(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනය බාරගැනීම ප‍්‍රතික්ෂේප කළ බව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකොන් මහතා අද (22) දැනුම් දුන්නේය.
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළැයි රාජපක්ෂ මහතාට චෝදනා ගොනු වී තිබේ.
අදාළ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ උත්තරවාද ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා ඒ බව දැනුම් දුන්නේය.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරී මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339 ක් වැයකොට වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්‍ෂ 339 වැය කර වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
දණ්ඩ නිති සංග‍්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබද පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකොට ඇති බවද නීතීපතිවරයා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 06 වැනි විත්තිකාර මහින්ද සාලිය නමැත්ති හැර සෙසු විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
COMMENTS
දැන් තමන් නිවැරැදි නම් මොකටද නඩුවට සමාවක් නැති අභියාචනා.., තහනම් නියෝග ගන්නේ? හේතුව උසාවියට බයයි. තමන් වැරැදි කළ බව දන්න නිසා..
චන්දන... මේ ඔක්කොම බය නිසා කියලා තේරෙන්නේ නැද්ද? කරපු කියපු දේවල් ඔක්කොම රාජපක්ෂවරු ඉදිරියට එන එක වළක්වා ඩයස්පෝරාව සතුටු කරන්න කරන්නේ...
දැන් පේන්නේ ගිය අවුරුදු ව්‍යවස්ථා කුමන්ත්‍රරණයෙහි ඇත්ත තත්වය...
මෙවැනි විශාල මුදලක් සොහොනට වියදම් කෙරුවේ රජයේ මුදල්... දෙමව්පියන්ට ඔක්සිජන් බට හයිකරලද ඇතුළට... මහින්ද කොහොමත් යන්ත්‍ර මන්ත්‍රවලට දක්ෂයිනේ... නැතිවුණ බලය ගන්නද මේ විදියට වැඩකෙරුවේ?
බබා බයවෙලා. මිග් ගනුදෙනුව ගැනත් හෙව්වා නං හරි දේශප්‍රේමීන්ගේ පැටිකිරිය බලන්න
මෙලෙස මහජන මුදල් අවභාවිතා කරන විට නීතියෙන් දඬුවම් නොලැබුණද මේවට අාත්ම ගණනක් කඹුරන්න වෙනවා.
මෙවැනි පුවත් කියවලාවත් හොරු, මිනීමරුවෝ ජනාධිපති කරන්න වලිකන අයගේ දෑස් පෑදේවා!
රාජපක්ෂ පරපුර තමා රටේ විශාල දේපළ මංකොල්ල කන්න පටන් ගත්තේ... ඊට පෙරත් නොතිබුණාම නොවේ සුළු සුළු වශයෙන් නමුත් මේ පරම්පරාව සහ ගෝලබාලයෝ රට විනාශය දක්වාම රැගෙන ගියා. ඒ ගමන රනිල් සහ ගෝලයෝ කීපදෙනෙක් බැංකු සුද්දකර ණය කන්දරාවකින් රට ඉතාම අවදානම් තත්ත්වයකට පත් කළා. දැන් මේ කාලකණ්නි නායකත්වයට එන්න දඟලනවා. හැබෑවටම තමන්ගේ තියෙන පව් වහගන්න සහ කරන අපරාධ වසන් කර ගන්න දුක පරම්පරා හතකට සාප වේවා මේ කළ විනාශයට...!!!
අපේ සල්ලි හොරකම් කරලා බලු වැඩ කරලා, දැන් නීතියෙන් බේරෙන්න නහින නැහිල්ලක්. කාලකන්නි.