(සුජිත් හේවාජුලිගේ)
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ නියමිත වේග සීමා සහ නියමිත දුර ප්‍රමාණ පවත්වාගෙන යමින් ධාවනයේ යෙදෙන්නැයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා
සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
තමා මෙම ඉල්ලීම කරන්නේ නව අධිවේගී මාර්ග කොටසේ සමහරුන් විනෝදයට අධික වේගයෙන් රිය ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති නිසා යැයිද ඔහු සඳහන් කළේය.
COMMENTS
දිගට හරහට දඩ ගහන්න ගාය බහිනකම්
කිලෝ මීටර් 5 න් 5ට සී.සී. ටී.වී කැමරා දැම්මා නම් අධික වේගයට දඩය තැපැල් සිරීමේ වැඩසටහනක් මඟින් ජනාධිපති වේගයෙන් ගියත් නීතිය ඒ අයුරින් ඉටු වේවි...කිලෝ මීටරයකට ලක්ෂ 35000 ක් වියදම් කල එකේ ඕක බැරි කමක් නෑනේ.
සමහරු වාහනේ යන්නේ අමුතු ගැම්මක් අරගෙන. තත්පර දෙකක් ඕවර්ටේක් කරන්න පරක්කු උනොත් ලයිට් ගහලා ඔරවගෙන පුදුම තරහකින් යන්නේ.
අධි වේග මාර්ග වල නීතිය ක්‍රියාත්මක වනවා හොඳටම මදි. CCTV සවි කරලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න .
බොහොම සුළු දෙයක් රේඩාර් පද්දතියක් සවිකරන්න. මම කටාර්වලදී දෙසැරයක් ස්පීඩ් ලිමිට් පන්නලා දඩ ගෙව්වා. වාහනේයේ වේගය, අංකය ,වෙලාව සියල්ලම සටහන් වෙලා අන්තර්ජාලයේ තිබෙනවා. අදාළ වෙබ් සයිට් එකට ගොස් වාහනයේ අංකය දුනාම ඕන බොලේ තිබෙනවා කරපු වැරැද්ද. මෙහෙ පිටත් උන වෙලාව හා එක්සිට් එකට ආපු වේලාවෙන් ගිය වේගය සටහන් වෙනවා. අතරමග වැඩි වේගෙන් ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙලා මැරුනොත් අපි ඕකුන්ට හොඳ වැඩේ කියනවා.
චීනා හදපු පාරවල්වල යන්න එහෙම අවවාද නිකුත් කරන්නෙ නෑ. අපේ කට්ටිය චීනටත් වඩා කොමිස් අරන් පාර බාල කරලා නම් පුදුම වෙන්න දේකුත් නෑ. මොකද අපේ දේ්ශපාලකයන්ට දෙවෙනි වෙන්නැති දූෂිත නිලධාරි සෙට් එකක් අපේ රට නිරන්තරයෙන් උලා කනවා.
කෙළගෙන යන අයට මුල් මාස දෙක කැමති වේගයෙන් යන්න දෙන්න. ආයෙ එන එකක් නෑ... මොකටද නීති දාලා නවත්තන්නේ... ඉල්ලපු දේ දුන්නා එයාලා කැමති තැනට එයාලම ගියා කියලා වසරක් සැපිරෙන දවසට පොඩි දානෙකුත් දීලා දාමු.
අධිවේගී මාර්ගයේ නියමිත වේගයට වඩා ගියාම පිටරටවල වගේ පොයින්ට්ස් ක්‍රමය ගේන්න ,පොයින්ට් කපන්න විනය ඉබේම ඇති වෙයි
අධිවේගයේ මන්දගාමිව යන අයටත් දඩයක් ගහන්න
සිපීඩ් කැමරා හයි කරන්න, පොලිසිය වේගයෙන් යන අයට දඬුවම් කරන්න තරාතිරම නොබලා...