IMG-LOGO

අල්ට්‍රා සොනික් තාක්ෂණයෙන් හෝමාගම රෝහලේදී පිළිකා රෝගියකුට සැත්කමක්

(කේ.බුද්ධික කුමාරසිරි )
 
කිසිදු කැපුම් තුවාලයක්  රහිතව  අල්ට‍්‍රා සොනික් තාක්ෂණය යොදා ගනිමින් උගුරේ  කළ සැත්කමකින් පිළිකාවක් හෝමාගම මූලික රෝහලේදී සාර්ථකව  ඉවත් කළ බව  රෝහලේ උගුර කණ නාසය සහ බෙල්ල පිලිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිස්නි සකාෆ් මහතා  පැවසීය.


මෙම සැත්කම ශී‍්‍ර ලංකාවේ ප්‍රථම වරට සිදු කළබවද ඒ මහතා සඳහන් කළේය.


පානදුර ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගයෙකු ඊයේ (05)  මෙලෙස  ශල්‍ය කර්මයට ලක් කර තිබිණි.


එම රෝගියා සති තුනකට පමණ පෙර තමා හමු වී රෝගි තත්වය පිළිබදව පැවසීමෙන් පසු ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී උගුරෙහි හුස්ම ගැනිමට අපහසු අන්දමේ ගෙඩියක් වැනි යමක් නිරීක්ෂණයට ලක්වූ බවත්, ඉන් අනතුරුව රෝගියාට හුස්ම ගැනිම සදහා බෙල්ලෙන් පිටතට බටයක් සවිකර රෝගියාට හුස්ම ගැනිම පහසු කරවීමට ප‍්‍රථමයෙන්ම කටයුතු කළ බවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පැවසීය.


පසුව එම  ගෙඩියෙහි කොටසක් පරීක්ෂණයට භාජනය කර එය පිළිකාවක් බවට හදුනා ගැනිමෙන් පසු ට‍්‍රාන්ස්  ඕරල් එන්ඩ‍්‍රස්කොපි අල්ට‍්‍රාසොනික් තාක්ෂණය යොදා ගනිමින් රෝගියාට කිසිදු තුවාලයක් සිදු නොකට මුව තුලින් උගුර හරහා යවන ලද කැමරා භාවිතයෙන් අදාල පිලිකාවෙන් සියයට අනූ අටක පමණ කොටසක් ඉවත් කිරීමට  හැකි වී තිබේ.


ඉතිරි කොටසද වෙනත් ක‍්‍රමවේදයක් ඔස්සේ ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද උගුරේ පිළිකාවක මූලික අවධියේදි හදුනා ගැනිමෙන් පසු සියයට සියයක්ම මේ ආකාරයෙන් ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කිරීමට හැකි බවද වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පැවසීය.



අදහස් (7)

අල්ට්‍රා සොනික් තාක්ෂණයෙන් හෝමාගම රෝහලේදී පිළිකා රෝගියකුට සැත්කමක්

sandy123 Sunday, 06 January 2019 06:43 AM

මෙම සැත්කම සාර්ථකව කළ සියලුම දෙනාට රෝගියා වෙනුවෙන් මගේ ස්තුතිය ප්‍රකාශ කරමි. වෛද්‍ය රිස්නි සකාෆ් මහතාණෙනි, ඔබට ගොඩක් පින්...

:       0       148

Rata Perata Sunday, 06 January 2019 08:27 AM

මේවා දකිනකොට GMOA එකට ඉන්න බැරුව ඇති... ඒ අයට ඕනේ ඔක්කොම අවුල් කරලා වැජඹෙන්නනේ. අපේ රටේ ගරු කටයුතු දොස්තර මහතුන්ගේ නමත් කැත වෙනවා ඒ ත්‍රස්තවාදී සංවිධානය නිසා...

:       279       514

MISHAL-MATARA Sunday, 06 January 2019 11:41 AM

මෙම සැත්කම සාර්ථකව කළ සියලුම දෙනාට රෝගියා වෙනුවෙන් මගේ ස්තුතිය ප්‍රකාශ කරමි. වෛද්‍ය රිස්නි සකාෆ් මහතාණෙනි, ඔබට ගොඩක් පින්...මගේ නෑදෑයෙක් ලෙස රිස්නි මහත්මයාණෙනි පෞද්ගලිකව මම අහිංසක සතුටුක් ලබමී .. අල්ලාහ් ඔබට ආශීර්වාද කරත්වා..!!!

:       0       199

sampath Sunday, 06 January 2019 12:13 PM

අත්දැකීමෙන් සහ වගකීමෙන් කියන්නේ, වාහල්කඩ වෙදහාමුදුරුවෝ ළඟට ගියානම් පිළිකාවල් නිට්ටාවටම හොඳ කරනවා.. දින 14න් මැරෙනවා කියපු මගේම අම්මව දින 21න් නිට්ටාවට සුව කලේ ඒ හාමුදුරුවෝ.. ශත පහක්වත් මුදල් අයකරන්නේ නැහැ...පුදුමාකාරයි "පාරම්පරික" සිංහල බෙහෙතේ බලය... එතන බටහිර වෛද්‍යවරු පවා ඇවිත් බෙහෙත් කරගන්නවා... අවසාන සී.ටී. ස්කෑන් එකේ ප්‍රතිඵල බලලා බටහිර වෛද්‍යවරු පුදුමවුණා.

:       0       115

samanSunday, 06 January 2019 01:09 PM

මේ හාමුදූරුවො ඉන්නේ කොහෙද?

:       0       2

dammi Sunday, 06 January 2019 02:46 PM

නොදන්න දෙවල් ලියනකොට හරියට අහගෙන ලියන්න. මේකත් සැත්කමක් පිටට තුවාල නැති...

:       0       10

ජානක Sunday, 06 January 2019 03:55 PM

සම්පත් අපි කොහොමද ඔයාගෙන් මේ හාමුදුරුවෝ ගැන දැනගන්නේ? ඔයාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site