(යොහාන් භාසුර)
අම්පාර ප්‍රදේශයේ අතරමැදියකු ගබඩා කර තිබූ වී කිලෝ ලක්‍ෂ හයක් වැටලා එම වී තොගය සහතික මිලට වී අළෙවි මණ්ඩලය ලබාගත් බව වී ගබඩා කර ඇති සෙසු අතරමැදියන්ට ද නීතිවිරෝධී වී තොග රජයට ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (26) පැවසීය.
උතුරු මැද සහ උතුරු පළාතේ වීමෝල් හිමියන් නොවන අතරමැදියන්ගේ වී ගබඩා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් වටලමින් සිටින බව පැවසූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දින දෙකක් තුළ වී කිලෝ ලක්‍ෂ 80 ක් පමණ ගබඩාකර ඇති ස්ථානවලට මුද්‍රා තැබූ බවත් සඳහන් කළේය.
සහල් මිල ඉහළ දැමීම සඳහා මේ ආකාරයට වී ගබඩා කර තබාගෙන සිටින දිවයින පුරා සෙසු අතරමැදියන්ගේ ගබඩා ද වැටලීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
අතරමැදියෙක් කියන්නේ. කැමති කෙනෙකුට වී ගබඩා කරන්න තහනම් ඇයි?