(ජේ.කේ.එල් චාමින්ද)

අපේ මීළඟ සටන තියෙන්නේ ජනතා වරම අනුව යලිත් ආණ්ඩුවක් හදා රට පාලනය කොට කිසිඳු බියක් නොමැතිව පාර්ලිමෙන්තු මැතිවරණයට යාම බව හිටපු අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (03) ගාල්ලේදී පැවැසීය.

එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරණු ලැබූ ‘‘යුක්තයේ  ජනහඩ‘‘ විරෝධතා රැළියට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

දෙවියන්ගේ නාමයෙන් අධිකරණ තින්දුව අනුව මේ අයට දැන් පලයව් පලයව් කියා කියනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි  සඳහන් කළේය. 

රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

        ‘‘අධිකරණයේ මේ අයට කියලා ති‍යෙන්නේ පලයව් කියලා. දේවියන්ගේ නාමයෙන් යන්න කියලා මේ අයට කියනවා.  අධිකරණයෙන් කියලා තියෙන්නේ ආණ්ඩුවකට විරුද්ධව නොව පුද්ගලයින්ට විරුද්ධව දෙන තීන්දුවක් කියලා මෙතන නීත්‍යානුකූලව අගමැතිවරයෙක්  කැබිනට් මණ්ඩලයක් අදලා බලධාරියාට  පත් කරන්න පුළුවන්.

මේ නිසා රටේ පාලනයට හානියක් නැහැ. පාර්ලිමෙන්තුව බහුතරක් තියෙන මන්ත්‍රීවරයා තමයි අගමැතිවරයා  වන්නේ. අපි මන්ත්‍රීවරුන්ගෙන්  දිවුරුම් ප්‍රකාශ ලබාගෙන තියෙනවා  එම දිවුරුම් ප්‍රකාශ ජනාධිපතිවරයාට දෙනවා.

2015 දී අපි කියන දේ විශ්වාසකරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිකළා.   අපට ආණ්ඩු බලය දුන්නා.මාව අගමැති කළා අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න.  මම එකක් කියනවා  අපි ජනතාවගේ වරම  පාවලා දෙන්නෙ නැහැ. ව්‍යවස්ථාව දූෂණය කරන්න දෙන්නෙ නැහැ. අයිතිය ප්‍රතික්ෂ කරන්නේ නැහැ. අපේ සටන  ජනතාව ගේ වරම අනුව යලිත් ආණ්ඩුවක් හදලා රට පානලනය කරලා පාර්ලමේන්තු  මැතිවරණයකට යාමයි ඒ සඳහා අපි බය නැහැ.

මැතිවරණයක් සඳහා  එජාප පෙරමුණේ  අය පමණක් නෙවෙයි.  සන්ධානයට  ජ.වි.පෙට ද්‍රවිඩ සන්ධානයට ඡන්දය දුන්නු අය එකඟ විය යුතුයි.  ඒ සියලුදේනාම තීන්දු කරන්න අවශ්‍යයි . ඡන්දයකට යනවාද කියලා.

යහපාලනයක් අපි ඇති කළා. අපට ආණ්ඩුව දෙන්න ඒ අනුව  පක්ෂ සියල්ල කැඳවලා ඒ අය එකඟ නම් ඡන්දය පවත්වන්න සුදානම් කියලා අපි කියනවා. ඒ සඳහා  එක්සත් ජාතික පෙරමුණ , ජ.වි.පෙ සහ ද්‍රවිඩ සන්ධානය එකඟ වෙන්න ඕන.

ජ.වි.පෙ කියලා තියෙනවා 2019 ඡන්දය පවත්වන්න ඕන කියලා. ඒ අයට තියෙන්නේ ද්‍රඩිව සන්ධානයට කථා කරන්න.  ඒ අනුව ද්‍රවිඩ සන්ධානයේ සහයෝගයත් අරගෙන  ඡන්ද තියෙන දිනය තීරණ කරන්න කියලා තමයි අපි කියන්නේ.

අපට වුවමනා අපට අවශ්‍ය ජනතාවගේ තීරණය. ඒ අය කිව්වොත් වෙලාසනින්  ඡන්දයට එනවා කියලා අපට ප්‍රශ්නයක් නැහැ. රූපාවාහිණියෙන් කථා කරලා අධිකරණයට බලපැම්  කරන එක නෙවෙයි කරන්න ඕන.ද්‍රවිඩ සන්ධානය සමඟ කතා කරලා  එකඟතාවයට එන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ එකඟතාව ලබා දෙන්නම්  දැන්  ඔක්කොම  ඉවරයි .ගිය ගමන  ඉවරයි  නඩු තීන්දුව දෙකක්  දිලා තියෙනවා .

රටේ අස්ථාවර තත්ත්වයක් ඇතිකරලා වැඩක් නැහැ.මේ රටේ සංචාරකයින් නැහැ රුපියල කඩාවැටිලා.  බඩුමිල වැඩිවෙනවා. නිල ඇදුම් නැහැ.

ව්‍යස්ථාව අනුව ඡන්දයක්  තිබිය යුතුයි. ඒ අනුව විතරයි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්නේ. පාර්ලිමෙන්තුවේ ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත්  19 වැනි සංශෝධනයේ දී  දුන්න පොරෙන්දුව තමයි ජයග්‍රහණය කළේ.

අපි ජ්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. ජනතාවට වටිනාකමක් දීලා තියෙනවා ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවක් ඇති කරන්න.පාර්ලිමේන්තුව බහුතරයක් තියෙන මන්ත්‍රීවරයා තමයි අගමැතිවරයා පත්කරන්නේ 77 ඉදලා කළේ ඒ විදියට‘‘යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

පාඨලි චම්පික රණවක, රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු ජනරැළිය සඳහා සහභාගි වූහ.

ඡායාරූප - ළහිරු හර්ෂණ