IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අර්ධ සූර්යග්‍රහණයක් ජුනි 21 දා

(මනෝජ් හර්ෂික)

වලයාකාර සූර්යක්ග්‍රහණයක් අර්ධ සූර්යක්ග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල සිටින ජනතාවට නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙම මස (21) වැනි ඉරිදා දින උදාවන බව නවීන තාක්ෂණය පිළිබඳව ආතර් සී ක්ලාක් ආයතනය කියයි.

මෙම සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාවේ යාපනයේ ඩෙල්ෆ් දුපත ආශ්‍රීත ප්‍රදේශයට (21) වන ඉරිදා දින උදෑසන 10.30ට පමණ දිස් වීමට නියමිතය.

එදින චන්ද්‍රයා මඟින් සූර්යයාගේ මුහුණත ආවරණය වීමේ උපරීම ප්‍රමාණය 24% වන අතර එය කයිට්ස්,කන්කසන්තුරෙයි,වැල්වැටිතුරෙයි හා පේදුරුතුඩුව ආශ්‍රීත ප්‍රදේශවලදී දිස්වන බව ක්ලාක් ආයතනය පවසයි.

මෙම සූර්යග්‍රහණය කොළඹ ප්‍රදේශයට උදෑසන 10.29ට පමණ දිස්වීමට නියමිත අතර උදෑසන 11.51 පමණ වන විට එහි උපරිමයට ළඟා වී දහවල් 1.29ට පමණ අවසන් වේ.

එසේම කොළඹ සිට සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන විට උපරිම වශයෙන් සූර්යයාගේ මුහුණතෙහි 16.5% ක ප්‍රමාණයක් චන්ද්‍රයා මඟින් ආවරණය වන බව ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සූර්යග්‍රහණය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස් වූවත් මෙය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස අප්‍රිකානු මහද්වීපයෙන් ආරම්භ වන අතර එහි වලාකාර තත්ත්වය මෙන්ම අර්ධ සූර්යග්‍රහණ තත්ත්වය කොන්ගෝ රාජ්‍ය ආදී අප්‍රිකා රටවල් කිහිපයකටත් සෞදි අරාබිය,යේමනය හා ඕමානය ආදී මැදපෙරදිග රටවල් කිහිපයකටත් පාකිස්ථානය,ඉන්දියාව,චීනය ආදී රටවල්වලටත් දැකබලා ගත හැකිය.

එසේම ශ්‍රී ලංකාව ඇතුලු ඉතාලිය,තුර්කිය,ජපානය,කොරියාව,සිංගපුරුව,මැලේසියාව හා ඔස්ට්‍රේලියාව ආදී රටවල් සඳහා මෙහි අර්ධ සූර්යග්‍රහණ තත්ත්වය පමණක් දිස්වන බව ද ක්ලාක් ආයතනය පවසයි.

මෙම අර්ධ සූර්යග්‍රහණය කිසිසෙත්ම පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු අතර සූර්යග්‍රහණ නිරීක්ෂණය කරන විශේෂිත කණ්නාඩියකින් හෝ නොම්බර 14 වෑල්ඩින් වීදුරුවකින් නිරීක්ෂණය කිරීම ආරාක්ෂා සහිත වේ.

ආරක්ෂිත සූර්ය ආවරණයක් නොමැතිව දුරදක්නයකින් හෝ ප්‍රිස්මදෙනේතකින් කිසිසෙත්ම සූර්යග්‍රහණය නිරීක්ෂණය නොකරන්නැයි ක්ලාක් ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම සූර්යග්‍රහණය නවීන දුරේක්ෂ ආධාරයෙන් පරීක්ෂණ මට්ටමින් නිරීක්ෂණය කරන අතර එය ආතර් සී ක්ලාක් ආයතනයේ www.accimt.ac.lk වෙබ් අඩවිය මඟින් ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (4)

අර්ධ සූර්යග්‍රහණයක් ජුනි 21 දා

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 June 2020 06:37 PM

ඉර කියන්නේ මුළු ලොවේම ජීවය තියෙන තැන. හිරු නොමැති නම්, ලොව ජීවයකුත් නැහැ. මට ඉර ගැන මෙහෙම අපූරු දෙයක් සිතුණා. ඔන්න දවසක් හිරුයි, සඳුයි ප්‍රේමයෙන් බැඳුණා. ඉර ගැන සඳ බොහෝසේ පැහැදුණා. දෙදෙනාගේ පණිවුඩ අහසේ පාවී ඩිජිටල් සුළඟට හසුවී ගියා. දෙදෙනාම ගොළු වුණා. ඒත්, ආයෙත් දෙදෙනා ආදරයෙන් වෙලුනා. ඒත්, දෙදෙනා ඉන්නේ බොහෝ ඈතින්.. පසුව ඉරසඳට මෙසේ කීවා. සඳේ.. ඔයයි මායි අප දෙදෙනා ගැනම පමණක් හිතලා බැහැ.. අපට ඊට වඩා වගකීමක් තියෙනවා.. අපට ලෝකය ගැන බලන්න වෙනවා. අපගේ සතුට ලෝකය වෙනුවෙන් පූජා කරමු. පළමුව ප්‍රභාසංස්ලේෂණයෙන් පටන්ගෙන, ලොවට බොහෝ සේවයක් මං සලසන්නම්.. ඔයා රාත්‍රියට පායා හදවත්වලට සිසිලස දෙන්න.. කවියන්ට කාවි, ගීත රචකයින්ට ගීත, සාහිත්‍ය කරුවන්ට තවත් නිර්මාණ කරන්න ඔයා ජවය දෙන්න. ඔයාව... මට ලබාගන්න බැරිවුණත්, මං ඔයාට ආදරය කරන්නම් මගේ හදවතින්ම.. හැකි හැමවිටම මාත් සමග ආදරෙන් සීතෙන්.. මං ඔයාට වගේම ලොවටත් ආදරෙයි.. මේ වදන් ඇසූ සඳ කාටත් හොරෙන් ඉකිබින්දා.. ඉර ගැන තිබූ වැරැදි වැටහීම දුරුකරන් ඉර හා ආදරෙන් බැඳුණා..

:       0       204

පූජාFriday, 19 June 2020 08:22 AM

සමිත මහත්මයා, ඔබතුමාගේ සංවේදී සටහන කියවා ඇත්තටම මගේ දෙනෙතට කඳුලක් එක් වුණා. ඔබවැනි සහෘදයෙක් ලබන්න ඉර බොහෝ වාසනාවන්ත වෙන්න ඕනේ..

:       0       62

පූජා Friday, 19 June 2020 09:42 AM

කොස්මික් යාලුවෝ කියලා බොරුවට කීවාට, විශ්වය සම්බන්ධ මෙවැනි පුවතකටවත් අදහසක් දාන්න වෙලා නැතුවා වාගෙයි. කොහේදෝ කලබලෙන් වාගේ දුව ඇවිදිනවා.

:       0       21

Prabha Friday, 19 June 2020 10:11 AM

මේ ගැන මංජුල පීරිස්ගේ අදහස් මොනවගේද දන්නේ නැහැ නේද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1937 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1536 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site