

(අලව්ව මුදියන්සේ)
“අපි ඉන්නේ තාම අඳුරේ අතපත ගාමින් කියලයි මට හිතෙන්නේ. අපේ රටේ මේ වර්තමාන සාකච්ඡාවන් පිළිබඳව, මේ රටේ දීර්ඝ කාලයක් මන්ත්‍රීකම් ඇමතිකම් දරාපු මට හරි කනගාටුවක් හිතෙනවා” යැයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අද( 01) පොල්ගහවෙල පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ කීය.
“අද මුළු ලෝකයම එක්තරා විදිහකට සන්ධිස්ථානයක රැඳිලා ඉන්නවා. අපි හැමෝම අද කෝවිඩ් කියන වසංගතයට ගොදුරු වෙන්න පටන් අරගෙන තියෙන රටවල්වලින් එකක් බවට පත්වෙලා. මේකෙන් අපි කාටවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රවේසම, නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් පමණයි අපට එයින් ගැලවිය හැක්කේ. ඒ වුණත් අපි අද අවුරුදු 72 ක නිදහසින් පස්සෙ මට කල්පනා වෙනවා අද අපි තාමත් සමහර ග්‍රාම්‍ය මතවල රැඳිලා ඉන්නේ කියලා. මේ දවස්වල අපට පේනවා රටක් දියුණු කරන ක්‍රමවේදයන් පිළිබදව අපි තර්ක කරනවා. අපි කොහොමද නැගෙනහිර ජැටිය දියුණු කරන්නේ කියලා. අපි අහනවා ඒක කාට හරි දෙනවද කියලා, බටහිර ජැටියක් තියෙනව ද කියලා. නමුත් අපි සාකච්ඡා නොකරන එකම දෙයක් තියෙනවා. ඒ තමයි අපේ රටේ ආර්ථික දියුණුව ඇති කරන්නේ කොහොමද කියලා.
මේ සඳහා විශ්වවිද්‍යාලවල විවිධ මහාචාර්යතුමන්ලා ඉන්නවා. විවිධ ක්ෂේත්‍රවල අය ඉන්නවා. නමුත් මම කිසිම තැනක අහල නැහැ අපේ රටේ දියුණු කරන ආකාරය ගැන ඒ අය කතා කරනවා. කවුරු හරි මොකක් හරි පටන් ගත්තොත් ඒක හොඳ නෑ කියන්න ගොඩක් අය ඉන්නවා. මට කියන්න තියෙන්නෙ අපි ඉන්නේ තවම මුල්තැන කියලා.
ලෝකය අද ගොඩක් දියුණුයි ඉන්දියාව, බංග්ලාදේශය ,වියට්නාමය, තායිලන්තය වැනි රටවල් කොච්චර දියුණුද කියලා අපි දන්නේත් නෑ. හැබැයි අපි තවම දියුණු වෙන මොඩලය ගැන තර්ක ඇති කරගෙන ඉන්නවා. මං හිතනවා අපි කවුරු තර්ක කරන්නේ නොවැදගත් තර්ක කියලා . මේ තර්ක කිරීම නොවෙයි වැදගත් වන්නේ, අපේ රට දියුණු කිරීමට ඕන කරන ක්‍රමවේදය මොකක්ද කියලා, ඒකට කොහොමද ආයෝජන අරගන්නේ කියලා, ඒ ආයෝජනවලින් අපි රටට අයහපතක් වෙන් නැත්තෙ මොකද කියලා අපි කතා කරන්නේ නැහැ. ඒ නිසා තාමත් දියුණු වන රටක් හැටියට හැමදාම විවේචන ඉස්සර කරගෙන අපි ඇත්ත පස්සට දානවා.
මම මේ කතා කරන්නේ හැම දේශපාලන පක්ෂයකටම වගේම සෑම අංශයකම විවේචකයින්ට පමණක් නොව සාධාරණ අදහස් දරන හැමෝටම. මොකද අපි ඒ අදහස ඉස්සරහට ගෙනල්ලා නැහැ. ඒ නිසා අපි මතක තියාගන්න අවශ්‍යයි දියුණුව කියන්නේ මොකක්ද, ඒකෙන් අපි ජනතාවට ලබා දෙන්න බලාපොරොත්තු වන දේ මොනවද, හැමදාම ජනතාවට දුක් කම්කටොලු උරුම කරනවද, එහෙම නැත්නම් අපි ලෝකෙ දියුණු රටවල් එක්ක සංසන්දනය කරන තාක්ෂණික වෙනසකට යනවද කියල. අද අපි සාකච්ඡා කරලා නැහැ ඒවා.
