IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


අයි.එස් ත්‍රස්ත සංවිධානයට නව නායකයෙක්

අබු අල් හසාන් අල් හෂීමි අල් කුරේෂී තම නව නායකයා (කලීෆා) ලෙස කටයුතු කරන බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.

අයි.එස් සංවිධානය මේ බව නිවේදනය කළේ හඬපටයකිනි. හඬපටය නිකුත් කළේ එම සංවිධානයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන අබු උමාර් අල් මුහරිජ් ය.

අයි.එස්. සංවිධානය නව නායකයකු තෝරාගෙන ඇත්තේ, එහි නායකයා ලෙස කටයුතු කළ අබු ඊබ්‍රහීම් අල් කුරේෂී ඇමෙරිකන් හමුදා අතින් ඝාතනයට ලක් වීමත් සමඟය.

ඇමෙරිකන් හමුදා අබු ඊබ්‍රහීම් අල් කුරේෂී ඝාතනය කළේ පසුගිය පෙබරවාරි 3 වැනිදාය. එම අවස්ථාවේදී අබු ඊබ්‍රහීම් අල් කුරේෂී නිරිතදිග සිරියාවේ සැඟවී ජීවත් වූයේය.

අබු ඊබ්‍රහීම් අල් කුරේෂී සමඟ අයි.එස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබු හම්සා අල් කුරේෂි ද සිටි අතර, ඇමෙරිකන් හමුදා ප්‍රහාරයෙන් ඔහු ද මියගියේය. අබු උමාර් අල් මුහරිජ් නව මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් වී ඇත්තේ ඒ අනුවය.

(රොයිටර්)



අදහස් (0)

අයි.එස් ත්‍රස්ත සංවිධානයට නව නායකයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 55 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2180 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 677 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site