
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන අයවැය විවාදය ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් සංඥා භාෂාවෙන්ද ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22) තීරණය කළේය.
මේ අනුව අයවැය විවාදය පවත්වන කාල සීමාවේදී රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක්ද ස්ථාපනය කිරීමට කටයුතු කෙරෙනු ඇත.
අයවැය විවාදය සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ කතානායකවරයා විසිනි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(22) පෙරවරුවේ රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ණය ගෙවාගන්න බැරිව මිනිස්සුන්ට බර පටවනවා. අමතර සල්ලි නාස්ති කරන බොරු වැඩ...
අර ඔබාමාගේ කතාව කෙන්යාවේදී සංඥා භාෂාවෙන් වගේ නම් කරන්න එපා .වැඩේ දන්නා කෙනෙකුට කියලා කරන්න
අද ගොළු බීරි ලාංකිකයන් වෙනුවෙන් ගත් කාලෝචිත පියවරක්