(සුජිත් හේවාජූලිගේ)
“අපි මහ ඡන්දය තියන්නේ 2020දීයි. මුලින්ම තියන්නේ පළාත් සභා ඡන්දයයි” යි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අලුත් කතානායකවරයකු පත් කරගෙන ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යන බව කී දිසානායක මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුව අධිකරණ තීන්දුවට පෙර ජනාධිපතිවරයාට ඉවත් කර ගැනීමේ හැකියාව තිබෙන බවද ප්‍රකාශ කළේය.
දිසානායක මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී අද(22) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදීය.

(ඡායාරූපය- චතුර එස් කොඩිකාර)
COMMENTS
බහුතරය තිබේනම් කියව කියවා ඉන්නෙ නැතිව ඔඹේ අගමැතිට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් ගෙනවිත් ඔහුගේ බලය තහවුරු කරගන්න.
එක බලා ගන්න පුලුවන් අතුරු අයවැය ගෙනාවම...... ඇමතිකම් දලා දුවන්න වෙන්නේ....... .අයෙත් රට කන්න දෙන්නම් බලා ඉන්න....
චුට්ටක් හරි මොලේ තියෙනවනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට කලින් ගැසට්ටුව ඉවත් කර ගැනීම තමා කරන්න ඕන. මෙයාලගේ වැඩේ නිසා මහින්ද තමා අමාරුවේ වැටුනේ. අපරාදේ 2020 උඩින්ම දිනන්න තිබුනා. දැන් ඉතින් ජනමතය කණපිට ගහලා තියෙන්නේ
ඇයි, තව තුරුම්පු තියෙනවා කිව්වා නේද ?? බැලුවාම ජෝකර් කොළ වලට තුරුම්පු කියලා රැවටිලා වගේ ??
කොල්ල කාලා කාලා මදිවට ආණ්ඩුවත් කොල්ල කනවා. ඔහෙලා හොර ආණ්ඩුවක්!
ඊට කලින් බහුතරය පෙන්නලා මහින්දගේ අගමැතිකම තහවුරු කරලා දෙන්න.
මෙතන ඉන්න පිරිසිදු චරිත දැක්කහම අපට ෂුවර් අලුත් ආණ්ඩුව ඉතාම දේශප්‍රේමී ජන හිත කාමී ආණ්ඩුවක් වෙන බවට. අලුත් කතානායක තනතුරට අර එදා කතානායක ආසනේ වාඩිවුන ගරු මන්ත්‍රීතුමා හොඳයි. පොඩි එකාගේ ආසාවත් සන්සින්දෙනවනේ.
මෙය හොරාට පිස්සු වෙටිලා වගෙයි. මන්ත්‍රීලා 102 ඉන්නේ. කතානායක වෙනස් කරන්න හිතනවා.
ඔය දෙන්නම මහජනතාව එපා කිව්වා...
ඔක්කොම හොරු . මහින්දත් රටේ ඔක්කොම හොරකම් කලා. රනිලුත් මහ බැංකුව හොරකම් කලා . මිට පස්සේ අපි ඡන්දෙ දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට .
පව් අප්පා මෙයාල.. නාගෙන ඉවරවෙලා අයෙත් සබන් ගාගන්නවා...
" රංගේ ඔයා එන්නේ නැද්ද?... කොහේද? කළම්බුද?... නෑ බං , අපේ පැත්තට.."