IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අරුවක්කාලුවට යන මාර්ගය වසා ප්‍රදේශවාසීහු විරෝධතාවක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
අරුවක්කාලුවට යන මාර්ගය සකස් කරදීමට බලධාරීන් මැදිහත් වනතුරු කිසිවකුට නැවත එය භාවිතා කිරීමට ඉඩ නොදෙන බව පවසා ගම්වාසීහු 100 කට ආසන්න පිරිසක් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමමින් අද ( 2 ) විරෝධතාවයක නිරත වූහ. 

මෙම මාර්ගය මේ වන විට සිමෙන්ති සමාගමක හුණු ගල් කොරිය වෙත ගමන් කිරීමට සහ ඉදිවෙමින් පවතින අරුවක්කාලු කසළ අංගනයට ගමන් කිරීමට තිබෙන එකම මාර්ගය බවත් එය අදාළ ආයතන භාවිතා කිරීම නිසා දැඩි ලෙස අබලන්ව ගමන් කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බවත් ඔවුහු කීහ.

මෙම මාර්ගය වසර ගණනක් ප්‍රතිසංස්කරණය කර නොතිබීම හේතුවෙන් එළුවන්කුලම හා ගගේවාඩිය ගම්මාන වෙත ගමන් කරනු ලබන ජනතාව දැඩි පීඩාවතට පත්ව ඇතැයිද, ඔවුහු පැවසූහ.

විරෝධතාව හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය පැය කිහිපයකින් ප්‍රමාද වී බව  වනාතවිල්ලුව පොලිසිය පවසයි. අරුවක්කාලු කසළ අංගනය ඉදි කිරීම් භාරව සිටින ආයතනය අද සිට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට මැදිහත්වීම හේතුවෙන් විරෝධතාකරුවෝ දහවල් වනොවිට මාර්ගයෙන් ඉවත්වූහ.



අදහස් (0)

අරුවක්කාලුවට යන මාර්ගය වසා ප්‍රදේශවාසීහු විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site