IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අ‘පුර පාසල්හි පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණකම් වී ඇතැයි චෝදනා

 ( දයාරත්න ඇඹෝගම )

 
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති අංක 24 / 2018 චක්‍රලේඛය හේතුවෙන් අනුරාධපුර නගරයේ සහ ඒ පාසල් ආසන්නයේ වෙසෙන දරුවන් 300 කට අධික පිරිසකට ළඟම  පිහිටි පාසැලට ඇතුළුවීමේ අවස්ථාව අහිමිවී ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
                      

එම චක්‍ර ලේඛයේ සඳහන් වන්නේ දරුවාගේ පදිංචිය සනාථ කිරීම සදහා සින්නක්කර ඔප්පුව, තෑගි ඔප්පුව, දීමනා පත්‍රය, රජයේ ප්‍රදාන, දේවාල ගම් පනත යටතේ පැවරූ ඔප්පු ඉදිරිපත් කර පදිංචිය සනාථ කළ යුතු බවයි. පදිංචිය සනාථ කිරීම වෙනුවෙන් දරුවාට ලැබෙන ලකුණු ප්‍රමාණය 30කි.
                                              
එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ දෙමාපියන්ට ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති තාවකාලික බලපත්‍ර පමණි.  
                             
පාසල ආසන්නයේම පදිංචිව සිටියද පදිංචිය තහවුරු කිරීමේ නොහැකියාව නිසා මේ නිසා අනුරාධපුර, නොච්චියාගම, තඹුත්තේගම හා කැකිරාව වැනි නගරවල පාසල් ආසන්නයේ ජීවත්වන බොහෝ දරුවන්ට ගමේ පාසලට යාමේ අවස්ථාව අහිමිව ඇත.      
                                           
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.     
                              
“අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ සඳහන් පරිදි සින්නක්කර ඔප්පු, තෑගි ඔප්පු, දීමනා පත්‍ර අනුරාධපුර නගරය හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට නැහැ. ඔවුන්ට ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා නිකුත් කළ තාවකාලික බලපත්‍ර.

මේ නිසා දරුවන් 300 කට අධික පිරිසකට ළඟම පාසල අහිමි වෙලා තිබෙනවා. පළමු ශ්‍රේණියේ දරුවෙකු නිවස දුර පාසලකට රැගෙන යාම දෙමාපියන්ට අපහසුවක්.  
              
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු මේ පදිංචිය පිළිබඳව සොයා බලා මේ දරුවන්ට ළඟම පාසල ලබාදිය යුතුයි”  යැයි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා  පැවසීය.



අදහස් (0)

අ‘පුර පාසල්හි පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණකම් වී ඇතැයි චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site