IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අරාබි බැංකුවකින් කෝටියක මුදලක් මෙරට පුද්ගලයකුගේ ගිණුමකට බැරවීම ගැන විමර්ශනයක්

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවකින් සැකකටයුතු ලෙස රුපියල් කෝටියක මුදලක් මෙරට පුද්ගලයකුගේ බැංකු ගිණුමකට බැරවීමේ සිද්ධියකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කෝට්ඨාසය ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහයිල් මහතා ඉදිරියේ අද (02) කරුණු වාර්තා කර ඇත.

අංක 15, ඩී මෙල් මාවත, ඔෆ්කොරි පාර, දෙහිවල පදිංචි මොහොමඞ් ෆවුෂාන් නැමැති අයකුට අයත් මෙරට යකඩ ආශි‍්‍රත නිමැයුම් කර්මාන්තායතනයක් ලෙස පිහිටුවා ඇති අංක 183, 1/2, ගාලුපාර, දෙහිවල ලිපිනයේ පෙරික් ලංකා පුද්ගලික සමාගම නමින් ඉකුත් 2019 අපේ‍්‍රල් මස 24 වැනිදා National Bank of R. A. K. (P S C), PO 5300, R A S AL KHAMAIL UAE, UAE වශයෙන් සඳහන් විදේශීය බැංකුවකින් රුපියල් මිලියන 10ක මුදලක් සැකකටයුතු ලෙස මෙම සමාගමේ ගිණුමට ලැබී ඇති බවත් මෙම මොහොමඞ් ෆවුෂාන් නැමැත්තාගේ ව්‍යාපාර කටයුතු මෙන්ම පෞද්ගලික ගණුදෙනු ද අතීශය සැකකටයුතු බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව අදාළ බැංකු ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම, පෙරික් ලංකා පුද්ගලික සමාගමේ සහ එහි අධ්‍යක්ෂකවරුන් සම්බන්ධයෙන් සියලුම බැංකු ගිණුම් වාර්තා කැඳවීම සඳහා නියෝග ලබා දෙන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණී.

මෙම බී වාර්තාවට අනුව ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ පුද්ගලයින්ට අයත් බැංකු ගිණුම්වලට අදාළ මූල්‍ය වාර්තාවන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස එම මූල්‍ය ආයතනවල කළමණාකරුවන් වෙත නියෝග කළේය.

 

 

 



අදහස් (6)

අරාබි බැංකුවකින් කෝටියක මුදලක් මෙරට පුද්ගලයකුගේ ගිණුමකට බැරවීම ගැන විමර්ශනයක්

DM Friday, 02 August 2019 01:05 PM

බය වෙන්න එපා. මෙයාට මුකුත් වෙන්නේ නෑ. වෙන එකම දේ මේ පරීක්ෂණ කරන මනුස්සයා හිරේ යන එක විතරයි.

:       164       472

Amila Friday, 02 August 2019 02:59 PM

මැණික් මලු ගැන තාම පරීක්ෂණ කරනවා. මේවා හොයලා තීරණයක් ගන්න කොට 2025 විතර වෙයි. එතකොට වෙන්න ඕනෑ ඔක්කොම වෙලා තියෙයි. අර ඇමෙරිකන් පුරවැසියා වගේ බලේ නැතත් හයියක් තියෙන කෙනෙක් නම් පරීක්ෂණ කරන්න එපා කියලා තහනම් කරවා ගන්නත් පුලුවන්...

:       535       1136

athuraSaturday, 03 August 2019 05:02 AM

අන් ලයික් වැටුණත් සහතික ඇත්ත...

:       5       64

LapayaSaturday, 03 August 2019 05:17 AM

හොඳට බලන්න. තමුන් මොලය උඩ ඉඳගෙන නේද ඉන්නේ?

:       169       211

Akila Friday, 02 August 2019 04:57 PM

එ්ත් අර ශරියා ඉස්කෝලේ හදපු එක්කෙනාට සල්ලි අාවේ කොහෙන්ද කියලවත් හොයාගන්න බැරි වුණාට කවුරුවත් නඩුවක්වත් දාන පාටක් පෙනෙන්න නැහැ.

:       0       175

abaran Friday, 02 August 2019 11:33 PM

හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site