(තරිඳු ජයවර්ධන)
ඩුබායිහි දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායක අමල් පෙරේරා මහතාගේ පුත් නදීමාල් පෙරේරා මහතා කිසිම මත්ද්‍රව්‍යක් භාවිත කර නොතිබුණු බව බර් ඩුබායි පොලිසිය දැනුම් දුන්නේයැයි නීතීඥ උදුල් පේමරත්න මහතා ලංකාදීපයට පැවසීය.
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා මහත්වරුන් වෙනුවෙන් නීති කටයුතු සිදු කිරීමට ඔවුන්ගේ ඥාතීන්ගේ සහ ශ්‍රී ලංකාවේ ඩුබායි තානාපති කාර්යාලයේ ලිඛිත අවසරය ඇතිව ඩුබායි ගොස් සිටින නීතීඥ උදුල් පේමරත්න මහතා සහ නීතීඥ ශාබ්දික වෙල්ලප්පුලි මහතා අද (12) උදෑසන බර් ඩුබායි පොලිසියට ගොස් එහි නීති නිලධාරී මොහොමඩ් අල් නක්බි මහතා හමුවූහ.
අමල් පෙරේරා මහතාගේ රුධිර සාම්පලවල ප්‍රතිඵල මෙතෙක් නොලැබුණු බව පොලිසිය දැනුම් දුන්නේ යැයි ද පේමරත්න මහතා කීවේය.
දැනට බර් ඩුබායි පොලිසියේ රඳවාගෙන සිටින 31 දෙනා අතර විදේශිකයන් කිහිප දෙනකු හා කාන්තාවන් කිහිප දෙනකු ද සිටින බව පොලිසිය දැනුම් දුන් බවත් උදුල් පේමරත්න මහතා සඳහන් කළේය.
ගායක අමල් පෙරේරා මහතා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාගේ ගීත සහිත යූටියුබ් වීඩියෝ ලක්ෂ සංඛාය පිරිසක් නැරඹා තිබීමෙන් ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයන් බව පොලිසියට පැහැදිලි කළ බව කී පේමරත්න මහතා ඔවුන් එරටට ගියේ මත්ද්‍රව්‍ය ජාවාරමකට නොවන පෙන්වා දුන්නේයැයි ද ප්‍රකාශ කළේය.
උදුල් පේමරත්න මහතා මෙසේ ද කීවේය.
‘‘අද අපි ඩුබායි පොලිසියට ගිහින් ඔවුන් හමුවුණා. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ඩුබායිවලට ගිහින් තියෙන්නේ සිද්ධියට පෙර දින සවස 5ට පමණ. පාන්දර දෙකට විතර තමයි මේ වැටලීම වෙලා තියෙන්නේ. ලංකාවේ ප්‍රසිද්ධම චරිත දෙකක් වන ඔවුන් දෙදෙනාට මත්ද්‍රව්‍ය ජාවාරමකට ඩුබායි යන්න අවශ්‍යතාවක් නෑ. එම සිද්ධිය අහඹු සිද්ධියක්. අපි මේ ගැන බර් ඩුබායි පොලිසියට පැහැදිලි කර දුන්නා. මත්ද්‍රව්‍ය ජාවාරම ගැන කරන කටයුතුවලින් අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටියා.
ඩුබායිවල අපරාධ චෝදනා අතර ප්‍රධානම චෝදනාවක් තමයි මත්ද්‍රව්‍ය චෝදනාව. එම නිසා ඔවුන්ට බලන්න ලැබෙන්නෙත් ඉරිදට පමණයි. ඉරිදාට ඔවුන් සමඟ සාකච්ඡා කරන්න තීන්දු කර ගත්තා. සාමාන්‍ය වැරදි සම්බන්ධයෙන් පැය විසි හතරක් ඇතුළත නඩු අසා දඬුවම් කිරීම සිදු වුවත් මත්ද්‍රව්‍ය චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන් අධිකරණයට ඉදිරිපත් නොකර දීර්ඝ කාලයක් පොලිසියේ තබා ගැනීම හැකියාව එරට නීතිය අනුව පොලිසියට හැකියාව තිබෙනවා.
