IMG-LOGO

අලුත් ආණ්ඩුවට අසුන් පැනවීම 12 වැනිදා

 

(සුජිත් හේවාජුලිගේ)

නව අගමැතිවරයාට හා ඇමැති මණ්ඩලයට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම ලබන 12 වැනිදා සිදුකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඒ සඳහා සියලු කටයුතු සුදානම් කර ඇතැයි කී වේත්‍රධාරීවරයා නව පත් කිරීම් සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ගැසට් නිවේදන අනුව යමින් කතානායකවරයාගේද උපදෙස් ලබා ගෙන අසුන් පැනවීම කරන බව ප්‍රකාශ කළේය.

අසුන් පනවන ආකාරය කතානායකවරයා තමන්ට උපදෙස් දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවැසීය.

කතානායකවරයාගේ උපදෙස් ලැබුණු පසුව පැයක පමණ කාලයකදී අසුන් පැනවීම සිදුකළ හැකි බවද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට ආරාධනා පත්‍ර බහුතරය දැනටමත් රජයේ මුද්‍රණාලයට බාරදී ඇතැයි කී වේත්‍රධාරීවරයා සැසිවාරය විවෘත කිරීමේ උත්සවය උත්සවාකාරයෙන් කරනවාද නැද්ද යන්න රජයෙන් තවමත් දැනුම් දී නැතැයිද ප්‍රකාශ කළේය.

වේත්‍රධාරීවරයා මේසේ පැවැසුවේ මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදීය.මැතිසබයේත් , පාර්ලිමේන්තු සංකීර්ණයේත් ආරක්ෂාව බාරව පවතින්නේ  වේත්‍රධාරීවරයාටය.ජනාධිපතිවරයා විසින් වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව යළි විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදාය.

 



අදහස් (3)

අලුත් ආණ්ඩුවට අසුන් පැනවීම 12 වැනිදා

RANAWEERA Tuesday, 06 November 2018 09:51 PM

මෙහෙම වෙනස්වීම් කලොත් අපේ රට ලෝකය ඉදිරියේ හුදකලා වූ ගෝත්‍රික ජාතියක් වීම නොඅනුමානය. වැරදි කල අය නිවැරදි විය යුතුය. එ්කයි ලෝක ධර්මතාවය එසේ නොවූනොත් අසරන ඡන්ද දායකයින් පත්කරගෙන සිටින අඥ්ඥාණ දේශපාලකයො ද්වේශයෙන් හැසිරී අපේ රටට අභාග්‍යසම්පන්න කාලයක් උදාවිය හැකිය. රටේ මුලික නීතිය ඉහළින් කඩකරනවනම් පහල ගැන කවර කථාද?

:       0       0

Bamunuarachchi Wednesday, 07 November 2018 12:42 AM

මැතිවරණයකට රට තල්ලු කර දමන්න.

:       0       0

rocky Wednesday, 07 November 2018 07:58 AM

පාර්ලිමේන්තුවේ ඇතුළේ අසුන් පැනවීමත් බුකි කාරයෙකුට බාර දුන්නොත් කොහොම හිටීවිද?

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 45 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2171 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 675 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site