IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


‘අපි රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය ජනතාව අතරට ගෙනගියා’

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

‘‘ සාමාන්‍යයෙන් අප අපහාසාත්මක පුවත් විකාශය කරන්නේ නැහැ . මෙම ප‍්‍රකාශය රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළේ සියලූම මාධ්‍ය නියෝජිතයින් කැඳවලයි. රාමනායක මහතා මෙම ප‍්‍රකාශ්‍ය කළේ ජනතාවට දැන ගන්නයි. මෙම ප‍්‍රවෘත්තිය ජනතාව දැන ගත යුතුයි කියලා අපි හිතුවා. මෙහි මුල් පිටපත අප සතුව නැතැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහි අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියට අදාළ නඩුව විභාගයට ගත් අවසථාවේදී සිරස නිවුස් ෆස්ට් ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක ගයාන් සම්පත් මහතා සාක්කි දෙමින්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.

සිසිර ද ආබෲ , ප‍්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැණුනි.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප‍්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙයවීම මත සාක්කි දෙමින් සිරස නිව්ස් ෆස්ට් ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක ගයාන් සම්පත් මහතා මෙසේ ද කීය.

‘‘මාගේ මාධ්‍ය ජීවිතයට දැනට වසර 20ක කාලයක් පමණ වෙනවා. මා කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙක්. තවදුරටත් මාධ්‍ය පිළිබඳ අධ්‍යයනය සිදු කරනවා. මෙම සිද්ධිය පිළිබඳ ප‍්‍රවෘත්තිය මාගේ අධීක්ෂණය යටතේ විකාශය වුණා.

ඉන් පසුව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්කිකරු මෙසේ ද පැවසීය.

ප‍්‍රශ්නය : ඔබ අදාළ වීඩයෝ පටය නැරඹුවාද ?

පිළිතුරු : ඔව්.

ප‍්‍රශ්නය : එක් වරකට වැඩිය නැරඹුවාද ?

පිළිතුරු : ඔව්. කිහිපවරක් පරීක්ෂා කළා. සාමාන්‍යයෙන් මා දවසකට වීඩියෝ පට 30 ත් 40 ක් පමණ පරීක්ෂා කරනවා. මේවා සාමාන්‍යයෙන් තබා ගන්නේ දින 7 කාලයක් පමණයි.

ප‍්‍රශ්නය : එය ආයතනයේ ප‍්‍රතිපත්තියක්ද ?

පිළිතුරු : එය ප‍්‍රායෝගිකව සිදුකරන ක‍්‍රියාවලියක්.

ප‍්‍රශ්නය : ඔබලාගේ ආයතනයේ ලිඛිත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් තිබෙනවාද ?

පිළිතුරු : ජූඩ් 3 වෙබ් කියලා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් තිබෙනවා. එය ලිඛිතව තිබෙනවා. සාමාන්‍යයෙන් අදාළ කාලය තුළ විකාශය කරනු ලබන ප‍්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් නැවත පරීක්ෂා කිරීමක් සිදු කරනවා. අපි කටයුතු කරන්නේ ඒ ප‍්‍රතිපත්ති රාමුව අනුවයි.

ප‍්‍රශ්නය : එය අධිකරණයට ඉදිරිපත් කළ හැකිද ?

පිළිතුරු : අද දින එය මා ගෙනත් නැහැ. අවශ්‍ය නම් අධිකරණයට ඉදිරිපත් කළ හැකියි.

ප‍්‍රශ්නය : විකාශය වන සෑම ප‍්‍රවෘත්තියක්ම වගකීම ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සතුයි නේද ?

පිළිතුරු : ඔව්. විකාශය වන සෑම ප‍්‍රවෘත්තියකම වගකීම ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සතුයි.

ප‍්‍රශ්නය : යම් ප‍්‍රවෘත්තියක අපහාසාත්මක කොටසක් තිබුණොත් එය ඉවත් කිරීම ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාගේ වගකීමක් නේද ?

පිළිතුරු : ඔව්. ප‍්‍රවෘත්තිවල අපහාසයක් තිබුණොත් එය ඉවත් කරනවා. මා නීති විශාරදයෙක් නොවෙයි. අවශ්‍ය නම් නීති උපදෙස් ලබා ගන්නවා. විශේෂයෙන් අධිකරණය සම්බන්ධ ප‍්‍රවෘත්තිවලදී මේ පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වනවා. මේ පිළිබඳ අප පූර්වාදර්ශ්‍යක් හැටියට සළකන්නේ එස්.බී.දිසානායක නඩුවයි.

ප‍්‍රශ්නය : මේ ප‍්‍රවෘත්තිය සම්බන්ධ කටයුතු කළේ කෙසේද ?

පිළිතුරු :  රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මෙම ප‍්‍රකාශ්‍ය සිදු කළේ සියලූම මාධ්‍ය ආයතනවල නියෝජිතයින් කැඳවලයි. මෙම ප‍්‍රවෘත්තිය ජනතාව දැනගත යුතුයි කියලා අපි හිතුවා. රාමනායක මහතා මෙම ප්‍රකාශ කළේ ජනතාවට දැනගන්නයි. ජනතාවට එය දැනගන්නට සැලසීම මාධ්‍යයේ වගකීමයි.

ප‍්‍රශ්නය :  මෙය විකාශය කළේ කවදාද ?

පිළිතුරු :  2017 වසරේ අගොස්තු 21 දින .

ප‍්‍රශ්නය :   පුද්ගලයින් දෙදෙනෙකු රංජන් රාමනායක මහතාට නඩු දමා කියලා දැන ගත්තේ කවදාද ?

