(ජේ.කේ.එල් චාමින්ද)
අපේ මීළඟ සටන තියෙන්නේ ජනතා වරම අනුව යලිත් ආණ්ඩුවක් හදා රට පාලනය කොට කිසිඳු බියක් නොමැතිව පාර්ලිමෙන්තු මැතිවරණයට යාම බව හිටපු අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (03) ගාල්ලේදී පැවැසීය.
එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරණු ලැබූ ‘‘යුක්තයේ ජනහඩ‘‘ විරෝධතා රැළියට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
දෙවියන්ගේ නාමයෙන් අධිකරණ තින්දුව අනුව මේ අයට දැන් පලයව් පලයව් කියා කියනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.
‘‘අධිකරණයේ මේ අයට කියලා තියෙන්නේ පලයව් කියලා. දේවියන්ගේ නාමයෙන් යන්න කියලා මේ අයට කියනවා. අධිකරණයෙන් කියලා තියෙන්නේ ආණ්ඩුවකට විරුද්ධව නොව පුද්ගලයින්ට විරුද්ධව දෙන තීන්දුවක් කියලා මෙතන නීත්‍යානුකූලව අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් අදලා බලධාරියාට පත් කරන්න පුළුවන්.
මේ නිසා රටේ පාලනයට හානියක් නැහැ. පාර්ලිමෙන්තුව බහුතරක් තියෙන මන්ත්‍රීවරයා තමයි අගමැතිවරයා වන්නේ. අපි මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන තියෙනවා එම දිවුරුම් ප්‍රකාශ ජනාධිපතිවරයාට දෙනවා.
2015 දී අපි කියන දේ විශ්වාසකරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිකළා. අපට ආණ්ඩු බලය දුන්නා.මාව අගමැති කළා අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න. මම එකක් කියනවා අපි ජනතාවගේ වරම පාවලා දෙන්නෙ නැහැ. ව්‍යවස්ථාව දූෂණය කරන්න දෙන්නෙ නැහැ. අයිතිය ප්‍රතික්ෂ කරන්නේ නැහැ. අපේ සටන ජනතාව ගේ වරම අනුව යලිත් ආණ්ඩුවක් හදලා රට පානලනය කරලා පාර්ලමේන්තු මැතිවරණයකට යාමයි ඒ සඳහා අපි බය නැහැ.
මැතිවරණයක් සඳහා එජාප පෙරමුණේ අය පමණක් නෙවෙයි. සන්ධානයට ජ.වි.පෙට ද්‍රවිඩ සන්ධානයට ඡන්දය දුන්නු අය එකඟ විය යුතුයි. ඒ සියලුදේනාම තීන්දු කරන්න අවශ්‍යයි . ඡන්දයකට යනවාද කියලා.
යහපාලනයක් අපි ඇති කළා. අපට ආණ්ඩුව දෙන්න ඒ අනුව පක්ෂ සියල්ල කැඳවලා ඒ අය එකඟ නම් ඡන්දය පවත්වන්න සුදානම් කියලා අපි කියනවා. ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ , ජ.වි.පෙ සහ ද්‍රවිඩ සන්ධානය එකඟ වෙන්න ඕන.
ජ.වි.පෙ කියලා තියෙනවා 2019 ඡන්දය පවත්වන්න ඕන කියලා. ඒ අයට තියෙන්නේ ද්‍රඩිව සන්ධානයට කථා කරන්න. ඒ අනුව ද්‍රවිඩ සන්ධානයේ සහයෝගයත් අරගෙන ඡන්ද තියෙන දිනය තීරණ කරන්න කියලා තමයි අපි කියන්නේ.
අපට වුවමනා අපට අවශ්‍ය ජනතාවගේ තීරණය. ඒ අය කිව්වොත් වෙලාසනින් ඡන්දයට එනවා කියලා අපට ප්‍රශ්නයක් නැහැ. රූපාවාහිණියෙන් කථා කරලා අධිකරණයට බලපැම් කරන එක නෙවෙයි කරන්න ඕන.ද්‍රවිඩ සන්ධානය සමඟ කතා කරලා එකඟතාවයට එන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ එකඟතාව ලබා දෙන්නම් දැන් ඔක්කොම ඉවරයි .ගිය ගමන ඉවරයි නඩු තීන්දුව දෙකක් දිලා තියෙනවා .
රටේ අස්ථාවර තත්ත්වයක් ඇතිකරලා වැඩක් නැහැ.මේ රටේ සංචාරකයින් නැහැ රුපියල කඩාවැටිලා. බඩුමිල වැඩිවෙනවා. නිල ඇදුම් නැහැ.
ව්‍යස්ථාව අනුව ඡන්දයක් තිබිය යුතුයි. ඒ අනුව විතරයි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්නේ. පාර්ලිමෙන්තුවේ ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් 19 වැනි සංශෝධනයේ දී දුන්න පොරෙන්දුව තමයි ජයග්‍රහණය කළේ.
