IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අයවැයට මැතිසබයේ ආරක්ෂාව වැඩි කෙරෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව අයවැය කාලයේදී  වැඩි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්  විශේෂ  වැඩපිළිවෙළක් අයවැය කාලයේදී එහි ක්‍රියාත්මක කරන බව  වේත්‍රධාරී  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ අනුව පාර්ලිමේන්තුවට පැමිණෙන පිරිස්  අහඹු  ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලට( රැපිඩ් ඇන්ටිජන්) ලබන 8 වැනිදා  යොමු කෙරෙන  බවද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ  සාමාජිකයෝද ,අනෙකුත් අනුබද්ධ කාර්ය මණ්ඩලවල සාමාජිකයෝද , පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීහු  සහ ආරක්ෂක  අංශවල නිලධාරීහුද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට  මෙලෙස යොමු කෙරෙති.

මෙම පරීක්ෂණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ලබන 8   වැනිදා  උදේ 9.00සිට දහවල් 12 දක්වා පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ උපදෙස් අනුව මෙම  පරීක්ෂණ වටය ක්‍රියාත්මක කෙරෙන බව  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීවේය.

පාර්ලිමේන්තු රැස්වීම් ලබන 8  වැනිදා   සදුදා සිට දෙසැම්බර් මස 10 වැනිදා දක්වා නොකඩවාම  (ඉරිදා දින හැර) පැවැත්වේ.

මුදල් ඇමැතිවරයා  අයවැය යෝජනාවලිය ලබන 12වැනිදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර  එදින සිට දෙසැම්බර් මස 10 වැනිදා  දක්වා  අයවැය පිළිබඳ  විවාද පැවැත්වෙනු ඇත . අයවැය යෝජනාවලිය  පිළිබඳ අවසාන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 10වැනිදාය.



අදහස් (0)

අයවැයට මැතිසබයේ ආරක්ෂාව වැඩි කෙරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 105 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 910 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site