(නිමල කොඩිතුවක්කු)
ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දියානු තෙල් සමාගමත් අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල අඩු කරනු ලැබීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලිටරයක මිල රුපියල් 5 කින් සහ සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 5 කින් අඩු කර තිබේ.
ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 144 ක් ලෙසත් ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලිටරයක මිල රුපියල් 162ක් ලෙසත් සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 131 ලෙසත් දැක්වේ.
ඔටෝ ඩීසල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවූ අතර එහි මිල රුපියල් 104 ක් ලෙස දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිපෙට්කෝ එක ගානක්..., අයි.ඕ.සී. එක තව ගානක්... පාරිභෝගිකයන් ගසාකනවා. කෝ මේ පාරිභෝගිකයින් රකින්න ඉන්න පාරිභෝගික අධිකාරිය? එක නීතියක් නැති රටක ඉන්න වෙලා තියෙන්නේ?