
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොහෙවත් නීති සාදා මෙතැනට ගෙනැවිත් අත්උස්සන ලෙස කියා කියන්නට ලෑස්ති වෙන්න එපා ජනතාව තමා පත් කර ඇත්තේ සිග්නල් කණුවක්වීමට නොවන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) වාර්තා පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
තමා මෙතැනට පැමිණ ඇත්තේ මොන්ටිසෝරි ගිහින් නොවන බවත් එහෙම අයද සිටිය හැකි බවත් ඔහු පැවසුවේය.
තමා මෙහි පැමිණ ඇත්තේ නීති හැදීමට බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය.
සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.
පනත් වෙන තැනක හදලා මෙතන ගෙනැවිත් අපේ අත් උස්සන්න බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කරලා හරි යන්නේ නෑ.
මම නීති උපාධිය කළේ 1982දී. ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ1985 දී. පළමුවැනි අවුරුදු දහයේදී ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කතා කළා .පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවෙත් මම කතා කළා . සමහරු ඒවා දන්නෙ නැහැ. සමහරු හිතන් ඉන්නේ අපි මොන්ටිසෝරි ගිහින් ඇවිල්ල කියල කොහෙවත් හදනවා නීති. උපදේශක කාරක සභාවට ගේනවා. ඉතින් මෙතැනදි අපි අත උස්සන්න ඕන. ජනතාව අපිව පත් කරලා තියෙන්නේ සිග්නල් කණු වෙන්න නෙවෙයි කියන එක මේ වාර්තාවත් එක්ක මම කියනවා .ඒ කාර්යභාරය තමයි අපි ඉටු කරල තියෙන්නෙ.
මේවා කියන්න අපි බය වෙන්නේ නැහැ. අපි ඡන්දෙන් පත්වෙලා ඉන්නේ. පාර්ලිමේන්තුවේ කෝ මූල්‍ය පාලනය. අද සමහරු දන්නේ නැහැ ව්‍යවස්ථා හදන්නේ කොහොමද කියලා. පසුගිය පාලන කාලයේදී අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කළා. එතනදි ක්‍රියාදාමයකට ගියා. මොකක්ද ක්‍රියාදාමය.පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් සම්මත කළා. පස්සේ තේරීම් කාරක සභාවක් පත් කළා.අනු කමිටු හයක් හැදුවා. ඒ අනු කමිටුවක් අයට තමයි විද්වතුන් තාක්ෂණ සහාය දුන්නේ. නැත්නම් මේක ව්‍යවස්ථාදායකයද. අපි මොකද මෙතන ඉන්නේ. මම සන්ධානයේ ලේකම් වෙලා හිටියා. කවදාවත් ජාතික ලැයිස්තුවෙන් ගියේ නෑ. නාමයෝජනා 12ක් හැදුවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මහත්තයාගේ නාමයෝජනා තුනක් අස්සන් කරල තියෙනවා.සමහරුන්ට ඒවා මතකත් නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිග්නල් කණුවෙන් නම් මොකක් හරි ක්‍රියාවක් සිද්ද වෙනවනේ ඉතින්...
ඔබලාට සිග්නල් කනුවක්වත් වෙන්න ඇහැකියෑ...
සමහරුන්ට ඒවා මතකත් නෑ... ඔබගේ අදහස් වලින්ම පෙනීයනුයේ රටට දේශපාලනය වෙනසක් අත්‍යාවශ්‍ය බව නොවේද?
දශක ගණනාවක් ලංකා පාර්ලිමේන්තුවේ වුනේ 100%ක්ම බලය උදෙසා අත උස්සපු එක විතරයි... අද සියලු ලංකාවාසීන් අත් විඳිමින් ඉන්නේ ඒ ශාපයයි... දේශපාලකයාට සුදුසු කමක්, හොඳක්, නරකක් අවශ්‍ය වුනේ නැහැ. සමාජ මෙහෙවරක් වෙනුවට ජනතාවට ලැබුණු සෙත නම් දේශපාලකයා රටේ සම්පත් කොල්ල කා දැමීමයි. අවසානයේ ජනතාව කරපු වැරැද්දට ඔවුන්ට විඳවන්න සිදු වුණා. දැන් ජනයා ජීවත් වෙන්න සුදුසු පරිසරයක් සොයන්නට පාස් පොර්ට් පෝලිමේ කාලය ගත කරනවා . ඒකයි ඇත්ත... ජනතාව වැඩි කල් යන්නට පෙර ගුවන් තොටුපොළට ගොස් එහි තිබෙන ගුවන් යානා වල තටුඋඩ හිටන් නැගලා ශ්‍රී ලංකාවෙන් පිටව යන්නට උත්සාහ කරන දිනය වැඩි ඈතක නෙමේ...
දහනමයට උස්සපු අත ද්විත්ව පුරවැසියකුට මන්ත්‍රී ධූරය දීමට විස්සටත් එසවුනේ සූස්තියක් ගහල ඉන්න වෙලාවක වෙන්න ඇති.
දැන්වත් තේරුම් ගත්ත එක ලොකු දෙයක්
ඔය කිව්වට සිග්නල් කණු වගේ තමයි ඉන්නේ . එකපාරට බොරුවට ලොකු සද්දයක් දාල ආපහු සිග්නල් කණු වගේම ඉන්නවා .
ඔබ කියන දේ හරියටම හරි. මා කලින්ද සඳහන් කළ පරිදි නිදහසින් පසු වසර 73ක් ඇතුළත මේ රටට ව්‍යවස්ථා 3ක් පටවා තිබෙනවා. පසුගිය 1972 ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක අතර පරතරය බලන්න.