මට කනගාටුයි ඒක කියන්න. අපේ ආණ්ඩු කතා කරන්නෙත් නැහැ, විරුද්ධ පක්ෂ කතා කරන්නෙත් නෑ, කවුරුත් කතා කරන්නෑ. ඒක මග ඇරලා තමන්ගේ ආධිපත්‍ය නැත්නම් තමන්ගේ දේශපාලන දර්ශනය ඉදිරිපත් කරන කාරණා ගැන පමණක් කතා කරනවා. මේක අපි නවත්තල දාල අපේ රටේ දියුණු කරන ආකාරය පිළිබඳ බුද්ධිමත් සංවාදයක් නිර්මාණය කරගන්න කාලය ඇවිල්ල තියෙනවා කියලා මට හිතෙනවා.
මෙය කරන්න පුළුවන් වන්නේ රජය පමණක් එකතු වෙලාද, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ එකතුවෙන් ද, නැතිනම් රාජ්‍ය හා විදේශ ආයෝජන එකතු වෙලාද ප්‍රාග්ධනය හොයාගන්නෙ කොහොමද, අපේ භාණ්ඩ පිටරට ද අලෙවි කරන්නේ කෙසේද, කියන එක ගැන අපි ඉන්නේ තාම අඳුරේ අතපත ගාමින් කියලයි මට හිතෙන්නේ. මේ රටේ දීර්ඝ කාලයක් මන්ත්‍රීකමක් දරාපු ඇමතිකමක් දරාපු මට හරි කනගාටුවක් හිතෙනවා අපේ රටේ මේ වර්තමාන සාකච්ඡාවන් හුදු පෞද්ගලික සාකච්ඡාවන් බවට පත් පත් වීම ගැන. මම යෝජනා කරන්නේ ඒවා පොදු සාකච්ඡා බවට පත් විය යුතුයි කියලා.
සමහර රටවල් වල තාක්ෂණය ඉතා දියුණුයි. අපේ යාබද රට ඉන්දියාවේ හදන එන්නතක් තමයි අද අපි කොවිඩ්වලට පාවිච්චි කරන්නේ. ඒ රටේ තාක්ෂණ දියුණුව ගැන අපි කතා කරලා නැහැ. තාක්ෂණ දියුණුව අපේ රටට ලබා ගන්නේ කොහොමද කියලා කතා කරලා නැහැ. ලෝකයේ වෙනත් රටවල්වල තිබෙන දියුණු අපි ලබා ගන්නේ කොහොමද කියලා කතා කරලා නැහැ. රාජ්‍ය අංශයට හොඳ කළමනාකරණයක් ඇති කරන්නේ කොහොමද කියලා කතා කරලත් නැහැ.
අපේ ආයතන ලාභදායී කරන ක්‍රමයක් පිළිබඳව ඒ වන තෙක් කතා කරලා නැහැ. සෑම විටම වෘත්තීය සමිතිවල උවමනාවට විතරක් ඉදිරිපත් කරලා රටේ පොදු මහ ජනතාවගේ විශාල බලාපොරොත්තු නැති කර දැමීම පිළිබඳ සාකච්ඡාව වෙනත් මගකට යොමු විය යුතුයැයි මම කල්පනා කරනවා.
ලෝකයේ දියුණු වෙලා තියෙන්නෙ නවීන පාලන හා කළමනාකරණ වගේම නවීන තාක්ෂණික උපක්‍රම සමග විතරයි ලෝකෙ වෙනත් මගකට යොමු විය යුතුයැයි මම කල්පනා කරනවා. ලෝකයේ දියුණු වෙලා තියෙන්නෙ නවීන පාලන හා කළමනාකරණ වගේම නවීන තාක්ෂණික උපක්‍රම සමග විතරයි ලෝකෙ දියුණු වෙන්නේ. අනෙක් කිසිම දෙයක් වැඩක් නැහැ. ඒවා හුදු මනඃකල්පිත විතරයි. ඒ නිසා රටක් හැටියට අපි දියුණු වෙනවනම් ඒ ක්‍රමයන් ගැන කල්පනා කරන, නව පරම්පරාවක්, නව දේශපාලන සංස්කෘතියක්, නව දේශපාලන අදහස් උදහස්, අපේ රටට ගෙනාවොත් පමණයි මේ රටේ දුප්පත්කම තුරන් කරලා හැමෝටම සාධාරණ අවස්ථාවකින් තුන්වේලම කාලා, හැමෝටම හොඳ ආදායමක් ලැබෙන රටක් බවට අපට පත් කරන්න පුළුවන් වන්නේ” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, අපි ගැනම කණගාටුවක් ඇතිවෙනවා. රටවැසියනු වූ අපි මෙතෙක් කල් පාර්ලිමේන්තු ගිහිල්ලා මොනවද කළේ කියලා... දැන්වත් මේ වගේ අය යවන්න ඕනේ..
