කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලවලට ගෙවන සියලු ගෙවීම් තාවකාලිකව නවතා දමා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කී බව ‘ද සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත වාර්තා කරයි.
මේ අනුව අමාත්‍යවරුන්ට, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ගෙවන සියලු ගෙවීම්, දුරකතන සහ ඉන්ධන දීමනා ඇතුළු සියලු දීමනා මෙන්ම පෞද්ගලික කාර්යමණ්ඩලවලට ගෙවන ලද වේතන යනාදි සියල්ල පසුගිය සතියේ සිට තාවකාලිකව නවතා දමා ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සන්ඬේ ටයිම්ස් පුවත්පතට පැවැසීය.
“මීට පෙර පවත්වන ලද උත්සව, ඉසවු යනාදිය වෙනුවෙන් ගෙවීම් කරන්නැයි ඉදිරිපත් කරන කිසිවකටද මුදල් ලබානොදෙන ලෙස උපදෙස් ලැබී තිබෙනවා” යැයි ද හෙතෙම කීය.
පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනා සහ අභියාචනාධිකරණ තීන්දුව අනුව අමාත්‍යවරුන්ට කරන ගෙවීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් පසුගිය සතියේදී ජනාධිපතිවරයාගෙන් කරුණු පැහැදිලි කරගෙන ඇති අතර ඒ අනුව ඉහත උපදෙස් ලැබී ඇත.
අධිකරණ තීන්දුව අනුව කිසිදු ගෙවීමකට අවසර නොදෙන ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදි උපදෙස් දුන් බව ද රත්නසිරි මහතා කීය.
අභියාචනාධිකරණය දුන් අතුරු නියෝගය මගින් අමාත්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලවලට ගෙවීම් නොකරන ලෙස සෘජුව සහ විශේෂයෙන් සඳහන් නොකළද අග්‍රාමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නිලතල දැරීමෙන් සහ අදාළ කටයුතුවලින් වැළැකී සිටි බව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා පැවැසීය.
ජනාධිපතිවරයා සහ ඔහුගේ ලේකම්වරයා ලබාදෙන නියෝග සහ උපදෙස් පමණක් පිළිපදින ලෙසද, මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ද පරිපාලන කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද කරුණු විමසන්නැයි සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලැබුණු බව ද අමරසේකර මහතා කීවේය.
සන්ඬේ ටයිම්ස් ඇසුරිනි
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්...
ඇති යන්තම් දැන්වත් නීතියට අනුව වැඩකරන්න හිතුව එක. හැබැයි ඉතිං ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතරම නීතිය කියලා හිතන්නේ නැතුව එ්ක උල්ලංඝනය කරලා රටම ප්‍රපාතයකට දැම්මා. එ්කට නම් අපෙන් සමාවක් ලැබෙන්නේ නැහැ.
වැඩේ ටිකක් කචල් වගේ පේන්නේ... ඔහොම යන්, ඔහොම යං...
අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලවලට ගෙවන සියලු ගෙවීම් තාවකාලිකව නවතා දමන්න ඕනෙ නේන්නම්...
හොඳ තීරණයක්... පින්ගුත්තරයෝ 225 ගේම දීමනා සදහටම නවත්තා දමනවා නම් කොතරම් අගේද ..? ගෙදරින් බත් ගෙඩිය ඔතාගෙන එන්න විදියට නීති හදන්න පුලුවන්නං මොන තරම් සුන්දරද? එතකොට ලක් වැසියන් සියල්ලන්ටම අවංකව රට වෙනුවෙන් සේවය කරන මහජන නියෝජිතයන් පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්...
225ක් නිකන් අපරාදේ පාර්ලිමේන්තු යවන්නේ... මහ මැතිවරණයත් අහෝසි කරලා පළාත් සභාත් අහෝසි කරමු... ජනාධිපතිවරණය විතරක් තියමු. ඔනෙම නම් ප්‍රාදේශීය චන්ද ක්‍රමයත් තියාගමු. ආණ්ඩුවක් නෑ කියලා කිසිම රටේ වෙනසක් වුනෙත් නෑ.. අවුලක් වුනෙත් නෑ නේ. මහජන මුදල් ඉතුරුයි. අරයාට ගොඩ එන්න පුලුවන් අන්න එහෙම කරානම්. මිනිස්සු මල්මාල දාලා පිළිගනී.
බටහිර බලවේග ජයග්‍රහණය කළ වගයි. රට අස්ථාවර කිරීමේ උත්සාහය සියයට සියයක්ම හරි ගිය බව අද පවතින තත්වය අනුව පෙනී යයි.
රටට ආදරේ කරන නීතිගරුක විශිෂ්ඨ කාටත් ආදර්ශමත් උතුම් රාජ්‍ය නිලදරුවෙක් ... ඔබට චිරංජයතු .....!!!
යහපත් තීරණයක්....
අධිකරණයට ගෞරවය පුදකරන්න ඕනි ජනතාවගේ විශ්වාසය නැවතත් ඇති කළාට. මොන අඩුපාඩු තිබුණත් පසුගිය ආණ්ඩුව ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලිස් කොමිසමක්, මාධ්‍ය නිදහසත් ඇති කිරීමට යම් ක්‍රියාමාර්ග ගත්තා.
