IMG-LOGO

‘‘අපි පෙන්නුවේ පොඩි දෙයක් පමණයි‘‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සමග ජන බලවේග කාර්යාලය අසලට පැමිණ පෙන්නුවේ පොඩි දෙයක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ඔබලා කරන දේවල්වලට අපිටත් වැඩ කරන්න පුළුවන් " යැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා එම පක්ෂයේ ඇතුල්කෝට්ටේ ප්‍රධාන කාර්යාලයට එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදීය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි.

කාවින්ද ජයවර්ධන මහතා:

කණ්ඩායමක් සමගි ජන බලවේගයේ කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළා. මෙවැනි දේවල් අනුමත කරන්න බැහැ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:

"තරුණ මන්ත්‍රීතුමා කිව්වා එතුමාලගෙ කාර්යාලයට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති කළා කියලා. අර ඔබතුමාලගේ කාන්තාවන්ගේ නායිකාව අපේ ගෙවල්වලට කරන්න ආරාධනා කළ විදිය දැක්කනෙ. ඒ වැඩ හරිද."

" හොඳට මතක තියාගන්න. ඔබතුමාල ගන්න තීන්දු තීරණවලට අපිටත් වැඩ කරන්න පුළුවන්. අපි ඔයාලගේ කාර්යාලයට ඇවිල්ලා පෙන්නුවෙ ටිකයි."

 



අදහස් (5)

‘‘අපි පෙන්නුවේ පොඩි දෙයක් පමණයි‘‘

කොරලගේ Thursday, 10 March 2022 11:36 AM

මේ ඇමතියන්ට හම්බ කරගත්ත සල්ලි කෝටි ගනමි තියෙනවනෙ මොන ප්‍රශ්නද... මහජනතාවට නම් බඩ පොත්තට ඇලිල හැතැප්ම ගනමි පෝලිම්වල වරැ ගනම් රස්තියාදු වෙනව.මේ ඇමතියන්ට අපි කියන්නෙ....එනවකො චන්දෙ ඉල්ලගෙන...ඉලපතෙන් තමය් අපි දෙන්න බලන් ඉන්නෙ.ආය් මේ කපේදි බොලනම් එපා.

:       0       0

B.D.S. wijewardana Friday, 11 March 2022 10:44 AM

ඕක ජොන්ටට පොඩි දෙයක්... ඡන්ද බලය අරන් කරන මහජන සේවයේ තරම තමයි ඔය..!

:       2       19

Ethanol Friday, 11 March 2022 03:27 PM

ජොන්ටාට පොඩි දෙයක් වුණත් දේශපාලකයන්ගේ හැසීරීම, විනය සහ ආදර්ශමත් බව පිළිබඳව මහා මූසල සංඥාවක්. දැන් මධුර විතානගේගෙ මයිලකටවත් කාටවත් අත තියන්න දෙන එකක් නැහැ.

:       1       37

Perera Saturday, 12 March 2022 12:11 PM

ඔහොම යමු... තව ටික දවසක්... ජනතාවත් ‘‘පොඩි දෙයක්‘‘ ඔහෙලටත් පෙන්නන දවස වැඩි දුර නැහැ...

:       0       114

Jagath Monday, 14 March 2022 04:16 PM

ජනතාව හොඳ ලොකුඑකක් ළඟදීම පෙන්නනවා. ලෑස්ති වෙලා ඉන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 8 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site