මීට පෙරත් මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයකු අවුරුද්දයි මාස නවයක් එරට පොලිසියේ රඳවා තබාගෙන තිබුණා. ඉන් පසු අධිකරණයට ඉදිරිපත් කළ විට ඔහුට වසර නවයක සිර දඬුවමක් නියම වූ බව දැනගන්න ලැබුණා. අමල් සහ නදීමාලුත් අධිකරණයට ඉදිරිපත් කරන දවසක් තවම කියන්නට බෑ. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රයන් ගියේ සිංදු අහන්න කියන්නකෝ
ලංකාවේ නීතිඥයෝ ඩුබායි ගිහින් මොනා හරි කරලා එයි වගේ. මේක ආණ්ඩුවේ නාටකයක් කියලා හිතෙන්නේ මට විතරද දේයියෝ.
තාත්තගේ අඩිපාරේ නොයන පුතෙක් වෙයන් පුතේ.
මෙයාලගෙ බැංකු ගිණුම් පරික්ෂා කරානමි හොදයි.
ආ එතකොට සුප්‍රසිද්ධ නම් කලා කාරයෙකු නම් කිසි වරදක් නැති අහිංසකයෝ. එතකොට සාප්පුවේ සොරකම් කර ලඟදි අසු වුණ නවක ටෙලි නිළිය..එයාත් අහිංසක ඇති මොකද ඒ ටෙලි නාට්‍යය ක්‍රිකට් සම්බන්ධ ජනප්‍රිය එකක්නේ.
කොහොම කිව්වත් දන්නා අය දන්නවා .
උදුල් ප්‍රේමරත්න නිරෝෂන් ප්‍රේමරත්නගේ නෑ කෙනෙක්ද ? එහෙමනම් වටහාගැනීමට පුළුවන
ඔන්න තෙල් මිල වැඩි වෙලා ඇහැරෙන්න
ඩුබායි පොලිසියට ඕක හදුනාගන්න ඔය තරම් කල් ගියාද?
ඒ කියන්නේ රටේ "ප්‍රධාන චරිත" නම් මත්ද්‍රව්‍ය භාවිත කරාට කමක් නැද්ද?
ඔවුන්ගේ ජනප්‍රිය තාවයක් ගැන අපි දන්නේ නැත. නදීමාල් කියන තරුණයා ඔහුගේ පියා හා කුඩු බිස්නස් කාරයෙක් සමග අසු උනා කියලා නම් ප්‍රසිද්ද උනබව දන්නවා. ඒ හැර වෙන ප්‍රසිද්දියක් දන්නේ නැත. හැබැයි අනාගතයේ මොවුන් හැඳින්වීමට යොදන නාමවිශේෂණය එතරම් හොඳ නැත.
උදුල් ප්‍රේමරත්න මහත්තය ගියේ ඒවග ඔප්පු කරන්න හිතාගේනනේ. ඉතින් එහෙම ප්‍රකාශ නිකුත් කරන එක බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්. මම හිතන්නේ ඩුබායි බලධාරීන් මේ සම්බන්ධ මාධ්‍ය හමුවක් තිබ්බොත් හරි මාධ්‍ය නිවේදනයක් නිකොත්කලොත් ඇත්ත ඇති සැටියෙන් බලා ගන්න හැකි වේවි. ඒ වෙනතුරු කවුරු කවුරුත් කටකථා, ප්‍රලාප සහ හිතළු මත නිර්මාණය කෙරෙන වාර්තා ප්‍රසිද්ධ කිරීමෙන් වැලකි හිටියොත් කාට කාටත් යහපතක් වේවි. අපි අද දැක්කා අපේ රටේ උසාවි භාර ඇමති තුමියත් කියනවා පොලිසියේ සහ බන්ධනාගාරයේ රාජ කාරී කරන අයත් මේ වැඩේට මාට්ටු වෙලා කියල. රටේ වගකිවයුතු තනතුරක් දරන තැනැත්තියක් වශයෙන් අනෙකුත් සියලුදෙනා වගේ වෙන්නේ නැතුව ඒවගේ ප්‍රකාශ කරනවිට ඔහේ ආව ගියාවට කියවන්නේ නැතුව සාක්ෂි ඉදිරිපත් කරමින් කතා කරනවා නම් තමයි වඩා හොඳ කියලයි අපට කියන්න තියෙන්නේ.
