බව ආරංචි යැයිද එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට දමා සියලු දෙනාගේ අදහස් විමසන්නැයි ඉල්ලා සිටින බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.
විධායක ජනාධිපතිවරයා ආණ්ඩුවේ අයගෙන් වත් උපදෙස් ගන්නේ නැතැයි ද මොනවා වෙනවා දැයි කියා ඇමැතිවරු පවා දන්නේ නැතැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
"ඒ නිසා මේ සිදුවන දේ වල වගකීම බාරගත යුත්තේ ජනාධිපතිවරයා යි.නව ව්‍යවස්ථාවක් හදන විට ස්වාධීන කොමිෂන් වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න.ස්වාධීන කොමිෂන් වලට නිදහස දුන්නේ නැතිනම් ජාත්‍යන්තරයේ ප්‍රසාදය ලැබෙන්නේ නැහැ.තමා අසාර්ථක වී ඇති බව ජනාධිපති ම කියනවා .ඒකට හේතුව එතුමාමයි. එතුමා කිසිම කෙනෙක් එක්ක සංවාදයක් නැහැ. තනිව වැඩ කරලා ඔහු අමාරුවේ වැටිලා.දැන් ව්‍යවස්ථා හදන්නේ ජනාධිපති ගේ නඩුවලට පෙනී සිටි අයයි .මෙය විහිළුවක්"යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය .
රටේ නීතියේ උත්තරීතර බව දිනෙන් දින අඩු වන බවට ජාත්‍යන්තර මතයක් ඇතිවී තිබෙන්නේ යැයිද යුරෝපා සංගමයේ නියෝජිත හමුවක දී ඔවුන් ද ඒ සම්බන්ධයෙන් තමාට කරුණු කීවේ යැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක්, තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ලෝයර් කෙනෙක් නේද ?මේක හැදුවත් ඕක පාර්ලිමන්ට් එකට ගෙනත් සම්මත කර ගන්න ඕනේ නේ .එතකොට ඔබතුමාට පුළුවන්නේ ඕක පරාජය කරන්න
අති බහුතරයක් ඡන්දෙ දුන්නෙ එක එක්කෙනාගෙන් අහ අහ ඉන්න නෙවෙයි.