සිග්නල් කණුත් ගෙනල්ලා කියලා කතිරේ ගස්සා ගෙන අපේ නියෝජිතයෝ කියලා පුටු වල හිටෝලා තියෙන නිසා තමයි මිනිස්සු ඔහොම කියන්නේ
20 වෙනි සංශෝධනයට අත උස්සලා සිග්නල් කණු වෙලා, දැං බලු වෙලා ඉන්න ඇමැටිලා බුරනවා වගෙයි මට දැනෙන්නෙ. මේ අය දශක කීයක් පාර්ලිමේන්තුවේ සිග්නල් දැම්මද? නමුත් මහින්ද සුළගෙ යන කොටවත් රාජපක්ෂලාට විරුද්ධ වෙන්න ධෛර්යය ලැබුණු එකට සතුටුයි.
20 ට අත උස්සලා දැන් කියනවා සිග්නල් කණු නෙවේලු.. කාට කියන්නද මෙව්වා..?
කාටද මෙයා බණින්නේ... මේ බැණීමත් මහජනයාට පෙන්නන්න කරන මගඩියක්... මේ අය හැමදාම කළේ මහින්දගේ පස්සෙන් යන එක.., නැතිනම් යහපාලකයින්ට බැල මෙහෙවරකම් කිරීම... මේ අය හරි දෙයක් කළා නම් අද අපිට මෙහෙම අන්ත දුකක් විඳින්න වෙන්නේ නැහැ. කට්ට කයිරාටිකයින්...!!!
දැන් ඕවා කිව්වාට වැඩක් නැහැ මහත්තයෝ... ඔයත් ඊළඟ ඡන්දෙදී විශ්‍රාම යන්න ඕනෑ කෙනෙක් තමයි.
හා හා! මොකද හිතේ අමාරුවෙන්...? දැන් කීයක්වත් අතට ලැබෙන්නේ නැද්ද උන්නැහේ? 225ම කිසිම වැඩකට නැති හාල් පාරුවන්. අපි ඒක හොඳින්ම දන්නවා. 77න් පස්සේ ඔය ගුබ්බෑයමේ ඉන්නේ හොරු, වන්චාකාරයෝ, මිනිමරුවෝ....
මොකෝ මේ හීනෙන් බය වෙලා වගේ. රටට අහිතකර පනත් කීයකට මේ වෙනකොට අත උස්සල තියෙනවද? ඔබ විධායක ජනපති බලය වැඩි කරන්න 18 සංශෝධනයටත්, එය නැති කරන්න ආයේ 19 ටත්, අායෙත් උපරිම ලෙස වැඩි කරන්න 20ටත්, පොර්ට් සිටි පනතටත්, හොරකම් කරපු සල්ලි නීත්‍යානුකූල කරන්නත්, ද්විත්ව පුරවැසියන්ට රටේ ඉහළම තනතුරු දැරීමට හැකිවන නීතිවලටත් අත උස්සපු කෙනෙක්.. ඔබ කිසිම දිනක රට ගැන හිතා අත උස්සපු කෙනෙක් නෙමෙයි..
අනේ නිකන් යන්න...
20 ගොඩදාගන්නකම් සිග්නල් කණු... ඊට පස්සේ පඹයෝ...
ඉතා හොඳයි. කෙලින් වැඩ කරන රටට ආදරේ ඇති අයට වරදින්නේ නැහැ.
සිග්නල් කණු වෙන්න එපා.. මොකද සැලුන් දොර ඇරලා තියෙන්නේ...
ඊ ලඟ ආන්ඩුවෙත් ඇමති කෙනෙක් වෙන්න මේ කුරුමානම
ඕවා හිතන්න තිබුනා 19 වැනි සංශෝධනය ආපස්සට හරවන්න කලින්. විධායකයට අසීමිත බලයක් දීලා බල තුලනය නැති කරන වෙලාවේ ඔය කියන අත්දැකිම් හා නුවණ කොහෙද තිබුනේ? දැන් අධිකරණය හා පාර්ලුමේන්තුව නිකන් ආයතන විතරයි. ඉහළින් එන නියෝගය තමා නිතිය.
ඕව අපිට කියල වැඩක් නෑ හරියට හිතට එකඟව වැඩ කරන්න බැහැල යන්න. ඔට්ටුයි එහෙම කැරෙන්නේ නෑ කියල.
අසව්! අසව් !!, සිග්නල් කනුවක් කථා කරයි !!!
ආයෙත් කම්මුල් පාරක් කන්නද කොහේදෝ හදන්නේ..?.
19 සංශෝධනය වෙනුවෙන් අත උස්සපු හැම කෙනෙක්ම ජාති ද්‍රෝහී, දේශ ද්‍රෝහි කාලකන්නි. දැන් නුඹලාටම ඒක වැටහෙන්නට ඕනෑ. ඒ පාපකර්මයට හවුල් වූ කිසිවකුට යහතින් මියයාමට හැකි නොවේවා...!!!
ඔහෙලා රාජපක්ෂලාට සිග්නල් කණු වෙන්න?.. අනේ කවුද ඒ වැරදි වැටහීම දුන්නේ...? ඔහේලා මැදමුලන තියන රබර් සෙරෙප්පු... අඩුගානේ සපත්තුවත් නෙමෙයි...
දැන්නම් මිනිස්සු සිග්නල් කනුවකට තරම්වත් මායිම් කරන්නේ නෑ
ගිනිකන්ද පුපුරන්න පටන් ගෙන වගෙයි
වැරැද්ද දුටු තැන කතා කරන්න. එකටයි ජනතාව ඔබලාව ඔතනට යැව්වේ.