
(අතුල පී.බණ්ඩාරනායක)
තෙමසක් වයසැති කුඩා බිළිඳියක රුපියල් ලක්ෂ 7කට අලෙවි කළ එම මුදල්වලින් මත්කුඩු පානය කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.
කුරුණෑගල නගරයේ නීතිඥවරයකු මගින් ලියුමක් ලියා එම සිඟිතිය අනුරාධපුර ප්‍රදේශයේ යුවළකට අලෙවි කර ඇති බවට අනාවරණ වී ඇත.
කුඩු සමග අත්අඩංගුවට ගත් මෙම කතගේ බෑගයේ කුඩා දරුවකුගේ ගවුමක් තිබී ඒ පිළිබඳව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම අසු වී ඇත.
දරුවා අලෙවි කළ මුදලින් සැකකාර අඹුසැමි යුවළ රුපියල් 30,000 කුඩු මිලට ගෙන ඉතිරි 6,70,000 මුදල බැංකුවේ තැන්පත් කර ඇති බවට මූලිකර පරික්ෂණවලින් අනාවරණය වි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දරුවා වාසනාවන්තයි. ඔයවගේ දෙමව්පියන් ළඟ හැදෙනවට වඩා හදාගන්න ගත්තු දෙමව්පියෝ ළඟ හැදෙන්න ලැබීම... ඒ මිනිස්සු හොඳට බලාගනීවි.
ඒ වගේ කාලකන්නි දෙමාපියන්ගෙන් වෙන් වෙන්න තරම් දරුවා වාසනාවන්තයි...
කීමට වදන් කිසිවක් නැත මේ පුවත ගැන... දරුවා වාසනාවන්ත යයි හැඟෙනු ඇත... පිංවත් කුඩු මුදලාලිලාහට පිං ගොඩක් ඇත. එපින් බලයෙන් ඔවුන්ගේ දරුකැල දුක් විඳිනු ඇත...