( පුෂ්පකුමාර මල්ලවආරච්චි )

බාදුරාගොඩ වත්තෙමුල්ල ප්‍රදේශයේ නිවසකට පැන කුඩා දැරියන් දෙනෙකු කපා කොටා දැමීමට සූදානම් වූ  අවස්ථාවේ එය වැළැක්වූ වයස්ගත යුවළක කපා කොටා තුවාල සිදු කළ බව කියන මැර කල්ලියේ සිව් දෙනාම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි කොටදෙනියාව පොලිසිය සදහන් කරයි.

‘අල්කයිඩා‘  පවුල යනුවෙන් හදුන්වන පවුලේ පුතුන් තිදෙනෙකු හා කලක් පැවිදිව සිටි එක් අයකුගේ හිතවත් චීවරධාරියෙකු මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති. 

සිද්ධියවූ පසුගිය 15 වැනිදාට පසු දින පහන් වන අවස්ථාවේදී අසල්වැසියන්ගේ සහාය ඇතිව චීවරධාරීන් දෙන්නා අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන්ගේ මවගෙන්ද දෙදිනක් තිස්සේ පොලිසිය දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස සෙසු සැකකරුවන්   ඊයේ (23) අත්අඩංගුවට ගැනීමට  හැකිවූ බව පොලිසිය කීය.

මෙම සැකකරුවන්ගේ ප්‍රහාරය ලක්වූ ලක් වූ ජී.ජී. වික්‍රමසිංහ 68 හා ඊ.කේ කුසුමාවතී 67 අඹුසැමි යුවළ මේ වන විටත් තවදුරටත් බරපතළ තත්ත්වය යුතුව වතුපිටිවල  රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙසේ අත් අඩංගුවට ගත් සැකකරුවන්  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ට ඉදිරිපත් කිරීමට නියමිතය.