ඩුබායි පොලීසිය මේ දෙන්නා මීට ඉස්සර ඩුබායි ගිහිල්ලා මොනවද කලේ කාවද හම්බ උනේ කියලාත් හොයලා බලයි. නිකං සිංදුවක් කිව්වට ආ ගිහින් කියලා එවන්නේ ලංකාවේ පොලිසිය.
අනේ මෙහෙමත් පියවරු කුඩු ගහන මත්පැන් බොන සාද වලට යන්නේ තම තරුණ පුත්‍රයත් පෙරටු කරගෙන ,
සමහර නීතිවේදීන් වැඩිපුර මුදලක් ලැබෙන පැත්තට දිව හරවා වචන හරඹ කලාට ඒ සියල්ල සත්‍ය යයි ඉස්මුදිනින් පිළිගැනීම බුද්ධි ගෝචර වෙන්නේ නැහැ. මේ අය අප රටේ ජනප්‍රිය පුද්ගලයන්. ඒක වෙනම කතාවක්. ගමේ අසරණ පියදාසටත් සැමටත් නීතිය හා යුක්තිය එක සේ ක්‍රියාත්මක විය යුත්තේය. එසේ හෙයින් මදුෂ්ගේ දුරකථන සිම්පත් ලබාගෙන ඒවායෙහි දත්ත ගෙන මොවුන් සහ මදුෂ් අතර ඇති සම්බන්දයක් තිබේදැයි සොයා බැලිය යුතුය. පසුගිය දිනවල ඇල්ලූ කුඩු සැකකරුවන්ගෙන්ද මොවුන් ගැන ප්‍රශ්න කල යුතුය. සත්‍ය හරිහැටි හෙලිවනතුරුම මදුෂ් සමග කොටු වූ සියලු ලාංකිකයන් ගැන සැකයෙන් බැලිය යුතුය. මෙම වැටලීම නොවන්නට මොවුන් මේ රටට පැමිණ මදුෂ්ගේ රහස රහසක් ලෙසම රහසේ තබා ගනු ඇත. අපට මොවුන් ගැන කිසිදු අහිතක් නැත. මෙහිදී අප පෙන්වා දුන්නේ අපරාධ මර්දනයේදී වැදගත් වන කරුණුය.
හොඳා. හොඳා.
කුම්බලා මාලු කැවනම් විදවපන් ඉතින්.. එතකොට රයන් ගියේ සිංදු අහන්න ද
සල්ලි වලට කහින නීතිඥයෝට ඉතින් ඕවා හොදයි
නදිමාල්ගේ රුධිර පරීක්ෂණය ඇවිත් අමල්ගේ එක තවම නැත්තේ මොකද දන්නේ නැ ?
මේ කිසිදෙයක් අපිට වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ මෙයාලගේ පාතාලයට තියන සම්බන්දකම් පමණයි ..!
අපි දන්නා අමල් යුරෝපයට ආවත් ඉන්නේ පාතලේ අයත් එක්ක සහ තුන් වේල මත්වෙලා. දැන් උදුල් මහත්තයට කරන්න තියෙන්නේ ඩුබායි වල අන්තරයක් හදලා උසාවිය ඉස්සරහ උද්ඝෝෂණයක් කරන්න
ප්‍රසිද්ද උනත් කමක් නැහැ, ඒ අයට විතරක් මොකෝ වෙනසක් උන්ට දඩුවම් දෙන්නම වෙනවා අනික් සමාජය හදන්න නම්.