(රංජන් කස්තුරි)
ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා වන රුපියල් 50 ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 25 දක්වා අඩු කිරීමට නියමිතය.
මේ දිනවල එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා ඊට විකල්පයක් ලෙස අර්තාපල් මිල් අඩු කිරීමේ අදහසින් බදුමිල පහත දැමූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා පැවසීය.
දේශීය අර්තාපල් අස්වනු වෙළඳසැළට ලැබෙන්නේ ලබන පෙබරවාරි මාසයේදී වන හෙයින් බදුමිල සංශෝධනය කිරීම ගැටළු සහගත නොවන බවද ලේකම්වරයා කීවේය.
COMMENTS
එදා සිරිමා බණ්ඩාරනායක රජය සමයේ දවස පුවත්පතේ කතුවැකිය මට මතක් වූයේ මේ පුවත කියවීමෙන් පසුවයි.
දිනෙන් දින පොල්තෙල් මිලද වැඩිවෙමින් පවතී. බිත්තර මිලද එසේමයි. මේ ගැනත් අවධානය යොමුවේවා.
පසුගිය රජය කාලයේ මේ වගේ පිරටකින් ගෙනෙන දෙයක බදු අඩුකෙරුවාම කෑ ගහන දේශප්‍රේමී නඩයක් විපක්ෂයේ හිටියනේ... ඒ දේශප්‍රේමී නඩය දැන් රජයේ ඉන්න නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මුලින් පාන් පිටිවල බදු අඩුකෙරුවා.
අපේ පොල් ගොවියා, අල ගොවියා කීයක් හරි හම්බ කරගන්නේ මේ වගේ මිල ඉහළ ගියොත් විතරයි. නැතිනම් තව ටික කලකින් පොලුයි අලයි දෙකම පිටරටින්ම ගෙන්නලා කන්න වේවි. පොල්වතු ඔක්කොම කපන්නේ වවල වැඩක් නැති හින්දා නේද?