(නාලක සංජීව දහනායක)
අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කිරීම පිළිබඳ අවසන් තීන්දුව අනිද්දා (4) පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැනීමට අද (2) පැවැති පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ හා විපක්‍ෂනායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් හෙට පස්වරු 4.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (2) කොළඹ,මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිලනිවසේදී පැවැත්විණ.
පස්වරු7.00 ට පමණ ආරම්භවූ මෙම රැස්වීම පැය දෙකහමාරකට ආසන්න කලායක් පැවැති බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
කවුරු මොනව කළත් අන්තිමට අයවැය සම්මත වෙනවා. කියපු දේවල් සේරම කරන්නට රජයට සිද්ධ වෙනවා….
කියපු දේවල් සේරම කරන්න රජයට සල්ලි අච්චු ගහන්න සිද්ධ වෙනවා….
මෙයාලට අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ.
57 ලක්ෂයක් ජනතාවගේ එකම බලාපොරොත්තුව කොක්කෙන් හෝ කෙක්කෙන් මේ අය පරාජය කර මහජන ඡන්දයකට යාමයි. ඒ ගැන සිතා කටයුතු කරන්න.
කොක්කෙන් පෙරලන්න ගිහින් තමා බමුණෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පයින් ගහලා එලියට දැම්මේ. අපරාදේ මිනිස්සුන්ගේ තිබ්බ ගෞරවය විනාශ කර ගත්තා. දැන් ඉතින් ආයේ නැගිටිනවා බොරු.
තවත් හොඳ හොරෙක්... විදුලිබල ඇමති වෙලා ඉන්න කාලේ පුළුවන් තරම් හැම පැත්තෙන්ම කොමිස් ගහලා කෝටි ගණන් හම්බ කරලා ඕස්ට්‍රේලියාවේ ඉන්න ගෑනිටයි, දූරු දෙන්නටයි හොරෙන් යැව්වා. මෙල්බර්න් නුවර අපාර්ට්මන්ට්ස් අරගෙන පවුලම ඉන්නේ කිසිම රැකියාවක් නොකර හොරකම් කරපු සල්ලිවලින් සුර සැප විඳිමින්. මේවා මඩ ප්‍රචාර නොව සහතික ඇත්තයි. මෙල්බ්ර්න් නුවරට ගියොත් පවුලම ඉන්න හැටි බලා ගන්න පුළුවන්...