IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අමද්‍යප මහ සභාවෙන් ජනාධිපතිවරයාට යෝජනාවලියක්

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් මරණ අඩු කර ගැනීම සඳහාත් කොවිඩ්  හමුවේ  රටේ මතුවී ඇති  ආර්ථික පසුබෑම සමනය කර ගැනීම සඳහාත් මධ්‍යසාර සහ දුම්කොළ සඳහා වන බදු මුදල්  වහාම  වැඩි කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

එම මහා සභාව මෙම  ඉල්ලීම කරන්නේ එහි සභාපති ඉත්තෑපානේ ධම්මාලංකාර කෝටිටේ  ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමියන්ගේ සහ ලේකම් නීතිඥ ශාක්‍ය නානායක්කාර  මහතාගේ අත්සනින් යුතුව  යවා ඇති ලිපියක් මගිනි.

මද්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන සඳහා අයකරනු ලබන බදු මුදල් වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු    මෙතෙක්   කිසිදු ආකාරයකින්  වැඩි කිරීමක් කර නැති බවත් දුම්කොළ හා මද්‍යසාරවල  බදු මුදල්  අවසන් වරට ඉහළ දමා ඇත්තේ  මීට වසර දෙකකට පෙර බවත් එම සංගමය සඳහන් කරයි.

රට මේ මොහොතේ මුහුණ දී ඇති අර්බුද රැසකටම  මද්‍යසාර හා දුම් කොළ සඳහා වන බදු මුදල් වැඩි කිරීමෙන් සහනදායි පිළිතුරක් ලැබෙන බව විද්වතුන්ගේ මතය යැයි එම  ලිපියෙන්  පෙන්වා දෙන ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව  මෙම සත්‍යතාව විද්‍යාත්මක පරීක්ෂණ මඟින්ද සනාථවී ඇතැයි පවසයි.

දුම්කොළ සහ මත්පැන්වලින් ලැබෙන බදු මුදල් ඉහළ  දැමීමෙන්  රජයේ සමස්ත බදු ආදායම ඉහළ යන අතරම  දුම්කොළ සහ මත්පැන්වල මිය ඉහළ යෑමෙන් ඒවා භාවිතයද අඩුවීම නිසා ලොකු ප්‍රතිලාභයක් අත්වන  බව එම සංගමය පෙන්වා දෙයි.

මධ්‍යසාර භාවිතය සහ දුම්පානය සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව දුර්වල කරන හෙයින් කොරෝනා  ව්‍යාප්තියටද එය ප්‍රබල හේතුවක් බව අමද්‍යප මහ සභාව ප්‍රකාශ කරයි.

මත්පැන් හා  දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සඳහා  බදු මුදල් ගණනය කිරීම සඳහා නිශ්චිත මිල සූත්‍රයක්  හඳුන්වාදිය යුතු බවත්  බදු මුදල් අයකර ගැනීමේ පාරදෘශ්‍ය ක්‍රියාවලියක් ඇරැඹීය  යුතු බවත් එම සභාව  මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාට වැඩිදුරටත් යෝජනා කරයි.



අදහස් (5)

අමද්‍යප මහ සභාවෙන් ජනාධිපතිවරයාට යෝජනාවලියක්

සරකානි Wednesday, 29 September 2021 03:36 PM

ප්‍රායෝගික වෙන්නේ නැහැ ඔය අදහස්...

:       1       5

Nimal Wednesday, 29 September 2021 03:52 PM

ආර්ථිකය සමනය කරන්නේ කොහොමද ඔය වැඩේ කරලා...? හැම කෙනෙක්ම බලන්නේ පොඩි මිනිහට කෙළින්නනේ.. මේවා අනුවණ අදහස්.. මාධ්‍ය සංදර්ශන එපා කියලා කට්ටියක් කියද්දී මේ ගොල්ලෝ ගණන් වැඩි කරන්නලු. කාටද මේ විහිළු සපයන්නේ...

:       1       4

යෝගා Wednesday, 29 September 2021 05:34 PM

එක එක සංගම් අටවාගෙන හැමෝම රට පාලනය කරන්න හදන එකත් මේ රටට වැදිලා තියෙන හෙනයක්.

:       0       3

Bamunuarachchi Wednesday, 29 September 2021 08:19 PM

මේ යෝජනා කසිප්පු මුදලාලිගෙන් වෙන්න ඇති...!!!

:       0       0

Bamunuarachchi Wednesday, 29 September 2021 08:21 PM

ගණන් වැඩි වුණොත් මම ගෙදර පෙරා ගන්නවා... මොකද ඕක රොකට් සයන්ස් එකක් නොවෙයිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site