අපි ජ්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. ජනතාවට වටිනාකමක් දීලා තියෙනවා ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවක් ඇති කරන්න.පාර්ලිමේන්තුව බහුතරයක් තියෙන මන්ත්‍රීවරයා තමයි අගමැතිවරයා පත්කරන්නේ 77 ඉදලා කළේ ඒ විදියට‘‘යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
පාඨලි චම්පික රණවක, රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු ජනරැළිය සඳහා සහභාගි වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ශ්රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු විය.
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටීමේ ගුවන් අනතුර සම්බන්ධ වාර්තාව මෙතෙක් පිටවී නැතැයි කැබිනට්
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) සවස දැනුම්දෙන බව කැබිනට් ප්
ගුවන් යානා නාශක උණ්ඩ සිය නිවසේ සඟවාගෙන සිටි බව කියන හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින්. අත්අඩංගුවට ගෙන ඇත.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී ඉකුත් (21) දා ඇතිවූ ආරවුලකදී එහි සිටි ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව කියන පුද්ගලයන් සිවු දෙනෙක් කොළඹ මධ්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
‘‘අපේ මීළඟ සටන ජනතා වරම අනුව ආණ්ඩුවක් හැදීමයි‘‘
menna Monday, 03 December 2018 02:45 PM
හොඳක් කරන්න. අපි බලන් ඉන්නේ.
Cisco Monday, 03 December 2018 02:49 PM
තව මොනවාද විකුණන්න තියෙන්නේ........ ඔන්න ඔහේ ඔය ටිකත් විකුණා දාමු
Ruchi Monday, 03 December 2018 02:58 PM
ආ එන්න ....... අපි ඉන්නේ එනකම්. හිතේ ඇති අපිව අායෙමත් ගොන්නු කරලා ඡන්දෙ ගන්න.
Ajith Nissanka Monday, 03 December 2018 03:05 PM
මීළඟ සටන මෙයාව මෙතනින් තල්ලු කරලා තරුණ නායකයෙකුට නායකත්වය ලබා දීමයි !!!
BamunuarachchiMonday, 03 December 2018 03:49 PM
නිකමට නමක් කියන්න තරුණ නායකයෙකුගේ. තරුණ කමටද රටක් බාර දිය යුත්තේ අත්දැකීම් සහිත පළපුරුදු කමටද? ඔබ අසනීපයකදී යන්නේ තරුණ දොස්තරයෙක් ගාවටද ලෙඩට බෙහෙත් කර පළපුරුදු දොස්තර කෙනෙක් ලඟටද?
Chanak Los angrlesTuesday, 04 December 2018 01:47 AM
ලෝකයේ කොයි රටේද තරුණයි කියන නායකයෙක් රටක් පාලනය කරන්නේ ?
NuwanTuesday, 04 December 2018 06:42 AM
ඇමරිකාවට අල්ලපු රටක් තියෙනවා කැනඩාව කියල දන්නවද දන්නේ නැහැ.
BamunuarachchiTuesday, 04 December 2018 02:17 PM
දැන් ඒ රටට මොකද වෙලා තිබෙන්නේ? කලක් ලෝකයේ ජීවත්වෙන්න හොඳම රට හැටියට ප්‍රකාශිත රට දැන් හොඳ රටවල්වලින් 10 වෙනි තැනත් පහු කරලා. ඊයේ පෙරේදා ඔලිම්පික් පවත්ත්වන්න ගෙනා යෝජනාවට මොකද උනේ අකුලා ගත්තානේද?
sandy123Tuesday, 04 December 2018 06:48 AM
තරුණයකුට අත්දැකීම් නැත. තරුණයෙක් යනුවෙන් ආමන්ත්‍රණය කරන අයගේ වයස් සීමාව දැන ගැනීමට කැමතියි. අත්දැකීම් නැතිව රටක් පාලනය කල නොහැක. එසේනම් සහායක අගමැති තනතුරක් තිබිය යුතු වන අතර නවකයෙක් (වයසක් ස්ථාපිත කර උපරිමයකට යටත්ව) පත් කල යුතුය. වරද්ද වරද්ද රටක් පාලනය කල නොහැකි නිසා මෙයින් ඔහුට හෝ ඇයට අත්දැකීම් ලබා ගත හැක. නමුත් සෑම රැකියාවකට සේම දේශපාලනයටද වයසක් තිබිය යුතුමය. මෙය සෑම නියෝජ්‍ය තනතුරකට අදාළ කල හැක. එමෙන්ම උගත්කම සහ චරිත සහතිකය අත්‍යවශ්‍ය සාධකයකි. විරුද්ධත්වයක් ඇත්නම් විරුද්ධත්ව පැමිණිලි කල හැකි ක්‍රම වේදයක්ද තිබිය යුතුය.
