IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘අයි එස් සංවිධානය තවමත් ලෝකයට තර්ජනයක්’

බැග්ඩෑඩ්හිදීය (රොයිටර්)
 
අයි.එස්. සංවිධානය ඉරාකයේ දී සහ සිරියාවේ දී පරාජයට පත්වුවත් එම සංවිධානය තවමත් ලෝකයට තර්ජනයක් යැයි ඉරාක අගමැති අබ්දුල් මහ්දි මහතා පැවැසීය.
 
ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩී පෙනී සිටින වීඩියෝ පටයක් නිකුත් වීමෙන් පසුව ඉරාක අගමැතිවරයා අඟහරුවාදා (30) එම කරුණු සඳහන් කළේය. 
 
එම වීඩියෝව රූගත කර ඇත්තේ දුර ඈත පිහිටි ප්‍රදේශයකදී යැයි ද ඉරාක අගමැතිවරයා කීවේය. කෙසේ නමුත් ඉරාක අගමැතිවරයා එම ප්‍රදේශ අයත් රට කුමක්දැයි සඳහන් නොකළේය. 
 
අයි.එස්. සංවිධානය ඔවුන්ගේ නායකයා පෙනී සිටින වීඩියෝ පටය මාධ්‍යයට නිකුත් කරන ලද්දේ වසර පහකට පසුවය. 
 
මෙම වීඩියෝ පටයේ අව්‍යාජ බව හෝ සත්‍ය බව හෝ එය රූගත කළ දිනය හෝ මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැත. 
 
අයි.එස්. නායකයා මෙලෙස වීඩියෝ පටයක් ඔස්සේ පෙනී සිටීමෙන් එම සංවිධානයේ අනුගාමිකයන් සහ සටන්කාමීන් උන්නදු කරනු ඇති බවත් ඔවුන් තව තවත් ප්‍රහාර එල්ල කරනු ඇති බවත් ඉරාක අගමැති අබ්දුල් මහ්දි මහතා පැවැසීය. 
 
“බැග්ඩෑඩී ඉන්න ස්ථානය පිළිබඳ බුද්ධි තොරතුරු අපිට කියන්න බැහැ. එහෙත් ඔහු ඉන්නේ තරමක් පිරිසර ප්‍රදේශයක. එය පැහැදිලි” යැයි බර්ලින් නුවරට පැමිණ සිටින ඉරාක අගමැතිවරයා කීවේය. 
 
“දයිෂ් (ඉස්ලාමික් ස්ටේට්) සංවිධානය පුංචි සංවිධානයක් නෙමෙයි. එය ලෝකයේ හැම තැනම ව්‍යාප්ත වෙලා. ඔවුන් ඔවුන්ගේ සටන්කාමීන්ගේ විශ්වාසය දිනාගැනීමටත් ඔවුන් උනන්දු කරවීමටත් කටයුතු කරමින් ඉන්නවා. ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයත් ඒ වගේ ප්‍රහාරයක්. කොහොමවුණත් අයි.එස්. සංවිධානයෙන් තිබෙන තර්ජනය විශාල ප්‍රමාණයකින් අඩුවෙලා තිබෙනවා” යැයි ද ඔහු කීවේය.
 
ශ්‍රී ලංකාවට ප්‍රහාර එල්ල කළේ බගූස්හිදි තම සාමාජිකයන් මරුමුවට පත්වීමට පලිගැනීමක් ලෙස යැයි විනාඩි 18 ක් පුරා විකාශනය වන එම වීඩියෝ පටයේදී අයි.එස්. නායකයා පැවැසීය. 
 
055



අදහස් (0)

‘අයි එස් සංවිධානය තවමත් ලෝකයට තර්ජනයක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 124 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site