
(සුජිත් හේවාජුලිගේ )
අයවැය විවාද පැවැති කාලසීමාවේදි පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බර් මස 12 වැනිදා අයවැය කතාව පැවැත්වීය. එදිනට පසු දින එනම් නොවැම්බර් මස 13 වැනිදා සිට අයවැය විවාද ආරම්භවූ අතර එම විවාද අවසන් වූයේ පසුගිය 10වැනිදා අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වුණු දිනයේදීය.
මේ අනුව අයවැය විවාද පැවැත්වුණු දින ගණන 23කි.
පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම සඳහා සාමාන්‍යයෙන් දිනකට වැය වන මුදල ලෙස ගණන් බලා ඇත්තේ රුපියල් දෙකෝටි පනස් හත් ලක්ෂයක පමණ මුදලකි. අයවැය කාලසීමාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු වැඩි වෙලාවක් සක්‍රියව පවතින හෙයින් එම මුදල ඒ කාල සීමාවේදී ඊට වඩා වැඩි වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු සේවකයන්ගේ වැටුප් හා දීමනා, ආහාර පාන සැපයීම, විදුලිය සහ ජල සැපයුම, ප්‍රවාහන පහසුකම්, ලිපි ද්‍රව්‍ය සැපයීම ඇතුළු කටයුතු වෙනුවෙන් මෙම මුදල වැයවන බව ගණන් බලා ඇතැයි පවසන එම නිලධාරීහු අයවැය කාලයේදී පාර්ලිමේන්තු සභාගර්භයේ සහ අනෙකුත් ස්ථානවල වායු සමීකරණ පද්ධති එක දිගට ක්‍රියාත්මක වන හෙයින් විදුලිය සඳහා විශාල පිරිවැයක් එම කාලයේදී දැරීමට සිදුවන බවද ප්‍රකාශ කරති.
මේ අතර මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක් සඳහා(මාළු සහිත)සාමාන්‍යයෙන් දිනකට වැය වන මුදල රුපියල් 951කි.එළවළු පමණක් සහිත ආහාර වේලක් සඳහා රුපියල් 629ක් පමණ වැය කෙරෙන බව පාර්ලිමේන්තු විගණන අංශ පවසයි.
COMMENTS
ආයේ අපට කිරි තේ එකක් බොන්න පුළුවන් වෙන්නෙ කවද්ද ?
මේ තරම් වියදම් කරලා අපි සම්මත කරගත්තේ රටට ප්‍රයෝජන වත් අයවැයක් නෙමෙයි නේද ?
මිනිස්සු නිහඬයි... දෙවරක්ම අසාර්ථක විප්ලව වල ප්‍රතිඵල...
අපේ නම් ඉස්සර එළවළු කෑම එකට වඩා මාළු කෑම එක රු. 30 ක් වැඩියි. දැන් මගෙ හිතේ අපේ එළවළු කෑම එක ඔය හැමෝටම වැඩියි ආයුබෝවන්... මේ වගේ උසස් ජීවන තත්වයක් අපිට උදාකරදෙන එයාලා කන මාළු මොනවද දන්නෑ.. මාලු කෑල්ලකට 322ක්... යකෝ අපේ බත් එකම එච්චර වෙන්නෑ..
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සභිකයින් අපේ අය වගේ දෙපැත්තට දොස් කියමින් උසුළු විසුළු කරමින් ගුටි ඇන ගන්නේ නැතුව ජනතා ප්‍රශ්න විසඳන්නේ කුඩා කාමරයක සෝෆා වැනි දිග බංකු සහිත කාමරයක සිටයි. අපේ අය පාර්ලිමේන්තුවට එන්නෙත් ඉඳහිට... ආවත් නිදිකිරණ අය තමයි වැඩි. මේ අයගෙන් කීයෙන් කීදෙනාද හරියට පාසල් ගිහින් කඳ මත මොළයක් ඇත්තේ... ඒ වගේම හොරකම් කරනවා මදිවට මෙතැනත් සැප ගන්නේ දිනපතා රට බංකොළොත් කරමින්...
බැලුවාම රටට තියෙන ලොකුම හූනියම පාර්ලිමේන්තුව...
මේ අයගේ කෑම නැවැත්තුවොත් මාසෙට කීයක් ඉතිරි කරගන්න පුළුවන්ද කියලා කවුරු හරි කියහල්ලාකෝ...
පාර්ලිමේන්තුව රැස්වන වාර අඩුකලාම අවයැය හිඟය පියවන්න පුවළුන් වගේ. හිඟන රටක්. ණයවෙලා කන්නේ. ඒකේ පාලනය කරන රජවරු රැස්වෙන්න කෝටි ගණන් වැය වෙනවා. රජාලා කරන වැඩ ඇහුවොත් බල්ලො බත් කන්නේ නැහැ...
කාලා කෑම ගෙදර අයටත් ඔතාගෙනත් යනවද? නැත්නම් වේලක් රුපියල් 951 හා 629 කෑම වේලකට යන්නේ කොහොමද..?