Raveendra Monday, 03 December 2018 03:26 PM
225 කින් සමන්විත ගවයන් රෑනකින් කොටසක් මෙසේ දැකීමත් කනගාටුවකි.
Ranjan Samarasinghe Monday, 03 December 2018 03:59 PM
ඡන්දෙකට මුහුණ දෙන්න බයයි
Bamunuarachchi Monday, 03 December 2018 04:03 PM
ඒ කියන්න ද්‍රවිඩ සන්ධානයෙන් පිට ඔබට ලෝකයක් නැද්ද? අවුරුදු 4 ක් රට සේවයක් කොරන්න බැරි උන අය එක අවුරුද්දකින් මොනවා කරන්නද? ඔහෙලා ජනතාවට වටිනාකමක් දුන්නේ නැහැ වටිනාකම දුන්නේ ඉන්න මන්ත්‍රීලාගේ ජොබ් එකටයි පැන්ෂන් එකටයි. රුපියල කඩාවටුණේ බැංකුව කොල්ල කාපු දිනයේ සිට. රටේ ජනතාවට කොළ කඩලා පෙන්වන්න එපා ජනතාව ගහ මොකක්ද කියා දන්නවා.
vijitha Monday, 03 December 2018 05:03 PM
වැඩේ හොඳයි, නමුත් වරද තියෙන්නේ ජනවරම ගන්න යන්නේ පක්ෂයේ වරම බලහත්කාරෙන් ගත්ත කෙනෙක්. පුළුවන් නම් ඔය ජනවරමට ඉදිරිපත් වෙන්න පක්ෂය ඇතුලේ ඡන්දයක් තියලා පාක්ෂිකයින්ගෙන් වරමක් ගන්න. එතකොට තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ. ඇමෙරිකාවේ එකට කියන්නේ ප්‍රථමික මැතිවරණ කියලා. එහෙ ඇම්බැට්ටයෝ මණ්ඩලවල සභාපති තනතුරට දාල, සභාපතිට කියලා තමුන්වම නම් කරගෙන එන එකට ප්‍රජාතන්ත්‍රවාද කියන්නේ නැහැ.
විජිත් Monday, 03 December 2018 10:43 PM
" ..අපේ මීළඟ සටන රටවැසියන්ගේ ඇස් වසා මුළු රටම පිට රටවල් වලට දීර්ඝ කාලිනව බදු දීම. පිට රටවල් වල තියෙන ඔක්කොම කුණුකන්දල් අපේ රටට ආනයනය කරනවා. අපි ( රුපියල නොවේ ) ඩොලරය ශක්තිමත් කරනවා. අපේ තරුණ තරුණියන්ට නොමිලේ වයි ෆයි දෙනවා. මුළු රටම වයි ෆයි වලින් නාවනවා.. මුළු රටේම ඉන්න ජනතාවත් ඉපදෙන්න ඉන්න දරුවනුත් විකිරණශිලිතාවෙන් පිඩා විඳින ලෙඩුන් රැසක් කරනවා...අපි ඔබට පොරොන්දු වෙනවා.."
chutta Tuesday, 04 December 2018 01:12 AM
මේ අය ආණ්ඩු හදන්නේ කාටද? ජනතාවටද, නැත්නම් ඒ අයටමද?
Ajith Tuesday, 04 December 2018 02:22 AM
අවුරුදු 3ක් දුන්න සැප අපිට අමතක නෑ
Bandula. Tuesday, 04 December 2018 03:35 AM
අනේ තරුණයෙකුට දීලා ගෙදරට ගියානම් ලොකු පිනක් කියල හිතෙන්නේ නැද්ද.
mahinda Tuesday, 04 December 2018 05:35 AM
ජනතා බලාපොරොත්තුව ඔබ නොව තරුණ හෝ නව අගමැති කෙනෙක්..
Nimal Tuesday, 04 December 2018 05:42 AM
පරණ නායකයන් සමග පරණ හොරු රැලත් ඉවත් වුනොත් හොදයි නේද?
Soma dubayi Tuesday, 04 December 2018 06:00 AM
විශිෂ්ට තීන්දුවක් මැතිතුමනි ,ඔබ තුමන්ගේ නායකත්වය යටතේ අලුත්ම රටක් හදන්න.
Dissanayaka Tuesday, 04 December 2018 06:02 AM
හිටපු අවුරුදු 3 අපිට අමතක නැහැ
Nuwan Tuesday, 04 December 2018 06:43 AM
ඔයාලා 225 ම යවලා විද්වත්තු 25 දෙනෙක් පත් කරන්න ඕනේ සිංගප්පුරුව වගේ.
chandra dubai Wednesday, 05 December 2018 03:49 PM
Soma dubayi, ඔයත් සමනලියක්ද...?