(මුදිතා දයානන්ද)
අරුවක්කාලූවල හුණුගල් කැනීමේදි ඉවත් කරන රතු පසෙහි ටයිටේනියම් තිබේදැයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පරීක්ෂණ අරඹා ඇතැයි කර්මාන්ත හා සැපයුම් කළමණාකරන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අරුවක්කාලූ ප‍්‍රදේශයේ හුණුගල් කැඩිම් සිදුකරනු ලබන්නේ පෞද්ගලික සමාගමක් විසිනි. එය ලංකා සිමෙන්ති සංස්ථාවට අයත්ව තිබී පසුව පෞද්ගලිකරණය කරන ලද ආයතනයකි.
ටයිටේනියම් යනු ඉතාමත් වටිනා සැහැල්ලූ ලෝහයකි. තාපයට ඔරොත්තු දෙන ජලයෙන් හා රසායනික ද්‍රව්‍යවලින් විඛාදනයට ප‍්‍රතිරෝධයක් දක්වන ලෝහයකි. එහි ස්වභාවය අනුව විශේෂයෙන්ම ගුවන් යානා නිෂ්පාදනයේදි යොදා ගැනේ.
අරුවක්කාලූවල සිමෙන්ති නිෂ්පාදනය සඳහා හුණුගල් කැනීම් කරද්දි ඉවත් කෙරෙන පස ඉතාමත් තද රතු පැහැයක් ගන්නා අතර ඒවායේ ටයිටේනියම් අඩංගු බවට සාකච්ඡාවක් මතුව තිබේ.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පරීක්ෂන අරඹා තිබෙන්නේ එය තහවුරු කරගැනීම සඳහාය. යම් ලෙසකින් එම පසෙහි ටයිටේනියම් අඩංගු වන බව තහවුරු වුවහොත් එය කාර්මික ක්ෂේත‍්‍රයේ ඉදිරි ගමනට විශාල පිටුවහලක් වනු ඇති බවද වීරවංශ මහතා පැවසීය.
COMMENTS
කොහෙන් ඇහිඳ ගත්ත දේවල්ද දන්නේ නැහැ ... ඔහේ කියවනවා ..
ටයිටේනියම් නිධියට දෙයියන්ගේ පිහිටයි. මෙයා නිවාස ඇමති වෙලා ඉන්න කාලේ තම පවුල් සංවර්ධනය කරලා මෙයත් සංවර්ධනය උනා කියල බරපතල චෝදනා තියෙද්දී මෙවැනි කෙනෙකුට ඇමතිකම් දීමෙන් ගෝඨාභය ජනාධිපතිතුමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය පලුදු වනු නියතය. හොරුන්, දූශිතයන් පලවා හැර පොරොන්දු වූ පරිදි අවංක, බුද්ධිමත්, දක්ෂ උගතුන් ඇමති මණ්ඩලයට පත් කළ යුතයි. ජනතාව රවටන උගත් කමක් නැති කට හැකර වාචාලයන්ව පාර්ලිමේන්තුවට පත් නොකිරීම ජනතාවගේත් සියලුම දේශපාලන නායකයින්ගේත් වගකීමයි.
2/3 දුන්නොත් ටයිටේනියම් දෙනවා.
මුළු ලංකාවම දන්නා දෙයක් නුගතුන් මේ රට කරන්නේ කියලා. ලේකම් ඇතුළු ඔහු යටතේ වැඩකරන අයගේ දැනීමට කරන දෙයක්. උසස් පෙළ වත් නොකරපු කෙනෙක් කොහොමද මෙවැනි දෙයක් තේරුම් ගන්නේ ? සමීක්ෂණ කරනවා කියන්නේ වටවෙලා අතගාලා බලනවා නෙමේ. මෙවැනි කට්ටිය නිසා තමයි ජනතාවට විෂ ආහාර පාන දීලා සියලුම දෙනාට වකුගඩු අමාරු පිළිකා වැනි භයානක රෝග. මෙවර මැතිවරණයෙන් නුගත් පල් හොරු ගෙදර අරින්න.
නියමයි.. ටයිටේනියම් හමු වුනොත් ඇමරිකාවට ඒ පස් ටික දෙන්න පුළුවන්. අර හයිටියට කලා වගේ.
ඕවත් ඔක්සිජන් වගේ ජාතියක්ද ? කාලයක් උතුරු මුහුදෙන් තෙලුත් අදින්න ගිය ඔය විදියටම.