IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අයිඑස්ලාගේ පොත් අයියාට දුන් මව්ලවි මල්ලී රිමාන්ඩ්

අජිත්ලාල් ශාන්තඋදය
 
රත්නපුර නගරයේ ඉස්ලාම් පල්ලියක 26 හැවිරිදි මවුලවිවරයෙක් මේ මස 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රත්නපුර මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය අද (3) නියෝග කළාය.

අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදීන්ගේ තොරතුරු ඇතුළත් පොත්පත් සහ පත‍්‍රිකා තම සහෝදරයාට ලබාදුන් සහ මරදානේදී තැනක සතියක පුහුණු පාඨමාලාවක් හදාරද්දී ඒවා ලබාගත් බවට තොතුරු හෙළිවීමෙන් පසුව ඔහුව සැකපිට අත්අඩංගුවට ගැණිනි. 

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මොහොමඩ් සකරියා මොහොමඩ් රිස්මි නැමැති 26 හැවිරිදි තැනැත්තෙකි. 

මොහු මීගමුව ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

සැකකරුගේ වැඩිමහල් සහෝදරයා කොච්චිකඩේ ප‍්‍රදේශයේ දී අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදීන්ගේ තොරතුරු ඇතුළත් පොත්පත් සහ පත‍්‍රිකා සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ ඒවා තමන්ගේ මල්ලී වන සැකකරු විසින් තමන්ට ලබාදුන් බවයි.

ඒ අනුව කළ දැනුම්දීමක් මත රත්නපුර පොලීසියේ නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලයනල් මහතා ඇතුළු කණඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
 



අදහස් (0)

අයිඑස්ලාගේ පොත් අයියාට දුන් මව්ලවි මල්ලී රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site