අපිත් එහෙමයි සර්... 77න් පස්සේ... කාවද පත්කරගත්තේ කියලා හිතාගන්න බැරිව අඳුරේ අතපත ගානවා.
තමුන්ගේ බුද්ධියේ තරම පේනවා. අපිට ඕක තේරුණේ දශක කීපයක ඉඳලා..ඒත් දැන් හරි තේරුම් ගිය එක ගැන සතුටුයි.
මෙච්චර කාලයක් තනතුරු දරාපු ඔබතුමා පොල්ගහවෙලට මොනවද කරේ කියලා අපිටත් කණගාටුවක් ඇතිවෙනවා.
100% ක් ඔබගේ අදහස සමග එකඟවෙමි.
ඔබතුමාලා ඡන්දෙ ගන්න මිනිස්සු ගොනාට අන්දවා නිකම් දෙන්න පොරොන්දු වෙනවා... ඉතින් රටක් හැදෙයිද?
මෙයාගේ බයිලා තමයි. පිටකෝට්ටේ තියෙන මෙයාගේ නැන්දම්මාගේ කවුරුවත් නැති වහලා තියෙන ගෙය බලාගන්නෙත් මහජන මුදලෙන් නඩත්තු වන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් විසින්නේ..
රට මේ තත්වයට එන්න වගකිවයුත්තො දේශපාලකයොමයි කියලා කිව්වා නම් මොකද?
අනේ උතුමාණෙනි, දීර්ඝ කාලයක් තිස්සේ ඔබතුමාව නඩත්තු කළ අපිට ඇති කණගාටුව කොහොමද කියලා කියන්න අවශ්‍යද?
තේරුණේ දැන් තමයි...
තට්ටු ක්‍රමයට ඔහෙලටයි..., අනිත් ගොයියන්ටයි... ඡන්දෙ දීපු අසරණ මිනිස්සුන්ට කොහොම හිතෙනවා ඇතිද ලොක්කා? බොරුවට කිඹුල් කඳුළු හලනවා...!
ඔය කතා අහන්නද 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ? 2/3 ගත්තේ... 20 සම්මත කරගත්තේ? නටන්න බැරි මිනිහාට පොළව ඇදයි කිව්වා කියන්නේ ඕකට තමයි...
අවංකව කියනවා නම් වටිනා අදහසක්...
ස්තුතියි දැනුවත් කළාට...!!! අපි මොනවා හරි කරන්න බලන්නම් ඇමැතිතුමා...
අනේ මේ ඕවා කියන්න ඔහෙලා ගැන නොදන්නා මිනිස්සුන්ට. රට කාලා කාලා හොරකම් කරලා... දැන් බුද්ධිමත් සංවාදයක් අවශ්‍යයිලු. මට හිතෙන්නේ දැන් මොලේ පහළටම බැහැලා වගේ. මේ රට මේ වගේ අඳුරු අගාධයකට ඇදලා දැම්මේ ඔබ වැනි අය මේ රට පාලනය කළ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත නිසයි. විශ්ව විද්‍යාලවල සිටින උගත් මහාචාර්යවරු 8 පාස් අයට සර් කියන්න එන්නේ නැහැ. මුළු ලෝකෙම දැක්කා නූගත් රැලක් හිටපු අග්‍රවිනිශ්චයකාරතුමියට අපහාස කරපු ආකාරය... මේ රටට කරපු අපරාධවලට කාලයක් විඳවනවා.
මේ රට දියුණු කරන්න බැහැ. මේ රටේ ජනගහනයෙන් වැඩිහරියක් ඉන්නේ මෝඩයින්... රටේ පාලකයින් ගෝත්‍රිකයෝ. අතේ කරේ ඉනේ ගෙඩි මාල පටලවාගෙන ගස්, ගල්වලට වඳින මිථ්‍යා දෘෂ්ටිකයින් හැමතැනම. කහ ඇඳගත්ත ජූජක බමුණන් හැමතැනම. අප්‍රිකාවේ මිනිස්සුත් අපිට හිනා වෙනවා. වැදි බණ අපිට ඕනෑ නැහැ.
රට දියුණු කරන්නම්... නුඹලා 225ම අයින් වෙලා ගිය දාක තමයි දියුණු කරන්න පුලුවන් වෙන්නේ.., මොකද රටට කරුමේ මේ 225 නිසා, එ්ක නිසා තරුණ උගත් පිරිසකට දැන් රට බාරදීලා යන්න පුලුවන් නම් තමයි වටින්නේ, 72 අවුරුදු මිනිස්සු මරාගෙන කෑවා මිසක් කරපු දෙයක් නැහැනේ මිනිස්සුන්ට...