පිළිතුරු :  අධිකරණයෙන් සංයුක්ත තැටි ඉල්ලු අවස්ථාව සහ සාක්කි දීම සඳහා සිතාසි නිකුත් කළ අවස්ථාවේදීයි.

ප‍්‍රශ්නය :   ඊට ප‍්‍රථම මේ ගැන දැන ගන්නේ නැද්ද ?

පිළිතුරු :  නැහැ.

ප‍්‍රශ්නය :   මෙම නඩුව ගොනුකර හැටියේම මාධ්‍ය මගින් විශාල ප‍්‍රචාරයක් සිදු කළා නේද ? එවිට දැනගත්තේ නැද්ද ?

පිළිතුරු :  නැහැ. සාමාන්‍යයෙන් අප ආයතනයෙන් වාර්තාකරුවෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවන දේවල් වාර්තා කිරීම සඳහා අනුයුක්ත කර තිබෙනවා. සාමාන්‍යයෙන් විශේෂ අවස්ථාවලදී රංජන් රාමනායක මහතා අධිකරණයට පැමිණෙනවා මා දැක තිබෙනවා.

ප‍්‍රශ්නය : සාමාන්‍යයෙන් වීඩියෝ පටයක් විකාශය කරන්නේ සංස්කරණය කිරීමෙන් පසුවද ?

පිළිතුරු :  ඔව්. ප‍්‍රවෘත්තියේ මූලික අර්ථයට හානියක් නොවන පරිදියි එය සිදු කරනු ලබන්නේ.

ප‍්‍රශ්නය :   රංජන් රාමනායක මහතා විනිසුරුවරුන්ට ප‍්‍රශංසා කළ කරුණුත් මෙම වීඩියෝ පටයේ තිබුණා. ඒවා ඉවත් කළා නේද ?

පිළිතුරු :  මෙම වීඩියෝ පටය සංස්කරණය කර බොහෝ කාලයක් වෙනවා. මේ පිළිබඳ මගේ මතකයක් නැහැ. මෙය වාර්තා කළේ ධනංජය නාරම්බැද්ද නැමැත්තායි.

ප‍්‍රශ්නය :   සංස්කරණයේ දී කපා දැමූ කොටස් යළි මතු කිරීමේ තාක්ෂණය මඟින් ලබාගත හැකි නේද ?

පිළිතුරු :  ඔව්. හැබැයි දැනට අප ආයතනයේ සර්වර් අළුත්වැඩියා කරන බැවින් එය කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ.

ඉන්පසුව සිරස මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පී ලක්රුවන් ධනුෂ්ක වර්ණකුලසූරිය මහතා සාක්කි දුන්නේය.

‘‘ මෙම ආයතනයේ සේවයට බැඳී වසර 8ක් පමණ වනවා. ප‍්‍රවෘත්ති සාකච්ඡා ආවරණය කරනවා. මෙම සිද්ධියට අදාළ දින අරලියගහ මන්දිරයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, එය ආවරණය කරන ලෙසත් මට දැනුම් දැනුම් දුන්නා. මා සමඟ ධනංජය නාරම්බැද්දත් පැමිණියා. රංජන් රාමනායක මහතා මෙම ස්ථානයෙන් එළියට පමැණියේ අවසානයේදීයි. ඔහුගේ ප‍්‍රකාශ කැමරා ගතකර අදාළ විෂය මාධ්‍ය ආයතනයට ලබා දුන්නා යැයිද හෙතෙම කීය.

නියෝජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක මහතා එරෙහි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රයේ මෙසේ සඳහන් වේ.

විත්තිකරු ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග‍්‍රමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත ලබා දුන් ප‍්‍රකාශයක් මඟින්  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට නුගේගොඩ , ගංගොඩවිල ,වලව්වත්ත පාර් ,අංක 43 /11 දරණ ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නැමැත්තා විසින් ශ්‍රේස්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර ඇත. මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21  සහ දෙසැම්බර් 14 යන දිනයන්හී අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම කැඳවා අදාළ වීඩියෝ පට විත්තිකරු ප‍්‍රකාශ පෙන්වා ඇත.

ඒ අනුව ඒ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මතය වී ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයේ ප‍්‍රකාශ අදාළ වීඩියෝ පටයේ සඳහන් වන බවය.

ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 යන වගන්තිය යටතේ විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

මෙයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය ප‍්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කර විත්තිකරුට දඬුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට නියෝග කරමින් මෙම ආඥාවක් නිකුත් කරමි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා වන චෝදනා ආඥා කෙටුම්පතක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ඉකුත් ජුනි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියමය අනුව නීතිපතිවරයා විසින් මෙම කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී.

ඒ අනුව විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත‍්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් කියවා බාර දෙන ලදී.

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙනුවෙන් නීතිඥ ඇම්.ඒ සුමන්තිරන් මහතා ද ,නීතිපතිවරයා වෙනුවෙන් පෙනී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා සහ රජයේ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනි සිටියහ.

අධිකරණ අපහාස නඩු විභාගය හෙට (30) යළි කැඳවේ.



අදහස් (2)

‘අපි රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය ජනතාව අතරට ගෙනගියා’

දිමුත් Tuesday, 29 January 2019 06:57 AM

පුදුම වැඩක්නේ.

:       6       15

dias Tuesday, 29 January 2019 11:05 AM

රංජන් රාමනායක මහතා විනිසුරුවරුන්ට ප‍්‍රශංසා කළ කරුණුත් මෙම වීඩියෝ පටයේ තිබුනබව මේ පෙරකදෝරු මහතා හොඳින්ම දන්නේ කෙසේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site