ඔය විදිහට තිබ්බනම් අපේ අය යයිද මරාගෙන ඇමතිකම් ගන්න. එහෙනම් දේශපාලනේට එන්නේ අවංකව සේවයක් කරන්න උවමනාව තියෙන මිනිස්සු විතරයි. ගම් වල ඉන්න රස්තියාදු කාරයොයි, කුඩු, ගංජා මුදලාලිලා පාර්ලිමේන්තු එන්නේ නෑ..
රනිල්ට රටේ සහ එජාපයේ බහුතරයක් මෙන් මමත් කැමති නැත. නමුත් මේ ප්‍රශ්න මොකවත් ඇතිවෙන්නේ නැහැනේ.. ජනාධිපතිතුමා මහින්ද මහත්මයා අගමැති කරන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ ඔහුට බහුතරය තිබෙනවද කියලා පරික්ෂා කර බැලුවා නම් හොඳයි. ආර්ථිකය පසුගිය සති කිහිපය තුල කඩා වැටිලා, රටේ ගොඩක් දේවල් හරියට ක්‍රියාත්මක නොවී රට එක තැන පල්වෙලා ඩොලර් කෝටි ගණනක් පාඩු වෙලා, මේවා කරගහන්න වෙන්නේ බදු ගෙවන අපට නේද?
ඇමරිකාවේ USAID ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය ‘නූතනවාදී කිරීමට’ ඩොලර් මිලියන ගණනක්.. මහාචාර්ය ජයසුමනගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
මේ යන ක්‍රමය හොදයි. ජනාධිපති වරණයක් පමණක් ඇති.
මේ බටහිර බලවේග කියන්නේ මොන යල් පැනපු කතාවක්ද? මෝඩ ඡන්දදායකයින්ව රවට්ටන්න හදාගත්තු පච කතාවක්. බටහිරට අපේ ලංකාවෙන් ගන්න තියෙන්නේ මොන කෙන්ගෙඩියද? ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ රටම රවට්ටනවා..
ඇත්තටම මේ රටට උහුලන්න බැරි තරම් අපේ රටේ ජනතාවගේ ලේ මස් බොන 225රැලක් තවදුරටත් නඩත්තු කරන්න ඕනද කියන එක හිතල බලන්න මේක හොද වෙලාවක්. රජයේ අමාත්‍යාංශ අවංක ලේකම්වරු යටතට පත්කර ඔවුන්ට වැඩකිරීමට බලය දුන්නනානම් රටට කොයිතරම් මුදලක් ඉතිරි කරලන්න පුළුවන්ද කියල පත්තරේකින්වත් විශ්ලේෂණයක් කරල බැලුවනම් හොදයි. ඇමතිලට එකි මෙකි නොකී සියලු දීමනා දීගෙන උන්ගේ බිරින්දෑවරු හා දරුවන් ඇතුළු සැමට නිකං යැපෙන්න දීගෙන සියළු වියදම් දරාගෙන බුරුතු පිටින් උන්ව නඩත්තු කරන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු වලින් රටේ සංවර්ධනයට කියා එකතු කරන මුදල් කොච්චර නම් වියදම් කරනවාද. ඒත් උන්ගෙන් රටට මෙතෙක් ලැබුනේ මොනවාද යන්න අප සැමට ප්‍රශ්නයක්. දැන් උන් නෑ කියා වෙසක් තියෙන්නේ බඩගෝස්තරවාදී ජාතිවාදී දේශපාලකයන්ට හා තම තමන්ගේ ජාත්‍යන්තර න්‍යාය පත්‍ර අපි වගේ දුප්පත් රටවල් පිට පටවන බලගතු රටවල්වල අපතයන්ට පමණි. මේ රටේ ජනතාවට කිසිම වෙනසක් හෝ පාඩුවක් වී නැත. ආයෝජකයින් කුට්ටි ගනන් කොමිස් මුදල් අමන දේශපාලුවන්ට පූජා කිරීමට සිදු නොවේ ආර්ථීකයට වුව මෙය අස්ථාවර යැයි හැගෙන්නේ මෙය පිලිගන්නට අප රටේ මෙතෙක් නීතියක් නැති නිසා මිස වෙනකක් නිසා නොවේ.
හොඳ තීරණයක්...
රනිල්ගේ කණ්ඩායම හෝ මහින්දගේ කණ්ඩායමවත්.. කිසිම වරප්‍රසාදයක් ලැබීමට නුසුදුසු බව ඉතාමත් කණගාටුවෙන් සඳහන් කරමු .. !!! යහපාලනයට අලුත් මුහුණුවරක් දිය යුතුයි.. !
සියයට 100ක්ම ඇත්ත..
ඇයි අපි නූගත් අසාර්ථක 225කට මෙච්චර දීමනා ගෙවන්නේ... දැනුත් රට යන්නේ කලින් ක්‍රමයටමනේ ඕගොල්ලෝ ඔහොම්මම ගෙදර හිටපුදෙන්... මේක තමා සල්ලි ඉතුරුකරන ක්‍රමය ඔහොම යමු..
අපිට සල්ලි නැතිහින්දා මොවුන්ට පඩි නොගෙවා සිටිමි.. ජනාධිපතිටත් රුපියල් 10ක් දෙමු. මේ කාගැනවත් වැඩක් නැහැ. මහින්ද මහත්තයා සහ ගෝලබාලයින් ඇතිතරම් මුදල් හොයලයි තියෙන්නේ.