IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අරාබි අර්ධද්වීපයේ අල්කයිඩා නායකයා ඝාතනය කරයි

අරාබි අර්ධද්වීපයේ අල්කයිඩා නායකයා ලෙස කටයුතු කළ කාසිම් අල් රයිමි ඝාතනය කළ බව ඇමරිකාව පවසයි.

2015 වර්ෂයේ සිට ජිහාඩ් කණ්ඩායමට නායකත්වය දුන් මොහු යේමනයේ ඇමරිකාව විසින් සිදුකළ මෙහෙයුමකදී මියගොස් තිබේ.

ඇමරිකාව පවසන්නේ ජිහාඩ් නායකයා 2000 දශකයේ සිදුකළ ප්‍රහාර මාලාවකට සම්බන්ද වී ඇති බවයි.

"රයිමී යටතේ අල්කයිඩා සංවිධානය යේමනයේ සිවිල් වැසියන්ට එරෙහිව අවිහිංසාවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ අතර ඇමරිකානු හමුදාවන්ට එරෙහිව නොයෙක් ප්‍රහාර එල්ල කිරීම හා ඒවාට අනුබල දීම සිදුකර ඇත.

ඔහුගේ මරණය අල්කයිඩාව සහ ගෝලීය වශයෙන් ව්‍යාප්ත ත්‍රස්ත ජාලය තවදුරටත් පිරිහීමට ලක්කරන අතර අපගේ ජාතික ආරක්ෂාවට ඇති තර්ජන තුරන් කරයි." යනුවෙන් මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා ඇත.

කෙසේවුවද රයිමි ඝාතනය කලේ කවදාදැයි ඇමරිකාව පවසා නැත.

(බීබීසී ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

අරාබි අර්ධද්වීපයේ අල්කයිඩා නායකයා ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site