(නාලක සංජීව දහනායක)
හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තනතුර අහිමිවී තිබියදීත් අරලියගහ මන්දිරය භාවිත කිරීමට එරෙහිව කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු නොවන බව අග‍්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා අද (30) පැවසීය.
අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අරලියගහ මන්දිරය තිබෙන්නේ තමන් බාරයේ බැවින් නව අගමැතිවරයාට එය බාරදීම තමන්ගේ වගකීමක් බව ලේකම්වරයා පැවසීය.
තනතුර අහිමිව තිබියදී යමෙකු මෙය භාවිත කිරීමෙන් යම් ප‍්‍රශ්නයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නීතිමය ක‍්‍රියාමාර්ග ගත හැකි බවද ඔහු කීය.
මෙය බරපතළ දේශපාලන කරුණක් බැවින් හැකි ඉක්මනින් අරලියගහ මන්දිරය නව අගමැතිවරයාට ලබාදීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයකුට පෙරේදා ලිඛිතව දැනුම් දුන් බවද අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කීය.
ජනාධිපතිවරණය පරාජය වූ සැණින් මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටවූ බවත් කී ලේකම්වරයා රනිල් වික‍්‍රමසිංහ මහතාද නිවසක් සොයාගත් පසු අරලියගහ මන්දිරයෙන් පිටව යනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසීය.
කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය ලේකම්කාර්යාලයේදී අද (30) පැවැති මාධ්‍ය හමුවකදී අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති ක්‍රියාත්මක කරන්න එපා. වතුර, විදුලි බලය කපා හරින්න. එයාගේ ආරක්ෂාව පිණිස ආහාර ඇතුළට ගෙනයාම වළක්වන්න. බැරිම වුනොත් කනින් අල්ලා දොට්ට දමන්න...
මහින්ද මහතා පිටව ගියේ ඡන්දයකින් පරාදවෙලා. මෙතන වෙලා තියෙන්නේ බලය මංකොල්ල කෑමක්. පාර්ලිමෙන්තුවේ වැඩිබලය තිබෙන අය අගමැති කලයුතු වුනත් එය පරීක්ෂා කලේ නැතිව තනතුර අහිමිවුනා කීම මුසාවක්.
නීතිමය ක්රියාමාර්ග ගන්නේ කොහොමද? තවමත් බහුතර බලය තියෙන ලොව පිළිගත් අගමැති රනිල්නේ. කොහොමත් ගන්න බැරි එක එහෙමවත් කියමුකෝ...නේද ලේකම්තුමෝ?