(යොහාන් භාසුර)
අභ්‍යාසලාභී රාජ්‍ය නිලධාරිනියන් වෙත ලබාදී ඇති දින 42 ප්‍රසූත නිවාඩුව දින 84 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන්නේ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
“2020 වසරේ බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ට ප්‍රසූත නිවාඩු ලෙස දින 42 ක් පමණක් අනුමත කර ඇති බවත් ඔවුන්ගේ නිවාඩු සංඛ්‍යාව ද අනිකුත් රාජ්‍ය සේවිකාවන්ට ලබාදී ඇති ප්‍රසූත නිවාඩු දින 84 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ දෙවැනි භාෂා විභාගයක් නිසා රජයේ සමස්ත නිලධාරීන් විශාල අපහසුතාවට පත්වීම නිසා එම විභාගය වෙනුවට දෙවැනි භාෂා පාඨමාලා හදුන්වා දුන් බවත් දෙමළ භාෂා විභාගයක් සමත්වීම වෙනුවට පාඨමාලාවකින් නිපුණත්වයක් ලබාගැනීමේ හැකියාව ලැබුණු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ හුඟක් රටවල මේ නිවාඩුව අවුරුදු 02යි...!!!
ආණ්ඩුවේ වැඩකරන අයගේ කට වහලා කොරෝනා බොරුව ගෙනියන්න හැම දෙයක්ම වැඩිකරනවා.
ලංකාවේ ජනගහනයෙන් 10%ක් විතර රජයේ සේවකයින් නැත්නම් රජයේ පෙන්ෂන් අය... පඩි ගෙව්වාම රජයේ ආදායම ඔක්කෝම ඉවරයි...