මන්ත්‍රීතුමා ඔබගේ කියමන ඉතාමත්ම වටිනවා. මම එක යෝජනාවක් කරන්නද? මුලින්ම පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ට, පාර්ලිමේන්තුවේ කොහොමද හැසිරෙන්නේ? පාර්ලිමේන්තුවේ කොහොමද විනයක් ඇතුව කතා කරන්නේ..? යම් කෙනෙකු යෝජනාවක් හෝ ප්‍රශ්නයක් ඇසුවාම එයට පිළිතුරු දීම පැත්තකට තබා කිසිම හිරිකිතයක් නැතුව අනෙකාගේ චරිතය ඝාතනය කිරීම කුඩා ළමයෙක්ට කෙසේවෙතත් වැඩහිටි අපටවත් අසාගෙන ඉන්න බැරි තරමටම අප්පිරියයි.
ඔය ටික ඔයාට කළින් අපිට තේරුණා. ඔයාලාට මලයා දීලා ඒ බලය අරන් ඔයාලා තමයි අඳුරට අපිව ගෙනිච්චේ... දැන් ඇමැතිකමක් නැති නිසා වෙන්න ඇති ඕක තේරුණේ..
ඕක ඉතින් අපට කියලා වැඩක් නෑ. ලොක්කෝ දෙන්නට කීවානං....
අන්න පක්ෂ භේදයෙන් තොරව හොඳයි යැයි කියන්න පුළුවන් කතාවක්... වැදගත් යමක් ගත හැකි කථාවක්. මේ කථාව කියවද්දී මට මතක් වුණා එක අවංක තරුණයෙක් ගැන... දේශපාලනය කරන්න ආපු එක තරුණයෙක් ගැන. ඔහු මෙරට, බටහිර රටවල ආධ්‍යාපනය හදාරලා තරුණ වයසේදීම ශ්‍රී.ල.නි.ප. යෙන් සිසුවෙක්, තරුණ සංවිධාන ක්‍රියාකාරිකයෙක් ලෙස බිම් මට්ටමේ සිටම වැඩකරලා ඉහළට ආවා. අවසානයේ තමන්ට අභියෝගයක් වේ යැයි සිතා මරන්නත් හැදූ වාර අනන්තයි. ප්‍රාදේශීය සභාවකට හෝ ඔහුට තරඟ කරන්න ඉඩ දුන්නෑ. ඔහු රට අත්හැරලා බටහිර රටක පදිංචියට ගියා. අලුත් අදහස් වලට, උගත් තරුණයින්ට එහෙම සලකන රටකට අනාගතයක් කොහෙන්ද?
ඔබතුමන්ලා පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්නේ ඒවාට අවශ්‍ය කරන ප්‍රතිපත්ති හදන්න තමයි. ඔබතුමන්ලාටත් දැන් මතක් වෙන්නේ මුකුත් කරලා නැහැ කියලා. දැන් ඉතින් අවුලක් නැහැනේ... ඊළඟ පාර ගෙදර හිටියත් පෙන්ෂන් එක හම්බවෙනවනේ රටේ ටැක්ස් ගෙවන ජනතාවට පින් සිද්ද වෙන්න...
මේ මහත්තයාට එතුරාර්ය සත්‍යය අවබෝධවෙලා තියෙන්නේ මොකෝ මේ හදිස්සියේම..? කෝවිඩ් ආසාදනයක් වෙලාද? අපි ලව්වා අඳුරේ අතපත ගාවන්නේ කවුද කියලා... කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න. කොහොම හිනාවෙන්නද මන් දන්නේ නැහැ මේවට..?
පුරුදු මිනිහා අඳුරේ වුණත් අතපත ගාන්නේ නැහැ...
දීර්ඝ කාලයක් කරපු ඇමැතිකම්වල කෙරුවාව නිසා තමයි දැන් අපිට පව් ගෙවන්න වෙලා තියෙන්නේ... රටේම තිබුණු ධනය එක් එක් කොන්ත්‍රාත් කාරයින් ලව්වා සාක්කුවලට දමාගත්තා. රටේ තිබුණු ධනයෙන් අධි සුඛෝපභෝගී වාහන ගෙන්නගෙන එව්වාට බදු නොගෙවන්න පනත් තමුන්ලා විසින්ම පාස්කර ගත්තා. හරිනම් මෙලහට මහඋලුගෙදර ඉන්න ඕනෑ කට්ටියනේ මේ...