IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අපේ අයට රතු එළියක් පෙන්නුවා

(දයාරත්න ඇඹෝගම)

‘‘පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හයියත් පොඩ්ඩක් පෙන්නන්න ඕනේ කියලා තමයි එදා පොඩි සෙල්ලමක් දාලා ඇමැතිවරුන් දෙන්නෙකුගේ වැය ශීර්ෂ පරාජය කළේ.  අපි පොඩ්ඩක් අපේ අයට රෙඩ් ලයිට් එකක් පෙන්නුවා.‘‘  යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ හබරණ පළුගස් වැව ශ්‍රී ආලෝක විහාරස්ථානයේ ශ්‍රී රාහුල දහම් පාසලේ විවිධ අංශ වලින් දක්ෂතා දැක් වූ දරු දැරියන් ඇගයීමත්,දහම් පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

        ‘‘අද අපි කතා කරන්න යනකොට අපේ ලංකාව විනාශ වෙලා ඉවරයි.ඒකට හේතුව තමයි හරියට දහම් අධ්‍යාපනය දරුවන්ට එදා දීපු නැති නිසා.ලෝකය දිහා අපි බලනකොට අද ලංකාව ප්‍රධාන කුඩු මධ්‍යස්ථානයක් වෙලා ඉවරයි.පාතාල ලෝකේ රටක් විදිහට නම් කරලා ඉවරයි.ලෝකයේම ප්‍රධාන ත්‍යාගයක් ලබා ගන්න පුළුවන්නම් ලංකාවට තමයි දෙන්න ඕන කියලා දැන් අද මුළු ලෝකයම කතා කරනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදීත් අහගෙන හිටියා.අපේ මැති ඇමතිගොල්ලගේ කතා.මං කණගාටුවෙන් මෙතනදී ප්‍රකාශ කරනවා.අවුරුදු 20ට පෙර හිටපු රජයයි.ඒ වගේම අපේ යහ පාලන ආණ්ඩුවට අවුරුදු 04ක් ගත වෙලා ඉවරයි.විදුලි බලය මේ දවස් වල උදේ ඉඳලා හවස් වෙනකන් දවසකට පැය 04ක් කපනවා.මේ කපලා කපලා අන්තිමට චෝදනාව කළේ කාටද අහිංසක නිලධාරී ගොල්ලට.නිලධාරීන් මේවාට පළි නෑ.

එදා යහ පාලන ආණ්ඩුව හදනකොට 2015 දී අපේ ජනාධිපතිවරයා,රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා,මුදල් ඇමති රවී කරුණානායක ඇමතිවරයා සියළුම මැති ඇමතිවරුන්ට කෝටි ගාණක් මුදල් ලබා දුන්නා.

අවුරුදු 04 ක් පාලනය කරලා අපේ පාලකයන්ට බැරි වුණා විදුලිය කපන්නේ නැතුව මේ ලංකාවේ ජනතාවට විදුලිය ලබා දෙන්න.

මොනවාද අඩුපාඩු තියෙන්නේ ලංකාවම විදුලිය නිෂ්පාදනය කරන්නේ වතුර වලින්.අව්වෙන් නිෂ්පාදනය කරනවා ඒ සම්පත් තියෙනවා.ඒ දෙක තියෙද්දිත් නිෂ්පාදනය කරන්න බැරි වෙලා ඇඟිල්ල දික්කෙරුවේ කාටවත් නෙවෙයි.අහිංසක රජයේ නිලධාරීන්ට.

එදා හොරකම් කෙරුවා හොරකම් කෙරුවා කියලා කිව්වා.අවුරුදු 20ක්.කව්ද හිරේ ගියේ.අවුරුදු 20ක් හොරකම් කරපු හොරු අද එළියේ ඉන්නවා. අහිංසක නිලධාරීන් තමයි එල්ලුම් ගහට ගියේ.

හරියට විනයක් නැතුව ගමන් කරපු නිසා තමයි අපේ ලංකාව මේ විදිහට ගමන් කරන්නේ.මම හිතන විදිහට බය වෙන්න එපා අපේ විදුලි බල ඇමති රවී කරුණානායක ඇමතිවරයා කිව්වා සිංහල අවුරුද්දෙන් පස්සේ කිසිම විදුලිය කැපීමක් නැතුව විදුලිය ලබා දෙන වගකීම බාර ගන්නවා කියලා. ඒක නිවැරදිවම වෙනවා කියලා මෙතන දී ජනතාව ඉදිරියේ මං වගකීමෙන් ප්‍රකාශ කරනවා.‘‘

 

 

 



අදහස් (0)

අපේ අයට රතු එළියක් පෙන්නුවා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31247 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13423 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 918 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site